Tuesday, June 7, 2011

අපි දකුණේ යයි උජාරුවෙන් කියන සියලු දෙනාට ලියමි

මෙය මා විසින් බලෙන් ඇදගත් කොක්කක් නොව,මා වෙත එල්ල කර දමා ගැසු කොක්කකි.මා කලේ එයට පිලිතුරු සැපයීම පමණි.මම අන්තවාදි උඩරැටියෙක් ද නොවෙමි.
කිසිම ජන කොට්ඨාශයක් පහත් කොට සැළැකීමද මෙයින් අපේක්ෂා නොකරයි.විරෝධතාවයක්,සාවද්‍ය දෙයක් ඇත්නම් පෙන්වා දිය හැක.


අපි දකුණේ යයි උජාරුවෙන් කියන සියලු දෙනාට ලියමි, දුටුගැමුණුගෙ සීයා ගොඨාභය මහානාග ගේ සොහොයුරෙකි.ඔහු අනුරාධපුරයෙන් පලා ගොස් රුහුණේ රාජ්‍ය පිහිටුවා ඇත.තවද මහානාග දෙවනම්පියතිස්සගේ සහෝදරයා ය.මහානාග අනුරාධපුරයෙන් ගොස් රාජ්‍ය පිහිටුවා ගැනිමට කිසිම සටනක් කර නොමැති විමෙන් පෙනෙන්නේ දකුණේ රජ්‍යක් එකල නොතිබුනු වගය.බුදුරදුන්ගේ ලංකා ගමන සිදුවු කාලයේ සිට මහානාග තෙක් කාලය තුල දකුනෙ රාජ්‍යක් තිබුනි නම් ඒ පිලිබඳ අදහස් දැක්විය හැක.මෙයින් පැහැදිලි වන්නේ දකුණේ කියලා මැරෙන්ඩ හැදුවත් දකුණේ රාජ්‍ය බිහිවී ඇත්තේ අනුරාධපුරයේ සිටි මිනිස්සුන්ගෙන්ම බවය.

තවද 1505 පෘතුගීසි පැමිනිමෙන් පසු ඔවුන් හා අවාහ විවහ වී ඔවුන්ගෙ නම් ආදිය ගත්තේ ද ඔය දකුණේ දෙශප්‍රේමි ජනතවමය.ලන්දෙසින් හා ඉන්ග්‍රීසින් පැමිනිමේදි ද එසේමය.ඔච්චර විර වික්‍රම දකුණේ වැසියන්ට බැරි උනාද පරදෙසක්කාරයෝ උඩරට ට එනකම්ම ඉන්නෙ නැතුව නවත්ත ගන්ඩ?

උඩරැටියන්ට කරන විශලම චොදනවක් තම‍යි පවාදීම.එවිට උඩරට රජකම් කර ඇත්තේ ද්‍රවිඩ රජ කෙනෙක් වන අතර ඔහු උඩරැටියෙක් නොවේ.ඒ පැහැදිලි කිරීම පවාදුන්නා නම් ය.එහෙත් උඩරට ගිවිසුම වංචාවක් බව මේ ලින්ක් එකට ගොස් සැක හැර දැනගන්න
http://si.wikipedia.org/wiki/%E0%B6%8B%E0%B6%A9%E0%B6%BB%E0%B6%A7_%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8#.E0.B6.B4.E0.B7.92.E0.B6.A7.E0.B6.B4.E0.B6.AD.E0.B7.8A_.E0.B6.AF.E0.B7.99.E0.B6.9A.E0.B6.9A.E0.B7.8A එවිට ද්‍රවිඩයෙක් වත් රට පවාදීම සිදු කර නැති බව දැනගත හැක..

මෙසේ විමසිල්ලෙන් බැලු කල දකුණේ උදවිය පාරම් බාන්නේ අනුන්ගෙ දෙයක් පිලිබඳවයි.මෙම ලිපිය ලිවීමට හේතු වුයේ අහේතුකව උඩරැටියන්ට කරන අවමන් සහ ඔවුන්ගේ පාරම් බෑමය.

ජාතියක් වශයෙන් අක්‍රමණයකට ලක්වු කල උඩරට පහතරට බේදයකින් තොරව විවිධ හේතු මත විවිධ සිදුවීම් සිදුවන බව සියලු දෙනා තෙරුම් ගත යුතුය.

31 comments:

  1. cmntlss,,,it wl hit whr it shuld...ela..:) -c-

    ReplyDelete
  2. ado e unata sudda kadugannawe galavidala ubalage walige kepuwenethnam thama ubala.......

    ReplyDelete
  3. gon katha kiyanda epa halo.manuwara rajadhaniya mulu lankawama palanaya karapu kalayak thibba.apita galen pahalata bahinda sudda ona une ne.balagena yanakota oyata nan nattak thiyanawada kiyalath sakai.poddak athagala balanda.

    ReplyDelete
  4. මෙයින් පැහැදිලි වන්නේ දකුණේ කියලා මැරෙන්ඩ හැදුවත් දකුණේ රාජ්‍ය බිහිවී ඇත්තේ අනුරාධපුරයේ සිටි මිනිස්සුන්ගෙන්ම බවය...

