Sunday, May 22, 2011

ආදරය අපේක්ෂා නොකරන තරමට වින්දනය කිරීම පහසුයි!

  ලියන්ඩ යන්නේ දැනට මාස දෙකකට විතර කලින් පත්තරේ කියවපු article එකක් ගැන.ගොඩක් දෙනෙක්ට මේක කියවන්න දෙන්ඩ ඕන උනත් දෙන්ඩ බැරි වුනා.මේ article එක කියවපු දවස් වල බඳින්ඩ හිටපු අක්කි කෙනෙක්ට කියවන්ඩ දුන්නා.අන්තීමේදි හිතුනා කියවන්ඩ දීපු මෝඩකම කියලා.දැන්නං එයා බැඳලා,අදට මාසයයි.මගුල එපා වෙලා ඉන්නේ.අපිටත් එපා කරවනවා.(මන් නං කොහොමත් ඕවට නෑ.)කියවලා ඉවර වෙලා ඇහුවා මොකද්ද ඒ කියලා.මට ඉතින් ./;’;!@#$%^…………..එතකොට හිතෙනවා ලංකාවේ මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම කොහෙද තියෙන්නේ කියලා…මෙහෙම මිනිස්සුන්ටද තවත් කට්ටියක්  ෆිල්ම්ස්,පත්තර,programmes කරන්නේ කියලා.මේ මිනිස්සු (ගෑනු ) හොඳයි උදේ 8 ඉඳන් උයන පිහන රෙදි අන්දන ඒව බලන්ඩයි,රෑ 8 ඉඳන් tele drama බලන්ඩයි….

එක්කෙනෙක් හරි මේක කියවල මොනව හරි තේරුන් ගන්නවනං ලොකු දෙයක්….

මේකයි කතාව……

     ආදරේ ගැන කිසිම විශ්වසයක් නැති මිනිහෙක් හිටියා.ආදරයක් ලබාගන්න ඔහු හැම උත්සාහයක්ම දැරුවා.ඒත් ආදරයක් ලැබුනේ නැති හින්දා ඔහු තිරණය කලා ආදරේ කියල දෙයක් නැ කියල.ආදරේ කියන එකෙන් හිතට මහා වේදනාවක් මිසක් සතුටක් නැ කියලා ඔහු හැම තැනම කිය කියා ගියා.
   ආදරේ කියන්නේ මත්පැන් වගේ අබ්බැහි කරගෙන වද දෙන දෙයක් බව ඔහු කිව්වා.මත්පැන් තවකාලික සතුටක් ගෙන දුන්නත් තමන්ව විනාශ කරන හැටිත් දවස ගානෙම තමන්ට ඒක අවශ්‍ය වෙන බවත් ඔහු කිව්ව.
    ආදරේ කරන කෙනෙක් බොහෝ විට අනිත් කෙනා එක්ක තියෙන්නේ මත්පැනට අබ්බැහි වුන කෙනෙක්ගෙයි තැබැරුම්කාරයෙක්කුගෙයි අතරේ තියන සම්බන්ධය වගේ බැඳිමක් කියලයි ඔහු කිව්වෙ.තදබල ආසාවක් ඕනැකමක් තියෙන්නෙ අබ්බැහි වුනු කෙනාට,එච්චර ගානක් නැත්තෙ තැබැරුම් කාරයාට.මේ දෙන්නගෙන් අනිත් කෙනාව පාලනය කරන්නේ,අසරණ කරන්නේ,ලෙඩෙක් කරන්නේ තැබැරුම් කාරයයි.
  ආදර සම්බන්ධතාවයක් තුලදීත් වැඩියෙන් දුක් විඳින්නේ ගොඩාක් ආදරය කරන එක්කෙනා.වැඩිය ආදරේ නොකරන එක්කෙනාට එතරම් ගානක් නැ,තැබැරුම් කාරයාට ගානක් නැ වගේ.මත්පැන් නොලැබුනොත් කලකිරෙන්නේ උමතු වෙන්නේ විඳවන්නේ ඇබ්බැහි වුනු කෙනා විතරයි.ආදරේ කියල දෙයක් නැ කියල ඔය විදිහට අර පුද්ගලයා හැමෝටම විස්තර කලා.
  ආදරේ වෙනුවට තියෙන්නෙ ආත්මර්තකාමි ඕනැ එපාකම් ඉටුකර ගැනීමක් විතරයි කියලා එක එල්ලේ කියා සිටියා.ඒත් තමන්ට ආදරයක් නොලැබීම ගැන ඔහු හිටියේ තදබල හිත් වේදනාවකින්.
  දවසක් මේ පුද්ගලයා පර්ක් එකේ ඇවිදින කොට ලස්සන කාන්තාවක් බංකුවක් උඩට වෙලා අඬ අඬා හිටියා.දෙතුන් පාරක් එතනින් එහාට මෙහාට ගිය ඔහු දෙස ඇය වරින් වර කඳුලු අතරින් බැලුව.කොහොම හරි ඔහු ලංවෙලා අහුවා ඇයි අඬන්නේ කියලා.
   ඇය පිලිතුරු දුන්නේ තමන්ට ආදරෙයි කියපු කෙනෙක් තමන්ව අතහැරිය බවයි.ඇයත් කිව්වෙ ආදරේ කියලා දෙයක් නෑ,තියෙන්නේ ආත්මර්තකාමිත්වය විතරයි ,ආදරේ කියන්නෙ බොරු,මං නං විශ්වාස කරන්නෑ ආදරේ ගැන...
     තමන්ගේ අදහස් අර කාන්තාව තුල තිබීම ගැන ඔහුට ඇතිවුනේ ලොකු සතුටක්.ආදරේ ගැන විශ්වාස නොකරන එක්කෙනෙක් හරි ඉන්නවනේ කියල අර පුද්ගලයා සතුටු වුනා.පස්සේ දෙන්නම ටික ටික කුලුපග වුනා.දෙන්නම ආදරේ ගැන දැරුවේ එකම අදහස්.
   අපි මුලු හදින්ම ආදරේ කරනවා,හදවත දෙනවා,පරිත්‍යග කරගෙන ආදරේ කරනවා ,ඒත් මිනිස්සු අපි හොයන ආදරේ අපිට දෙන්නේ නැ.ආදරේ අරගෙන අපිව තනි කරලා හඬවල  යනවා මිසක්.
   මේ වගේ ආදරේ කියලා දෙයක් නැ කියන අදහසේ එල්බ ගෙන දෙන්නම කතා කලා.ඔවුන් නිතර නිතර හමුවුනා.සුහද වුනා.ආදරේ කියල දෙයක් නැති බව දිගින් දිගටම කතා කලා.ඒත් ඒ දෙන්නම එකිනෙකට මහා ගෞරවයක් තිබුනා.දෙන්නට දෙන්න දකින එක ලොකු සතුටක් වුනා.දෙන්නගෙන් එක්කෙනෙක්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වුනෙ නෑ.දොස් කිව්වෙත් නෑ. කිසිම දෙයක් demand කරෙත් නෑ.
  මේ විදිහට දෙන්න හොඳ යාලුවො වුනා.ඊර්ශ්‍යවක් දෙන්න අතරේ තිබුනේ නෑ.ආත්මර්තකාමීව කිසිම දෙයක් ලබාගන්න හැදුවෙත් නෑ.නිතර නිතර මුන ගැහෙන්න දෙන්නටම ආස හිතුනා.ඒ ලෙන්ගතු ආත්මර්තකමීත්වයෙන් තොර හැඟීමට දෙන්නම ප්‍රිය කලා.

