Sunday, May 29, 2011

මහින්දාගමනය මගේ දෑසින්.....

WANING : මේ ෆිල්ම් එක පිලිබඳ මගේ අදහස පමනි.ෆිල්ම් එක බලා ඇත්ත නැත්ත තීරනය කිරීම ඔබ සතුය.

කොතනින් පටන් ගන්නද………….පටන් ගත්ත තැනින්ම පටන් ගමු.නාමාවලිය දැක්ක ගමන් හිතුනා මෙච්චර දියුනු ලොකේ වියදම් කරලා හදන ෆිල්ම් එකකට මීට වඩා හොඳ animation එකක් දාන්ඩ තිබ්බා කියල.අපේ රටේ ඉස්කොලේ යන ලමයෙකුට වුනත් මීට වඩා හොඳ animation එකක් කරන්ඩ පුලුවන්.නිසල රලක් මත පැද්දෙන නැවක් කියන්නෙ හරිම අභව්‍ය animation එකක්.

ෆිල්ම් එකට script එකක් තිබ්බද කියල නං sure නැ.මහින්දාගමනය ෆිල්ම් එකෙ පෙන්නපු කරුනුත් එක්ක පැය 2 ½ පෙන්නන්ඩ කරුනු නැති හින්දද මන්ද මුලදි ෆිල්ම් එකේ plot එක වෙනස්.මහින්දාගමනයත් එක්ක අපේ රටට ලැබුනු ශිල්ප 18 සහ තවත් වදගත් දේවල් ග්‍රහනය කරගත්තා නම් පැය 2 ½ මදි වෙන්ඩත් තිබුනා.කොහොමින් කොහොම හරි ෆ්ල්ම් එකෙ plots 2ක් තිනුනා.එකක් මහානගව රජ බිසව මරන්න හදන එක ,ඒක මහින්දාගමනයට කොහොම අදලද කියන එක තේරුම් ගන්න අමාරුයි.දෙක මහින්දාගමනය.

දෙක වසරේ ලමයින්ට  බුද්ධාගම පොතේ මහින්දාගමනය විස්තර කරනවට වඩා එක අඩියක් වත් script එකේ ඉදිරියට තියලා තිබුනේ නම් නැ.ඓතිහාසික සිද්ධියක් නිසා මීට වඩා ටිකක් හරි කරුනු සෙව්වා නම් ෆිල්ම් එක හරවත් කරන්ඩ තිබුනා.
ෆිල්ම් එක පටන් ගන්නෙම අදාලම නැති scene එකකින්.scene එකකට වියදමක් කරද්දි අඩුම තරමේ ඒscene එකෙන් ෆිල්ම් එකට කොතරම් ආලොකයක් ලැබෙනවද ,කතාවට කොච්චර අදාලද කියල හිතන්නේ නැතුව,කරන්නන් වලේ කරල තිබුන විදිහට තමා පේන්නේ.අන්තඃපුරයට කාන්තාවක් බලෙන් රැගෙනයන සහ ඒ කාන්තව පිලිබඳ අන්ශුමාත්‍රයක තරම් වත් සඳහනක් පසුව නොමැති වීම තුල ෆිල්ම් එකට ලැබෙන අලොකය මොකද්ද කියල හිතාගන්නවත් බැ.
ඉසිකිලි දැකිමෙන් රාජ පුරුෂයෝ පොකුණට වැටෙන එකත් කිසිම තේරුමක් නැ. මොකද ඉසිකිලි ඒ වගේ ආකර්ශනීය චරිතයක් බව කීම කතාවට අදාල නැති නිසා.
රට තුල සිදුවන වැදගත් පාලන කටයුතු දැක්වීම සඳහා රජතුමත් යුව රජතුමත් අතර වැව් පිලිබඳව කතා වුනත් ෆිල්ම් එක පුරාම එකදු වැවක් වත් පෙන්නන්නේ නැ.
කිසියම් දුරක් පෙන්නන කොට රූප රාමුවේ 2/3 ක වත් ඉඩක් ඉදිරියට පෙන්විය යුතු බව අමතක කරමින් මහානාග වැවේ මයිම් ගැන කතා කරන විට රූප රාමුව තුල සිටින්නේ මහානග පමණයි.
කතාවට අදාලව මහානාග මැරිමට උත්සාහ කරනේ කවුද යන්න සෙවිමට ගන්න එක උත්සාහයක් වත් පේන්න නැ.