    අක්කා මේ කතාව කියද්දි තව ටිකක් අතීතයට ගියේ නැත්තේ ඇයි දැයි මම නොදනී අනුරාධපුරය වුනත් දකුණ වුනත් තිබෙන්නේ ලංකාවේය... නමුත් ශ්‍රී ලංකාවට සිංහල ජාතිය පැමිණියේ ඉන්දියාවේ සිටය ඊට පෙර ලංකාවේ සිටියේ යක්ෂ, නාග වැනි ගෝත්‍රිකයන් ය... එසේ නම් පෘතුගීසීන්ගෙන් නම් ගත් දකුණේ දේශප්‍රේමී ජනතාව ගැන කතා කිරීමට පෙර ඉන්දියානුවන්ගෙන් නම් ගත් දේශප්‍රේමීන් ගැනද කතා කල යුතුය... එදා යක්ෂ, නාග ගෝත්‍රිකයන් විජය කුමරු පන්නා දැමුවානං ඔබ ඔය කියනා අනුරාධපුරයට ඇපත් නැත...

    මෙසේ විමසිල්ලෙන් බැලු කල දකුණේ උදවිය පාරම් බාන්නේ අනුන්ගෙ දෙයක් පිලිබඳවයි

    දැන් උඩරැටියෙක් ලෙස ඔබ ආඩම්බර වෙන්නේ යක්ෂ නාග ගෝත්‍රිකයන් මරා දමා අල්ලාගත් රටක සිට බව ඔබට අමතක වූවාද? එතකොට ඔබ ඔයහැටි කියවන්නේ තමන්ගේ දෙයක් ගැනද? නැතිනම් වෙනත් අයෙකුට අයත් දෙයක් ගැනද?

    මම පෞද්ගලිකව පාවාදීම ගැන උඩරැටියන්ට ඇගිල්ල දික් නොකරමි ඒ වෙන කිසිවක් නිසා නොව එම පාවාදීම කලේ කිහිප දෙනෙකු වූ නිසාය සෑම උඩරැටියෙක්ම ඊට දායක වුයේ නැත දකුණ ගැන ගත්තද ඒ ටිකමය පිරිසක් රට වෙනුවෙන් සටන් කරද්දී තමන්ගේ බඩ ගැන පමනක් සිතූ *&^% රැලක්ද මේ දෙගොල්ලන් අතරම විය ඇත්තටම එය අපගේ අවාසනාවය ඇගිල්ල දික් කිරිය යුත්තේ උන්ටය... තව කියන්නට දේවල් නං ගොඩක් තියේ ඒත් දැන් ඇති වගේ...

    අවසාන වශයෙන් අක්කාට කොක්ක දමා ගැසූ පුද්ගලයා පිලිබද දැනගැනීමට කැමැත්තෙමි...

    ReplyDelete
  5. malli,
    ජාතියක් වශයෙන් අක්‍රමණයකට ලක්වු කල උඩරට පහතරට බේදයකින් තොරව විවිධ හේතු මත විවිධ සිදුවීම් සිදුවන බව සියලු දෙනා තෙරුම් ගත යුතුය. mama meken adhahas karanne me siyalu sidhdhiya gana saha ekenekta angilla digu kirima saradharana nowana bawa danna nisaya.akramanayak ho sankaramanayak wimethi danskuthika wenas weem sidhuwana bawa siyalu dena therum gatha yuthui.

    almeda,fernando wani nam wage sinhala minissu gaththa indiyanu nam thiyanawanam malli poddak kiyanawada?danne nethi nisa sirawatama ahanne.

    anith eka me post eken mama udaratiyek widihata adambara wenawa kiya kisima thanaka hangaweemak wath sidhi kara nomathi bawa sithami.meya chodanawakata ella kala pilithuru sapayeemak pamani.

    obe tharkaya,mama udaratiyan mewa mewa kala yayi kiyana karunak pahatharatiyan kalanam sadaranaya.namuth owun kiyanne dutugamunu nam dhakune wasiya sinhalaya eksesath kala bawa haa ese kala hakke thawath dakune wasiyektama pamanak bawai.

    indiyanuwan rata alla gaththanam oba ho mama owungen pawath ennan wiya haka.dakune inne yaksha haa naga gothrikayangen pawatha ena original sinhalun keemata sakshi thiyanawada kiya nodanimi.ese nathnam ekama base ekak uda indagena ethanin ehata thiyana wenaskam gana katha karanawa wina indiyanuwangen pawatha ema gana katha kireema nishpalaya.

    ReplyDelete
  6. meya mata deerga kalayak thisse karana apahasayaki.own wadihitiyan nisa moonata kimata sith node.udaratiyan pahath kota salakeema owun winidhanshayak lesa karana nisai liyanda hithuwe.