   ඒත් ආදරේ කියලා දෙයක් නැති බව දෙන්නම තදින්ම විශ්වස කල නිසා මේ දෙන්නා අතරේ ලියලා වැඩෙන ලෙන්ගතුකම ආදරේ නම් නෙමෙයි කියලා දෙන්නම තීරණය කරලා පිලිඅරගෙන තිබුනේ.ඒත් මොකද්දෝ අමුත්තක් අර පුද්ගලයාට දනුනා.
   මට මීට කලින් මෙහෙම සතුටක් දැනිලා නැ.ඒක මිනිස්සු කියන ආදරයත් නෙමෙයි,ආගමෙන් උගන්වන පරිත්‍යගශිලි දෙයකුත් නෙවෙයි.මට එයගෙන් කිසිම දෙයක් අවශ්‍යත් නෑ.මා ගැන බලන්ඩ කියලා මට ඇයට කියන්ඩ උවමනවකුත් නෑ.මට සතුටක් දෙන එක එයාගේ වගකීමක් කියල මම මොහොතකටවත් හිතන්නෙත් නෑ.මගේ ප්‍රශ්න ගැටලු නිසා මං ඇයට දොස් කියන්නෙත් නෑ.අපි දෙන්න හමු වුනාම ගොඩාක් සතුටු වෙනවා,නැති වෙලාවට දෙන්න ගැනම දෙන්නටම මතක් වෙනවා.එය වෙන අය එක්ක කතා කරද්දි මට සැක කරන්න හේතුවකුත් නැ, ඇය හිතන නිදහස් දෙවල් ඇති.මං අහන්නෙත් නෑ,දැනගන්න ඕනෙත් නැ, මේක ආදරේ වෙන්න විදිහක් නෑ,එහෙම දෙයක් නැනේ…මේ කාන්තාව මගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ,මං බලාපොරොත්තු වෙන්නෙත් නැ,ඒත් අපේ ඇසුර නිසා අපි ඉන්නේ කොයි තරම් සතුටෙන්ද?