ආරම්භයේදි ම අශෝක රජතුමාගේ රූප රාමු පෙලත් සමඟ අශෝක් ෆිල්ම් එකේ තෙරුවන් සරණ යාමේ රූප රාමු ටික අහසට පොලොව වගේ.දැක්කම ඇඬෙනවා.අශෝක් ෆිල්ම් එකේ අන්‍යගමිකයන් විසින් බුද්ධාගමට ලබාදි තිබු හරවත් බවවත් (weight එක ) මේ ෆිල්ම් එකේ දක්නට නැත.ඒ ඉන්නේ අශොක් කියල තේරුනෙත් අන්තිමට.
ෆිල්ම් එක පුරාම සංඥා භාෂාවෙන් ලොකු දෙයක් කරන්ඩ පුලුවන් වුනත් ඒ සඳහා කිසිම උත්සාහයක් දරා නැත.තිස්ස රජතුමගේ පුතාගේ දක්ෂතා පෙන්වීමත් අදාල නැ.පෙන්නුවත් ඒ තිබුන කඩු හරඹ වල කිසිම කලාත්මක බවක් නැ.(කොහොමද අශෝක් එකේ කඩු fight?) කුමාරයාගේ මරණයෙන් පසුව රජ බිසව කිසිවක් වටහාගත් බවක් පෙන්න්වනේද නැත.අශෝකට යවන මුතු හම්බවෙන scene එක ගොබ්බම ගොබ්බයි.හිටපු ගමන් උණ පඳුරක් යටින් පෙට්ටියක් හම්බ වෙනවා.අඩුම තරමේ වැවක් හරද්දි හම්බුනා කියලවත් කියන්ඩ තිබ්බා.:)

සේරු වෙලෙන්දෙක් වුනත්  එකම වෙලන්දාමක් වත් ෆිල්ම් එකේ නැත.

මහින්දාගමනයේන් රටේ පිබිදිමක් ඇති වුනා කියන්ඩ කිසිම කරුණක් ෆිල්ම් එකේ අන්තර්ගත වෙලා නැ.රජ බිසවගේ පරිවර්තනය හුවා දැක්වීමෙන් මහින්දාගමනයේ සාර්ථක බව කියන්ඩ තිබුනත් director ට ඒක මතක් වෙලා නැ.මහානාග නැවත ඇවිල්ල තෙරුවන් සරණ යෑමවත් ෆිල්ම් එකේ නැ.
*ආ ෆිල්ම් එකේ නාග ගොත්‍රිකයෝ යක්ෂයෝ වඳින්වත් තිබුනා.

කතාවේ අවසානයේ ධාතු වැඩමවීම ප්‍රඥා ගොචර නොවන අතර බුද්ධාගම මායාකාරි ෆැන්ටසියක සිර කර යථාර්තවාදි දර්ශනයක් යන්න බැහැර කර ඇත.ශ්‍රි මහා බෝධින් වහන්සේ වැඩමවන කොට, රජතුමා අලියා පිටේ යනකොට රහතන් වහන්සේලා බිමින් වැඩම කරනවා,රජතුමා තියා අරිට්ට කුමාරයත්.lol

ෆිල්ම් සෙට් එක ගැන කියනවනං කතාව පුරාම ලංකදීපය තුල එකල රාජ්‍යක් තිබුනු බවක් පෙන්නලා නැත.මාලිගාවේ දුරස්ථ දර්ශනයක් අරන් තිබුනේ කැලයක් මැදින්.රාජ්‍යක සලකුණක් වත් නැ.අබා හි මීට වඩා සර්ථකව  රාජ්‍ය ගොඩ නගල තිබුනා.මාලිගාව ඇතුලත දර්ශන වල ඉඩ ඇහිරුනු විදිහට තමයි පේන්නේ.මාලිගාවක තිබිය යුතු ඉඩකඩ සහිත විශාල ප්‍රෞඩ පෙනුම පේන්ඩ නැ. interior 2 වසරෙදි බලපු රාමායණයේ වගේ.
එලිමහන් දර්ශන වල තිබුනු ගල් කණු වල පාට ඒවා හිටවල තිබුනු ගලේ පාට ට වඩා වෙනස්.සෘජුෆෝම් වලින් පසුතල හදපු වේදිකා නාට්‍යක් වගේ.රජවාසලක ප්‍රෞඩ බව මතු වෙල තිබුනේ නැ.
*රජතුමාගේ සිංහාසනය සෘජුෆෝම් වලින් හදලා වගේ.
*රජතුමාගේ ඇඳ ප්‍රවීනාගේ ඇඳ වගේ.
*ඇතුලේ interior පිටත දේශගුණයට ගැලපෙන්නේ නැත.
*රාජ සභාව දකින්න දුකය.(Jodha akbaar වත් බලල නැද්ද මන්දා )

Costumes-රාජකීය සියලු දෙනාට සෙටින් වැනි කෘතීම රෙදි වලින් ඇඳුම් අන්දවා ඇත.ඒ කාලේ අතින් වියපු ඇඳුම් ඇන්දා කියලා නිකමටවත් හිතුනේ නැද්ද දන්නේ නැ.වේදිකා නාට්‍ය වල overact කරන්ඩ මහපු ඇඳුම් වගේ.