    ReplyDelete
  7. විජය කුමරුන්ගේ ලංකා ආගමනයෙන් දැන් වසර 2500ක් පමන ගතවී ඇත... නමුත් පෘතුගීසින් ලංකාවට පැමින තාමත් ගතවී ඇත්තේ වසර 500ක් වැනිකෙටි කාලයක් පමනි... ඉතින් මීට වසර 2500කට පෙර තිබූ නම් වලට වඩා දැන් නම් වෙනස් වීම අනිවාර්යය.. නමුත් මහේශ්, වරුණ වැනි ඉන්දියානු නම් ලාංකිකයන් අතරද ඇත... යක්ෂ නාග ගෝත්‍රිකයන් දකුණේ ජීවත් වන බව මම කොතනකවත් කියා නැත... මම කියන්නේ දකුණේ රාජ්‍යයක් ආරම්බ වන්නේ අනුරාදපුරයේ ජනතාව නිසා නම් අනුරාධපුර රාජදානිය ආරම්බ වන්නේ ඉන්දියානුවන් නිසා බවයි. ඒ නිසා දකුණේ රාජ්‍යයක් ආරම්බ වන්නේ ඔබ කියනා ආකාරයට අනුරාදපුරයේ ජනතාව නිසා නොව ඉන්දියාවේ ජනතාව නිසාය...

    dakune inne yaksha haa naga gothrikayangen pawatha ena original sinhalun keemata sakshi thiyanawada kiya nodanimi

    සිංහලුන් යනු යක්ෂ නාග ගෝත්‍රිකයන් ගෙන් පැවතගෙන එන්නන් නොවේ... අක්කාට වැරදී ඇත්තේ ඔතනය... විජය රජුගේ ලංකා ආගමනය පිලිබද කතාපුවත අසා ඇතැයි සිතමි ඒ නැතත් සිංහබාහු කතාව නොදන්නා බව අක්කාට කිව නොහැක... මේ කතාවෙන් වත් සිංහල (සිංහ ලේ) හා විජය රජු අතර ඇති සම්බන්දය අක්කාට වැටහිය යුතුය... ඔරිජිනල් යක්ෂ නාග ගෝත්‍රිකයන් තව දුරටත් අප අතර නැත... වසර 2500ක් තරම් දිගු කාලයක් එසේ ඉදීමටද හැකියාවක් නොමැත...

    කාලයත් සමග ගොඩක් දේ වෙනස් වීම සාමාන්‍ය දෙයකි එදා හා අද ඇදුම් පැලදුම් ගැන ටිකක් සිතාබලනු මැනවි... භාෂාව, සංස්කෘතිය වැනි දේ පිලිබදවද තත්වය එයමය... තව වසර 2500කින් මේ තත්වට මීටත් වඩා වෙනස්වනු ඇත... සමහර විටක ඒ කාලය වන විට සිංහලුන් කියා ජන කොටසක් සිටියාද කියා තර්ක කිරීමට මේ පොලෝතලය මත මිනිසා කියා ජීවියෙක් ඉතුරු නොවෙනු ඇත...

    ReplyDelete
  8. විජය කුමරුන්ගේ ලංකා ආගමනයෙන් දැන් වසර 2500ක් පමන ගතවී ඇත... නමුත් පෘතුගීසින් ලංකාවට පැමින තාමත් ගතවී ඇත්තේ වසර 500ක් වැනිකෙටි කාලයක් පමනි... ඉතින් මීට වසර 2500කට පෙර තිබූ නම් වලට වඩා දැන් නම් වෙනස් වීම අනිවාර්යය.. නමුත් මහේශ්, වරුණ වැනි ඉන්දියානු නම් ලාංකිකයන් අතරද ඇත... යක්ෂ නාග ගෝත්‍රිකයන් දකුණේ ජීවත් වන බව මම කොතනකවත් කියා නැත... මම කියන්නේ දකුණේ රාජ්‍යයක් ආරම්බ වන්නේ අනුරාදපුරයේ ජනතාව නිසා නම් අනුරාධපුර රාජදානිය ආරම්බ වන්නේ ඉන්දියානුවන් නිසා බවයි. ඒ නිසා දකුණේ රාජ්‍යයක් ආරම්බ වන්නේ ඔබ කියනා ආකාරයට අනුරාදපුරයේ ජනතාව නිසා නොව ඉන්දියාවේ ජනතාව නිසාය...

    udarata saha pahatharata siyaku dena indiyanuwangen pawatha enawada nadda kiyala neme man methana katha karala thiyenne.{ dutugamunu nam dhakune wasiya sinhalaya eksesath kala bawa haa ese kala hakke thawath dakune wasiyektama pamanak bawai.} menna me pilibandawa.
    siyalu janathawa indiyanuwan gen pawatha enne nan dakune minissu pamanak wisheshayen desha premi haa wirodhara wiya nohaka.

    කාලයත් සමග ගොඩක් දේ වෙනස් වීම සාමාන්‍ය දෙයකි එදා හා අද ඇදුම් පැලදුම් ගැන ටිකක් සිතාබලනු මැනවි... භාෂාව, සංස්කෘතිය වැනි දේ පිලිබදවද තත්වය එයමය... තව වසර 2500කින් මේ තත්වට මීටත් වඩා වෙනස්වනු ඇත... සමහර විටක ඒ කාලය වන විට සිංහලුන් කියා ජන කොටසක් සිටියාද කියා තර්ක කිරීමට මේ පොලෝතලය මත මිනිසා කියා ජීවියෙක් ඉතුරු නොවෙනු ඇත...

    me anthimata oya kiyala thiyaa tikata math ekangai kiyala oyata uda post eka dakkama therenda athi kiyala hithanawa.eka gana tharkayak ne.