මේ සිතුවිලි හිතේ තියගෙන හිටියේ නෑ,ඔහු ඇයටත් කිව්ව,ඇය හිටියෙත් ඒ ස්ථාවරේමයි.

  ඔව්.අපි දෙන්න ගොඩක් සමීපයි.ඒත් ඔය මට සතුට දෙන්න බැඳිලා නැ,මම ඔයාට සතුට දෙන්න බැඳිලත් නෑ,ඔය මගේ වගකීම නෙවෙයි,ඒත් අපි දෙන්නම එකිනෙකා ගැන සලකිලිමත් වෙනවා.එගොල්ලෝ  තවදුරටත් කතා කලා.
  මේක ආදරේ වෙන්න බෑ.ආදරේ කියල දෙයක් නැති බව අපි දෙන්නම අද්දැකිමෙන් දන්නවනේ.ඒත් ඉතින් අපි සතුටෙන් නේද? අපි බඳිමු.
   දෙන්නම ඒ විදිහට හිතපු නිසා දෙන්න බඳින්න තීරණය කලා.අපි දන්නෙ නැති උනාට ආදරේ කියන්නේ මේකට වෙන්ඩ ඇති.ආදරේ බලපොරොත්තු නොවන දෙන්නෙක් එකිනෙකාට නිදහස දීලා ඒ සතුට දිහා බලගෙන සතුටු වෙන එක වෙන්න ඇති ආදරේ කියන්නේ කියලා දෙන්නා කතා වුනා.

ඒ කතාව නං ඉවර නෑ. ඒත් අවශ්‍ය දේ තෙරුම් ගන්න ඒ ටික ඇති.

නිදහසේ සතුටෙන් ඉන්න පුලුවන් කෙනෙක් තවත් කෙනෙකුට නිදහසේ සතුටෙන් ඉන්න සැලස්වීම‍යි ආදරේ කියන්නේ…………….


11 comments:

  1. මම එකගයි කතාවට එත් ආදරය තෙරැම් අරගන්න එකත් වැදගත්......thanura

    ReplyDelete
  2. ow.eka thamai e denna anthimata thaman adaraya kiyala therum gaththu deta definition ekak denne.thanx for the cment nywy. :)

    ReplyDelete
  3. wooo ya,,ths is realy nice,,,keep up writn..:)) chan ... ps,,this on realy touchs...tl u why ltr..:)

    ReplyDelete
  4. නිදහසේ සතුටෙන් ඉන්න පුලුවන් කෙනෙක් තවත් කෙනෙකුට නිදහසේ සතුටෙන් ඉන්න සැලස්වීම‍යි ආදරේ කියන්නේ…………….මේ නිර්වචනය නම් හරියටම හරි.එකනේ නියම ආදරේ කියල දෙයක් නැත්තේ. අත්මාර්තකමය මත පදනම් උන සමබන්දයක ඔය තත්වය නැහැනේ.. ආදරේ කරලා විවාහයකින් ඉවර වෙන්නේ ඒකයි. ඔය තත්වය ඉතින් දෙමාපියෝ දරුවෝ අතරේවත් නැහැනේ !

    ReplyDelete
  5. @ සරත් ලංකාප්‍රිය මහත්මයා-එකනේ සමහර ආදර කතා විවහයෙන් කෙලවර නොවි අසම්මත ප්‍රේම විදිහට මුලු ජිවිත කාලය පුරාම සමහර මිනිස්සුන්ගේ හිත් වල තියෙන්නේ.එකිනෙකාට රිදවගෙන හිත් වල තියන ආදරය නැති කර ගන්නවට වඩා වෙනම ජිවත් වෙන එක හොඳයි කියල හිතනවත් ඇති..

    ReplyDelete
  6. මම පණ්ඩිත කතා සහ ලොකු උපදේශන කතා කියවන්න ආසම නැහැ... පටන් ගන්නකොට හිතුනේ එහෙම මගුලක් කියලා.. ඒත් අවසානය ඒ හිතිවිල්ල වෙනස් කලා...
    ඇත්තටම මේකේ අවසානය කොහොම උනත් මූලික කතා වස්තුවට සහ ඒකෙන් මතු කරන දේට මං කැමතියි සහ මගේ හිතේ තිබුන දෙයක් එළියට දැම්මා වගේ ගතියක් තියෙනවා.

    ReplyDelete
  7. එකඟයි! මමත් ඔය විදියෙ කෙනෙක්! හැබැයි මම බඳින්නෙ නෑ!

    ReplyDelete