Tuesday, May 17, 2011

මතවාද

ලියන්ඩ ඔනෙ ලියන්ඩ ඔනෙ කියල හිතුවට ලියන්ඩ ගත්තම මොනව ලියන්ඩද කියල හිතෙනව හෑමදාම…….
සමහර වෙලවට හොඳ දෙයක් හිතෙන කොට පෑනක් කොලයක් අතේ නෑ
සමහර වෙලවට වෑඩ අස්සේ දෙවල් මතක් වෙන්නේ
අද නන් හිතුව කොහොමහරි ලියනවා කියලා
ඈත්තටම කිව්වොත් මේක කියවන එක්කෙනෙක් දන්නවා ඈයි මන් මේක ලිව්වෙ කියලා
මේක ලියන්ඩ හේතු වුනේ යාලුවෙක් හින්දා හිතුනා යලුවොන්ගෙන්ම පටන් ගන්න.යාලුවො කිව්වම එක එක විදිහේ යාලුවො ඉන්නවා.ඔක්කොම යාලුවො තමයි.එත් එක එක අයට තියෙන්නේ එක එක විදිහෙ මතවාද.සමහර අයගේ මතවාද වලට එකඟයි වගෙම විරුද්ද මතවාදත් ඔය අතරෙ ගොඩක් තියනවා.සමහර මතවාද වල කොටසකට එකඟයි.අනිත් කොටසට එකඟ නෑ.කොහොම වුනත් කොයි දේකට වුනත් ස්තීර අදහසක් දෙන්ඩ මමත් කෑමති නෑ.ඔනම දෙයක් වෙන්ඩ පුලුවන් හෑකියාවක් තියන හින්දා.මමත් කියල කිව්වේ මගේ යාලුවෙකුත් එහෙම කියල තියෙන හින්දා.ස්තීර අවසානයක් දෙයක් දුන්නම ඒක ලොකු තර්කයක් වෙනව කියලයි එයා කියන්නේ.එකත් ඈත්ත.ඒක හෑබෑයි එය කියන්ඩ කලින් මම පෞද්ගලිකව හිතල තිබුන දෙයක්.එත් ඉතින් මෙහෙම ප්‍රසිද්දියෙ මගේ අදහසක් විතරක්  කියල ලියන කොට මගේ යාලුවා කියපු දේ අහපු තවත් කෙනෙක් ඒක මගේ අදහසක් නෙවේ කියල කියන්ඩ ඉඩ තියෙන නිසයි,එකත් ලිව්වේ.
      කොහොම වුනත් ලියන්ඩ යන්නෙ මගේ යාලුවෙක් අනුගමනය කරන පිලිවෙතක් ගෑන.පිලිවෙතක් කිව්වට ඉතින් ඒක එයාගෙ මතවාදයක් තමා.
එයා කියන්නෙ එයා ජිවත් වෙන්න අනුගමනය කරන්නේ “සියලු දෙනා සතුටු කිරිමේ පිලිවෙත” කියලා.ඒ කියන්නේ එයා අම්මත් එක්ක ඉන්න කොට අම්මා එයාව බලපොරොත්තු වෙන විදිහටයි,පෙම්වතිය ඉස්සරහදි එයා බලපොරොත්තුවෙන විදිහටයි,යාලුවො ඉස්සරහ එයාගේ ඈත්ත ප්‍රතිරුපයට  වඩාත් සමීප විදිහටයි හෑසිරෙන එක.මමත් හිතුවා එක මොහොතකදි ඒක හරි කියලා.මම කියලත් තියනවා එක තමයි හරි කියලා.එත් සමහර වෙලවට ඒකම නෙවේ හරි.හරි වෑරදි කියන එක බොහො වෙලවට සපේක්ශයි.එත් ඉතින් එක සමාජ ඒකකයක් තුල බොහො වෙලාවට සම්මතය හා අසම්මතය කියල දෙකක් තියන හින්ද ස්තිර හරි හො වෑරදි කියල දෙකක් සමජය පිලිගන්නවා.එහෙම වෙලවට හොඳ නරක සපේක්ශ වෙන්නේ කලාතුරකින්.හොඳ සහ නරක සපේක්ශ හින්ද තමයි බොහො වෙලවට ගෑටලු ඈති වෙන්නෙත්.කෙනෙක් හරියි කියල ගන්න තීරනයකින් තවත් කෙනෙක්ගේ හිත රිදෙන්න පුලුවන්.කොහොම වුනත් අපිට ඈත්තටම බෑලුවොත් හෑමොම සතුටු කරන්න බෑනේ.