    ReplyDelete
  9. mahesh saha waruna yana nam walata sinhala therum atha.ewa sinhala namya.anith eka man katha kare surnames gana.almeda saha fernando wani nam walata sinhala therum thianawada?

    ReplyDelete
  10. අප්පා........ සැහෙන දුර ගිහින් තියනවා. කීවට තරහ වෙන්න එපා. අපේ මිනිස්සු ආගම්, ජාති, කුල, පක්ෂ, ඒ මදිවට ඉන්න පළාත් ඔය හැම විදිහකටම බෙදිලා එක එකාට චෝදනා කර ගන්නවා. අපේ රට එතනම තියෙද්දී ලෝකේ බොහොම වේගයෙන් දුවනවා. ප්‍රශ්නේ තියෙන්නේ හැමදාමත් අපි අතීතයේ වෙච්ච වැරදි ගැන එක එකාට දොස් පවරගත්තා මිසක් කවදාවත් අතීතයේ වෙච්ච වැරදි වලින් පාඩම් ඉගෙනගත්තේ නෑ. මම දන්නේ නෑ අනිත් අය ගැන මම නම් ශ්‍රී ලංකිකයෙක්. දැන්වත් අපි ඔය බෙදිල්ල ගැන පාරම්බාන්නේ නැතිව ශ්‍රී ලාංකිකයන් විදිහට එකතුවෙලා වැඩ කරන්න බලමුද?

    ReplyDelete
  11. එකඟයි අයියා එකඟයි.මම මෙ ලිව්වේ සැහෙන කලයක් ඉවසලා බැරිම තැන.මම ඉන්නෙත් ඔය ඉන්න තැනම තමා.ඒත් මේ මිනිස්සු පිලිගන්නේම නැනේ කිව්වට.කොච්චර ඉවසුවද කිව්වොත් මේ යන්නේ අටවැනි අවුරුද්ද.අනිත් එක මගේ යලුවෝ ඔක්කොම down south අය.මට ඒ ගොල්ලොත් එක්ක කිසිම ප්‍රෂ්නයක් නැ.ඒත් මේ සමහර වැඩිහිටියොන්ට කිව්වට දෙයක් තේරෙන්නෙම නැනේ.

    ReplyDelete
  12. අක්කට මම කියන එක තේරිලා නෑ වගේ... මම කියන්නේ දුටුගැමුණු අයිති දකුණට (එයා ඉපදුන තැන) නැත්තං ඉන්දියාව (එයාගෙ මුතුන්මිත්තන්ගෙ තැන... ස්ටෙප්ස් තෘණ භුමි වලට කිව්වත් වරදක් නෑ)ඒත් ඔය දෙක අතරමැද තියන අනුරාධපුර රාජධානියට නෙවේ....

    ReplyDelete
    Replies
    1. oyage pawathma ganath oya widiyatama kiyamu balanna.

      Delete
  13. ඕකෙදි මෙහෙම දෙයකුත් තියෙනවා, දකුණේ කෙනෙක්ට ආඩම්බර වෙන්න හේතු තියෙනවා තමන් දකුණේ කියන එක ගැන, අනුරාධපුර පොළොන්නරු රාජධානි වලට එහා ගිහින් කතා කරොත්, සිංහල රජ පරම්පරාවේ ආරම්භකයා විදියට සැලකෙන මනු කියන පුද්ගලයා මාතර ප‍්‍රදේශයේ ගොවිකම් කළ අයෙකු බව ඓතිහාසික ජනප‍්‍රවාදවල සඳහන් වෙනවා. එහෙම බැලුවොත් රාජ්‍ය බිහිවුනේ දකුණේ පුද්ගලයෙක්ගෙන් බව පැහැදිලිවම කියාපාන්න පුළුවන්

    ReplyDelete
  14. අක්කේ,කමෙන්ට් එකක් දාන්න ද?නැද්ද කියල දෙපාරක් හිතපු ප්‍රශ්නයක්.
    සාමාන්‍යයෙන් අක්කේ මම දකින විදියට කෙනෙක් තමන්ගෙ ගම් පලාත ආඩම්බරෙන් කියන්න කැමතියි.ඒ තමා මම දකින මනුස්ස ස්වභාවය.ඒ අනුව මම උනත්
    "මම ගාල්ලෙ එකෙක්"
    හරි,
    "මම දකුණෙ එකෙක්"
    හරි කියල කියන්න කැමතියි කියන එක මතක් කරන්න ඕනෙ.
    ඒ වගේම එහෙම කියන්න එකම හේතුව දුටුගැමුණු රජතුමා දකුණෙ කෙනෙක් වීම[අක්කා කියන්නේ දුටුගැමුණු රජතුමා අනුරාධපුර කියලනේ.එතෙන්ට මම එන්නම්.ටිකක් ඉන්න.] ම විතරක් නෙවේ.
    කිඩෝ කියලත් තියෙනවා දුටුගැමුණු රජතුමා දකුණෙ කියන්න ඕනේ මොකද එතුමා ඉපදුනේ දකුණේ නිසා කියලා.නැත්නම් ස්ටෙප්ස් තණ බිම්.ඒ දුටුගැමුණු රජතුමාගේ මුතුන් මිත්තන්ගේ මුල් බිම් නිසා.
    අක්කා කියන විදියට,
    "දුටුගැමුණුගෙ සීයා ගොඨාභය මහානාග ගේ සොහොයුරෙකි.ඔහු අනුරාධපුරයෙන් පලා ගොස් රුහුණේ රාජ්‍ය පිහිටුවා ඇත.තවද මහානාග දෙවනම්පියතිස්සගේ සහෝදරයා ය.මහානාග අනුරාධපුරයෙන් ගොස් රාජ්‍ය පිහිටුවා ගැනිමට කිසිම සටනක් කර නොමැති විමෙන් පෙනෙන්නේ දකුණේ රජ්‍යක් එකල නොතිබුනු වගය.බුදුරදුන්ගේ ලංකා ගමන සිදුවු කාලයේ සිට මහානාග තෙක් කාලය තුල දකුනෙ රාජ්‍යක් තිබුනි නම් ඒ පිලිබඳ අදහස් දැක්විය හැක.මෙයින් පැහැදිලි වන්නේ දකුණේ කියලා මැරෙන්ඩ හැදුවත් දකුණේ රාජ්‍ය බිහිවී ඇත්තේ අනුරාධපුරයේ සිටි මිනිස්සුන්ගෙන්ම බවය."
    ඒක එහෙම නම් අපේ සීයගේ සහෝදරයා ගොවියකු වූ පමණින් මමද ගොවියකු විය යුතුය.[සරල තර්කය තේරුම් ගනු ඇතැයි සිතමි.]