Dialogs-දුර්වල භාෂා භාවිතය හොඳට පේනවා.රොෂාන් රණවන ගේ පලවෙනි dialog එකම හුස්ම ගන්න break කරන තැන වැරදියි.(ෆිල්ම් එකට director කෙනෙක් ඉන්නවද??????????)ඉස්කොලේ සමිතියේ නාට්‍ය වල වගේ “අපි ‍යමු” කිව්වම “හා එහෙනං අපි යමු” වගේ වැඩකට නැති dialog වලින් පිරිලා.

Camera Angles-Camera angles  ගැන ඉගෙන ගෙන නැති වුනත් king Arthur බලපු ඕන එකෙක්ට තේරෙනවා අශ්වයෙක් දුවන කොට කොයි අන්ග්ලෙ එකෙන් ගත්තොත්ද ලස්සන කියලා.

ෆිල්ම් එකේ සාධාරණව රඟපැවා කියන්ඩ පුලුවන්,රොෂානුයි ඕශදියි.

ලියනවනං තව කෝටියක් දේවල් ලියන්ඩ පුලුවන්.ඒත් දැනට මේ ඇති.
රුපියල් 200 ගැන දුක නැ,මේකෙ වැරදිවත් බලන්ඩ පුලුවන් වුනානේ.

10 comments:

  1. ෆිල්ම් 1 නම් බලන්නම ඕනී,මේ තරමට විකාරයක් ද?හෆොයි!!

    ReplyDelete
  2. kiyala wadak ne.defa balanda.

    ReplyDelete
  3. hV to watch it first malz,,,,but nice writn again..;)) dilip

    ReplyDelete
  4. ලංකාවේ චිත්‍රපටි කර්මාන්තය ගැන නම් බොහෝම දුකයි. ලංකාවේ අපිට හොලිවුඩ් වල, බොලිවුඩ් වල වගේ තාක්ෂණය,සම්පත් නැති එක ඇත්ත. ඒත් දුක තියෙන්නේ තියන සම්පත් හරියට පාවිච්චි නොකරන එක සහ මොලේ පාවිච්චි නොකරන එක. ලංකාවේ ෆිල්ම් හදන උදවිය හිතාගෙන ඉන්නේ ලංකාවේ මිනිස්සුන්ට මොලයක් නෑ කියලා. මොකද පෙන්නන්නෙම ගොන් පාර්ට්. එහෙමත් වෙලාවකට තමයි හොඳ ෆිල්ම් එකක් එලියට එන්නේ. මෙතන තියන ලොකුම විහිළුව එහෙම තත්ව පාලනයක් නැති මිනිස්සු කතා කරනවා චිත්‍රපටි කර්මාන්තය දියුණු කරන්න අනිත් රටවල ෆිල්ම් පෙන්නන එක අඩු කරන්න. අනේ මන්ද වෙන රටක කරපු හොඳ නිර්මාණයක්වත් රස විඳින්න අපේ මිනිස්සුන්ට අවස්තාව නැතිවෙනවා ඕකෙන්....

    ReplyDelete
  5. මට නම් ඕක බලන්න හම්බවෙන එකක් නැහැ.. විචාරය නම් අපුරුයි. විචාරය නිසා බලන්න හිතුන.. නම දැක්කම මං හිතුවේ කවුරුහරි ස්තෝත්‍ර ගායනයක් කරන්න යනවා කියල වත්මන් රජු ගැන.. අඩුගනනේ එහෙම නොකර කතාව කියන්න හදපු එකත් ලොකු දෙයක්..ගොඩය හරි.. අපේ මිනිස්සුන්ව අවතක්සේරු කරන නිර්මාණ වැඩියි..

    ReplyDelete
  6. මේකට වියදම් කරාලු ලක්ෂ 650 ක්.තිසර ඉඹුලනගේ NINO LIVE බලන්ඩ හම්බුනා Kandy international film festival එකේදි.මං බලපු ලාංකීය හොඳම වානිජ චිත්‍රපටිය.වියදම් කරලා තිබුනේ ලක්ශ 120යි. අධ්‍යක්ෂකගේ නම අහලවත් තිබුනේ නැති හින්දා බලන්ඩ හිතපුවත් නැති ෆිල්ම් එකක්.ඒත් නියමයි.

    ReplyDelete
  7. මම වැඩියෙ සිංහල චිත්‍රපටි බලන්නෙ නැහැ, නමුත් මාල් ගෙ මේ අර්ත දැක්වීම මත මට මේ ෆිල්ම් එක බලන්න හිතුනා. තෑන්ක් යූ මාල්ස්.

    ReplyDelete
  8. අනේ අම්මෝ මම මේක බැලුවේ නැ.. හික් හික් බැලුව නම් මට මොනවා කියවෙයිද දන්නේ නැ..

    ReplyDelete
  9. @ පැට්ටා- anytime patz

    @ දුශ්- ;)

    ReplyDelete