සියලු දෙනා සතුටු කරන්න කියලා අපි එආ එ තෑනදි ඒ ඒ විදිහට හෑසිරුනාට අන්තිමේදි වෙන්නේ අපි ආදරේ කරන අපිට ගොඩක් ජිවිතේට ලඟ මීනිස්සු රෑවටීමකට ලක් කරන එක.කවදා හරි දවසක ඒ ආදරේ කරන මිනිස්සු අනිත් චරිතේ දෑක්කොත් හුඟක් කලකිරෙයි.හෑමොම සතුටු කිරීමේ න්යාය කියන එක සමහර වෙලාවට තමන්ගෙ ආරක්ශාවට යොදාගන්න පලිහක් වෙන්නත් පුලුවන්.ඈයි ඉතින් තමන් කියන කරන දේවල් ප්‍රශ්න කරන වෙලාවක් ආවොත් ඒවට දෙන්ඩ උත්තරත් තියෙන්ඩ එපායෑ.ඒත් ඉතින් එක අතකින් එහෙම හෑමොම සතුටු කරන්ඩ පුලුවන්නන් එකත් නරක නෑ.ඔය හෑමදෙකින්ම මිනිස්සු බලපොරොත්තු වෙන්නේ තමන්ගේ සතුටනෙ……
කොහොම උනත් ජීවත් වෙද්දි කාගෙවත් හිත රිද්දන්නෙ නෑතුව තමන්ගෙ පඩුවේ ඉන්න තියනවනන් එකත් ලොකු දෙයක්.එත්  එකට භාදා කරන්නෙත් සමාජයම තමා.

හරි වෑරදි අතරේ තීරනයක් නොගෙන ප්‍රශ්නෙන් බෑහෑර වෙන අයත් මන් ඔන තරන් දකලා තියනවා.කොච්චර මතවාද තිබ්බත් ඔය මතභේද වලට තුඩු දෙන, ප්‍රශ්න වලට මුල් වෙන, හිත රිදෙන දේවල් එන කොට ප්‍රශ්න වලට මූන දෙන්ඩ බයෙන් ප්‍රශ්න මගහරින්නේ නන් මන් තමයි….:)

10 comments:

  1. දඅගටම ලියන්න එතකොට හැමෝම සතුටු වෙයි

    ReplyDelete
  2. hey malz,,,i realy realy luv ths,,keep it up yaaa,,keep writn,,,um lukn frwrd to see mr beautfl wrtngs frm ya ,,thumbs up -chan-

    ReplyDelete
  3. hey chan,thank you.really appreciate friends comnts. :)

    ReplyDelete
  4. "සියලු දෙනා සතුටු කරන්න කියලා අපි එආ එ තෑනදි ඒ ඒ විදිහට හෑසිරුනාට අන්තිමේදි වෙන්නේ අපි ආදරේ කරන අපිට ගොඩක් ජිවිතේට ලඟ මීනිස්සු රෑවටීමකට ලක් කරන එක.කවදා හරි දවසක ඒ ආදරේ කරන මිනිස්සු අනිත් චරිතේ දෑක්කොත් හුඟක් කලකිරෙයි."

    tz damn true!!

    good work Malz, keep it up!!

    ReplyDelete
  5. ඉවසිල්ලෙන් කියවන්න ඕන.. ආව කියල කියන්නයි මේක ලිවුවේ. රෑ බෝ වී නිසා හෙට දවසේ කියවා ලියමි

    ReplyDelete
  6. ආවට ගොඩක් ස්තුතියි!කියවලා ම බලන්ඩකෝ

    ReplyDelete
  7. ඔය හැමෝටම හරියන විදිහට ඉන්න ප්‍රතිපත්තිය තියෙන්නේ කපටියන්ටයි. එකට කියන්නේ දියබරි ප්‍රතිපත්තිය කියලයි.. දියබරිය මාළුවා එනකොට මාලුවෙක් වගේ පෙනෙන්න්න ඔලුව එලියට දානවලු ඊට පස්සේ මාළුවා අල්ලන් කනවා. සර්පයා එනකොට වලිගය දානවා. එතකොට සර්පයා කන්නේ නැහැනේ.. ඔහොම ඉන්න පුළුවන් නම් මට මිත්‍රයෝ දාස් ගණනක් ඉන්න තිබුන නමුත් මගේ මතය කියලා දාන්න තියෙන නොඉවසිල්ල නිසා මට ඉන්නේ අතලොස්සයි. උනුත් ඉන්නවද කියල දන්නේ නැහැ.. හික්.. වැල යන පැත්තට මැස්ස ගහනවා කියලත් කියනවා නේද ? මට නම් කරන්න බැහැ. මම වැල මට ඕන පැත්තට ගෙනියන්නයි මැස්ස ගහන්නේ .එකෙන් අදහස් වෙන්නේ නැහැ මෝල් ගස් ගිල්ල පිඹුර වගේ ඉන්න ඕන කියල.. හැබැයි තමුන්ගේ මතය කියන්න ඕන ඒක වෙනුවෙන් වාද කරන්න ඕන.. එක වැරදි කියල පිලිගන්නත් කැමති වෙන්න ඕන..

    ReplyDelete
  8. @ සරත් ලංකාප්‍රිය මහත්මයා-ඒත් සමහර මිනිස්සුන්ට තමන්ගේ මතය කියල වැඩක් නැ.තෙරුම් ගන්නේ නැ.එ වෙලාවට හොඳම දේ තමා නිශ්ශ්බ්ද වෙන එක.අනිත් එක වාද කිරිමේ හැකියාව මත ජය පැරදුම තීරනය වෙනවනේ.සමහර මිනිස්සු වාදෙන් පැරදුනත් මතය වෙනස් කරන්නෙත් නැ.

    ReplyDelete