    ඔබ එක්තරා සරල ගැටලුවක් ඉදිරිපත් කර ඇත.
    "ඔච්චර විර වික්‍රම දකුණේ වැසියන්ට බැරි උනාද පරදෙසක්කාරයෝ උඩරට ට එනකම්ම ඉන්නෙ නැතුව නවත්ත ගන්ඩ?"
    ඊට මම ඔබේ කෝණයෙන්ම ඔබට ගැටලුවක් ඉදිරිපත් කරමි.
    1.දුටුගැමුණු රජතුමා උඩරටත් පහු කරගෙන අනුරාධපුරේට එනකම් ඔය පැතිවල මිනිස්සුන්ට බැරි උනාද එළාර පන්නගන්න?
    2.පහතරට මිනිස්සුන්ට නවත්තගන්න බැරි උනේ පරදේසක්කාර හමුදාව.ඒත් උඩ රට්ටුන්ට බැරි උනා නේද "උඩරට පාවල දුන්න ඉතාම සුලු පිරිසව" වත් පාලනය කරගන්න?

    මම දකින සරලම දේ මෙහෙම කිව්වොත් මටනම් පේන්නේ මේ පෝස්ට් එක පල නොකියා පලා බෙදීමක් මිස,වෙන දෙයක් නෙවේ කියලා.

    *එකම ඉල්ලීමක් තියෙනව.අක්ක මේ ගැටලුවලට උත්තර දෙයි කියලා හිතනව.එතනදි සිංහලෙන් උත්තර දෙනවනම් කියවන්න ලේසියි.මොකද සිංග්ලිශ් කියවන්න අමාරු නිසා.

    අක්කෙ මේක ඔයා එක්ක තරහකට කියනව නෙවේ.මේ කියන්නේ සරලවම, දුටුගැමුණු රජතුමා රුහුණේ හෝ ඉන්දියාවේ කියනව මිසක් අනුරාධපුරේ නොවේ කියන එක විතරයි.

    බ්ලොග් අවකාශෙට අලුත් වගේ සාදරෙන් පිළිගන්නවා සිංගල බ්ලොග් අවකාශයට

    ReplyDelete
  15. @ කිඩෝ, දකුනේ ඉපදුනු හැමකෙනාම දකුනේ වෙනවා නම් දැන් නුවර ඉපදුන රාජපක්ශලා,සිල්වලා උඩරට වෙනවද?
    @ප්‍රාර්ථනා, ඔය මනු කියන ගොවියගේ කතාව නම් ඇහුවෙත් අද.මං හිතුවේ සිංහල කියන රජ පරම්පරාව පටන් ගත්තේ පන්ඩුකාඹ්හයගෙන් කියලා.මනුගේ සම්භවය මොකද්ද කියන්ඩ අපි දන්නෙ නැනේ.
    @කුරුං ගුරුං,ඔයාගෙ cmnt එකේ ප්‍රශ්න 4 යි මට පෙන්නේ.1. මට ගාල්ලේ බැරි නං ඕන තැනක කියලා කියාගත්තත් අපිට කමක් නැ,අපිට එක එක ඒව කියන්නෙ නැතුව.2.ගොවිකම කියන්නේ රස්සාවක්,මන් කතා කරන්නේ රස්සා ගැන නෙවෙ,gene එක ගැන.3.අපි කියන්නේ නැ අපි තම වීරයො,අපිට විතරඉ ලන්කාව එක්සේසත් කරන්ඩ පුලුවන් බ්ල බ්ල.. එ හින්ද එලාර එලව්වද නැද්ද කියල වැඩක් නැ.4.උඩරට පාවලා දුන්නේ නැ කියලා මන් කලින් කියලා තියනවා.

    ReplyDelete
  16. හි හි අක්කට මම කියන දේ තාමත් තේරිලා නෑ මම කියන්නේ දකුණෙ ඉපදුනු දුටුගැමුණු රජතුමාගේ සීයා (සීයාගේ සීයාද මන්දා කවුරු වුනත් ඒ නෑයා) උඩරැටියෙක් වුනාම දුටුගැමුණු රජතුමත් උඩරැටියෙක් වෙනවනං ඒ කතාව වැරදියි කියලා මොකද එහෙම හිතුවොත් ඉන්දියාව, ස්ටෙප්ස් තෘණ භූමි ඔක්කොම මනුශ්‍ය වර්ගයා අතඇරලා දාලා පෘතුවියේ උපත දක්වාම යන්න වෙනවා....

    ReplyDelete
  17. ithin malli,man kiyana ekath oyata therenne ne wage.oya ehema mulata gihin steps thana bim hari koheta hari yanawanan,oya dhakune witharak newe mulu lankawama eka moolayakin enne.ethakota man kalinuth kiwwa wage wisheshayen dakune kiyala weerayo wenne ne.oyata onna man dewani paratath kiwwa.

    ReplyDelete
  18. අක්කේ,සරලවම මම කියන්නේ වෙනම දෙයක් මෙතනදි.මෙහෙමයි,
    1.දකුනේ කෙනෙක් උනත් උඩරැටියෙක් උනත් තමන් මෙන්න මේ ගම් පළාතේ කියලා කියන්න කැමතියි.මොකද එයාලට තමන්ගේ ගම් පළාත ගැන ආඩම්බර වෙන්න කාරණා තියෙන නිසා.ඒක ඔයාට උනත් මට උනත් පොදුයි.මම කියන්නෙ නැහැ,ඔයාට එහෙම වෙන්න එපා කියලා.
    මොකද සාමාන්‍ය මනුශ්‍ය ස්වභාවය ඒක.
    2.අක්කේ රස්සාව ගැන මම කලේ ආදේයශක්.මොකද රජතුමාගේ නැදැයෙක් අනුරාධපුරේ හිටි පළියට එතුමා අනුරාධපුරේ වෙනවනම් ඒ විදියටම හැඩරුව,රස්සාව,සිතන විදි වගේ දේවල් උනත් නැදැයගෙ වගේ වෙන්න ඕන.
    3.අක්කේ එළාර එළෙව්වද නැද්ද කියන එක අදාලයි.මොකද දුටු ගැමුණු රජතුමා ශ්‍රේෂ්ඨයෙක් උනේ එළාර පන්නපු නිසා.ඒ නිසා ඒක අදාලයි අනිවාර්යයෙන්ම.ඒක එහෙම නොවුනා නම් ඔයාට මේ දුටුගැමුණු රජතුමා අනුරාධපුරේ කියලා සඳහන් කරන්න ඕන වෙන්නෙ නැ.
    4.පාවල දුන්නේ නැ?"අහල නැද්ද හෙළයේ මහා පාවාදීම ගැන?ඒකෙන් කියන්නේ රජතුමා හැංගිලා ඉඳිද්දී ඉංග්‍රීසීන්ට අල්ලලා දීපු එක ගැන.ඒක එහෙම පාවලා දෙන්න එක හේතුවක් සිංහල රදළ ප්‍රධානීන්ගේ තනතුරු නායක්කාර් වංශිකයන්ට ලබා දීම.

    ReplyDelete
  19. @ කුරුං ගුරුං,2.රස්සාවයි,හැඩරුව සහ හිතන පතන විදිහයි එක දේකට ආදෙශ කරන්ඩ බැනේ.රස්සාව කියන්නෙ ජාන වලින් එන දෙයක් නෙවේ(ගොවි කියන cast එක ගැන නෙවේ කියන්නෙ,එක එහෙම නං cast එක වෙන්ඩ ඕනේ)3.එලාර එලව්ව හින්දා දුටුගැමුනු ශ්‍රේෂ්ඨ උන එක නෙවෙනෙ මෙතන කතා කරලා තියෙන්නෙ.ඔයා ඉන්නෙ පොස්ට් එකෙන් පිටනෙ මල්ලි.මෙතන කියන්නෙ දකුනේ හින්දා දුටුගැමුනු ශ්‍රෙෂ්ඨයි කියලා ඔයගොල්ලො කියන කතාව සහ රට එක්සේසත් කරන්ඩ පුලුවන් තවත් දකුනේ වැසියෙක්ට කියලා ඔය ගොල්ලො කියන කතාව ගැන.

    නුවර ඉන්න රාජපක්ශලා සිල්වලා උඩරටද කියල අහපු එකට උත්තර දීල නැනේ.මන් හිතන විදිහට නං එ ගොල්ලො උඩරට නෙවෙ.ඔයගොල්ලො එකට එකඟ නං දුටුගැමුනු දකුනේ නෙවෙයි.ඔය ගොල්ලො ඊටත් පස්සට යන නිසා දුටුගැමුනු ස්ටෙප්ස් තන බිම් වල කියමු කො.එතකොට මල්ලි අපි ඔක්කොම එහෙනෙ.ඔයගොල්ලො විතරක් කොහොමද අමුතුවෙන් ශ්‍රෙෂ්ඨ වෙන්නේ?

    ReplyDelete
  20. අක්කේ මෙතන වෙලා තියෙන්නේ මෙහෙම දෙයක්.ඔයාගේ ලිපියේ අන්තර්ගතය කියෙව්වහම හිතෙන්නේ ඔයා ඔය කමෙන්ට් එකෙන් කියන අර්තය නෙවේ.ඒක මම හිතන්නේ මට විතරක් වෙන දෙයක් නොවේ,මොකද මට කලින් කීප දෙනෙකුත් ඒ තර්ක මතු කරල තිබ්බ නිසා.
    දුටුගැමුණු රජතුමා අනුරාධපුරේ වෙන්න කිසිම හේතුවක් නැති එකයි මම සහ කිඩෝ පැහැදිලි කලේ.නමුත් එයා ස්ටෙප්ස් තණබිම් වලට හරි රුහුණට හරි නම් වෙන්න පුලුවන් සාධාරන හේතු තියෙන එකයි අපි පැහැදිලි කලේ.
    අක්කේ කෙනෙක් නමින්ම උඩරටද?පහතරටද කියන එක තීරනය කරන්න බැහැ නේද?රාජපක්ෂලා උනත්,සිල්වලා උනත් උඩරට වෙන්න බැරිකමක් නැහැ.
    හොඳම කාරණය නම්,අක්කේ මම හිතන්නෙ කෙනෙක් පහතරට[දකුණේ හෝ බස්නාහිට හෝ කොහේ හරි]කියලා ආඩම්බරෙන් කියන එකට අර්ථවත් වෙන්නේ නැහැ දකුණේ කෙනෙක්ටම රට එක්සේසත් කරන්න පුලුවන් ය,වෙනකාටවත් බැරිය කියලා.[කෙනෙක් එහෙම කියනවනම් ඒක එහෙමම කියන්න හේතු සාධක එයාගෙන්ම අහන්න වෙනවා.හැබැයි පරණ පොත් පත් වල දකුණෙන් රජුන් බිහි වෙනව කියල කියල තියෙන කතා බොරු වෙලා නැ මම හිතන්නේ.ඒ වගේම පොත් වල එහෙම කියවෙන්න හේතු නම් මම දන්නෙත් නැ.]
    නමුත් මෙතෙක් කාලෙකට දකුණේ අය බහුතරයක් එහෙම කළ එකට දකුණෙ එකෙක් විදියට මට ආඩම්බරයි.

    ReplyDelete
  21. හොඳ වාදය.. ගොඩක් දේවල් ඉගෙන ගන්න හොඳම ක්‍රමය නම් වාද කිරීමයි.. අපේ අම්ම උඩ රට තාත්ත පාතරට මම ඒක හින්ද ලංකාවේ පුරවැසියෙක්.. හොඳ වෙලාවට එහෙම උනේ. අම්මගේ පැත්ත ගන්නත් බැහැ තාත්තගේ පැත්ත ගන්නත් බැහැ.. අපි දකින කියවන ඉතිහාසේ ලිවුවේ රජවරුයි ඒ අයගේ වන්දි බට්ට කම් කරපු අයයි හින්ද ඔවුව ගැන වාද කරලා වැඩක් නැහැ. බුදු හාමුදුරුවෝ කිවුවේ මේ මිහිමත ඉන්නේ එකම මනුස්ස ජාතියයි කියල. මම ඒක තදින්ම පිළිගන්න කෙනෙක්. සීගිරි චිත්‍ර ඇන්දේ කාශ්‍යප නෙවෙයි. හැබැයි එවුවගේ නම්බුව ගියේ එයාටයි.. යුද්ද කරන්නේ සොල්දාදුවෝ නම්බුව යන්නේ රජවරුන්ට.. සීගිරිය සිංහලයින්ගේ ජාතික වස්තුවක් හැටියට පෙන්නන්න හැදුවට කාශ්‍යපගේ අම්ම දමිල.. කුරුනෑගල ලෝකේ ලොකුම බුදු පිළිමේ අඹන්නේ ඉන්දියාවෙන් ආපු ඉන්දියන් ජාතිකයෝ..
    රවින්ද්‍රනාත් තාගෝර්ගේ ගෝරා කියවල තියෙනවද ? මේ බොළඳ බේද මොකටද කියල හිතේවි කියෙවුවොත්.. මාල්යගේ කතාව හරි ..
    ජාතියක් වශයෙන් අක්‍රමණයකට ලක්වු කල උඩරට පහතරට බේදයකින් තොරව විවිධ හේතු මත විවිධ සිදුවීම් සිදුවන බව සියලු දෙනා තෙරුම් ගත යුතුය.
    බොහොම තද දේවල් ලියල තිබ්බත් එයාගේ ලිපියේ හරය ගත්තම එය කියන්නේ උඩරට උනත් පහතරට උනත් උස පහත බවක් නැහැ කියලනේ.. එකට මම එකඟයි..

    ReplyDelete
  22. @ සරත් ලංකාප්‍රිය මහත්මයා- ගෝරා කියවලා තියනවා.අනිවර්යෙන් ඔබතුමා හරියි කියලා පිලිගන්නවා.මට මේක ලියන්ඩ උනේ මං ජාතිබේද කුල බේද සලකන නිසා නොවේ.තැනකට ගියාම මිනිස්සුන්ව හෙලා දකින විදිහ favor කරන විදිහ දැකලා.ලිපියෙන් මගේ හරිම අදහස එලියට ආවද කියලා කියන්ඩ අමාරුයි.එහෙම ලියන්ඩ පුලුවන් තරං try කරනවා.ලිපියේ හරය තෙරුම් ගත්තට සතුටුයි වගේම ස්තුතියි.

    ReplyDelete
  23. දකුණේ ගැටි ගහපු බුවාලා මෙන්ම නුවර ලමිස්සි පාට් දාපු ‍බුවීලා ද අප අතර සිටියහ. දැන් ඔක්කෝම "අපිත් කොළඹ හරිය" වෙලාය.

    ReplyDelete
  24. මගෙ අම්මෝ මෙතන ගෝරි ගොඩක්නේ...

    අනේ මංදා මගේ තාත්තා ගම්පහ..අම්මත් ගම්පහ...ඒත් මං උපන්නේ බළංගොඩ.. මොකද එතකොට අපේ තාත්තා එහෙ වැඩ කල හින්දා..ඉපදිලා අවුරුදු දෙක හමාරකින් මං ආයේ ගම්පහ පදිංචියට එනවා.. තාමත් ඉන්නේ ගම්පහ.. දැන් මං උඩ රටද පහත රටද..? (බළංගොඩ අහුවෙන්නේ උතුරට එහෙම නෙවෙයි නේද..?)

    මල විකාරයක්නේ යකෝ...

    ඔය ඔක්කෝමත් හරි ඔය පිටස්තරයා කියන දේ දැක්කම මටත් අහන්න තියෙනවා... මොකද අප්පා මේ ශ්‍රේෂ්ඨ දකුණේ ඈයොයි.. අභිමානවත් කන්ද උඩරට උදවියයි මේ අපි බුලත් පාත්තියක් හිටෝගෙන අන්නාසි ගහක් හිටෝගෙන ඉන්න බස්නාහිරටම ඇදෙන්නේ..?

    මල උලව්වේ දැන් මෙහෙ ඉඩං කෑල්ලක් ගන්ට හිතංටවත් බැහැ ඒ තරමට ගණන් ගිහින්.. අභිමානවත් කට්ටියයි ශ්‍රේෂ්ඨ කට්ටියයි මෙහෙ ඇවිත් පදිංචි වෙලා..දැන් ඉතිං ගම්පහ මං යන්ට ඕන උතුරටවත්...

    එහෙත් ඉඳිද මංදා උත්කෘෂ්ඨ ජාතියේ උන්..? එහෙම බැරිඋනොත් මං යනවා තමිල්නාඩුවටවත්..

    ReplyDelete
  25. අපේ අම්ම පහත රට, ඒ කිව්වේ දකුණේ.. තාත්ත උඩ රට, සීයල නුවර ඉදල වව්නියාවට සංක්‍රමණය වෙලා. මම ඉපදුනේ දකුණේ... හැදුනේ මඩුකන්දේ.. එත් මම වැඩිහරියක් හිටියේ රජ රට.. campus කොලබ.. work කරා කාලයක් නුවර.. දැන් අයෙත් කොලබ.. මේ මට තියන ප්‍රශ්නේ ඔය කියන විදියට මම උඩ රටද? පහත රටද? රජ රටද? මැද රටද? නැත්තම් මට ආතක් පාතක් නැද්ද? මම දන්නේ මෙච්චරයි මම ලංකාවේ..

    ReplyDelete
  26. @ හැමෝටම-මේක අහන්ඩකෝ කට්ටියම.මගේ යාලුවගේ අම්මයි තාත්තයි දෙන්නම දකුණේ.යාලුවා ඉපදුනෙ මෙහේ,නුවර.පදිංචියත් නුවර.
    ඒගොල්ලොන්ගේ ගෙදර-අපි දකුනේ අපි දකුනේ අපි දකුනේ.
    උඩරට මෝඩයෝ උඩරට මෝඩයෝ උඩරට මෝඩයෝ

    යාලුවා ගියා කැම්පස්- නංගි ගෙවල් කොහෙද?
    නුවර
    අපෝ මෙකි මේ උඩරට මැනිකේ කෙනෙක්

    දකුනේ ගැට්ටෙනුත් කැපිල්ල..
    ඕං ....

    ReplyDelete
  27. ekama le nekam thiyana paul wala aya wivahaya hethuwen,
    udarada inne mannakkara mandabuddikayo thama,

    ReplyDelete
    Replies
    1. පොස්ට් එකත් කියවලා කමෙන්ට් ටිකත් කියව්වාට පස්සේ දාලා තියන කමෙන්ට් ඒකෙන පේනවා කව්ද මන්දබුද්ධික කියලා.බොහොම ස්තුතියි කමෙන්ට් එකට.

      Delete
  28. LOL, all of you are living in the past, in a dream. Wake Up!!! It doesn't matter what happened in the past.
    Mamath Dakune Thamai, but it doesn't make me any better or worse than any one in the world. Every region in the country has a culture about which they are proud of, let them be :D

    ReplyDelete
    Replies
    1. i dont mind being proud about their culture or about anything.but they dont have a right to look down on others culture.:D

      Delete