Thursday, February 9, 2012

මිනිසා

අන්තර් අභිජනනයෙන් බිහිවන
සරු ජනිතයෙකි ඔහු
විද්‍යාත්මකව
අන්තර්ජාතිකව පලදායි වූ
ශ්‍රම ඒකකයකි ඔහු
ආර්ථිකව
අන්තර් සබඳතා ජාලයක මත
කේන්ද්‍ර නියමුවෙකි ඔහු
සමාජීයව
එහෙත් අන්තරා වූ එකෙක්දැයි
මට සිතේ ඔහු
~මිනිසෙකුව~

නිරීක්ෂකයෙකි ඔහු
ප්‍රෝටෝන් නියුට්‍රෝන වල සිට
චක්‍රාවාට පුරාවට
තම දැක්මෙන් නියමයන් පතුරන
එහි වර්ධනීය අවස්ථාවයි එසැමගේම
ඕපා අපා මවාපා විකාශනය

සන්නිවේදකයෙකි,
වචනාර්ථය භාවමය නිරුපනය
කොතෙක් දුර වීද
මවයි සජීවමය හා රුපමයව
එහි එහි ඉදිරි දැක්මේ කලාවේ
ලෙයට කිරටද වෙළඳ අගයන්
අසුරන

සිරිත් විරිත් වෙනුවට
සිරිතට විරිත්තමින්
ශිෂ්ට ආචාරය
විචාරය කරමින්
සංස්කෘතියට ශරීරකෘත කරමින්
ඉදීරියට ඇදෙන ඔහු
නුදුරේම ජය කනුව
පසුකරනු ඇත

එදිනට යෙදෙන සුබ මොහොතින්
හිස දං ගෙඩියටද
පය දඬුකඳටද
මනාව පිහිටන සේ
මාරු සිටින දිසාව බලා
නිර්වස්ත්රභාරණයෙන් සැරසි
හොඳින් ආයුර්වෙදියව මුසුකරගත්
විරේකයක් පානය කොට
"me" වෙනුවෙන්ම කැපවූ මිනිසුන්ට
දිර්ගායුෂ පතමුද???

                                             ලක්ශාන්ත බ්‍රයන් ද සිල්වා


ප.ලි- සුබ උපන්දිනයක් ලක්ෂාන් අය්යා.....

12 comments:

  1. හෆොයි එපා
    නිරිවස්තර අන්දවා
    බඩ විරේක දෙන්නට
    මොලේ ඇත්තේ මුන්ගේ
    මහා බඩවැල කොනෙහි
    අදොමුකයට ඉහලින් බැවින්
    එය පහවේවි පළමුව !!
    ඔලුවෙන් හිටවා
    පු**ට පුනීලයක් දා
    කටට ඇබයක් ගසා
    විරේකය දමනුය
    මස්තිෂ්කය හරිතැනට
    බස්සන්නට නම්..

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ ඇත්ත කතාව...

      Delete
    2. එහෙනං මැලේසියාවට වීස හදල දෙන්නකො . . . අපි එන්නං පුනීල අරං

      Delete
  2. මේ කවිය සිරාය!

    ReplyDelete
  3. සෑහෙන බැරෑරුම් කවියක්.. නියමයි... කවුද මාල්යා මේ " ලක්ශාන්ත බ්‍රයන් ද සිල්වා"

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....මගේ ගුරුවරයෙක් සහ යාලුවෙක්....:)

      Delete
  4. කවිය සිරාමය
    දවස් දෙකක් තිස්සේ තිස් අට වතාවක් කියවලා
    යාන්තමි තේරුමි ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඔයිං ගියා මදැයි..හේ හේ හේ....වෙල් කම් කිව්වා ඔන්න...

      Delete
  5. මට නං මොකුත් තේරුනේ නැත

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා ඔබා මාමේ.සමහර වෙලාවට එහෙම වෙනවා...;)

      Delete
  6. සිංහල ප්ලීස්.......
    (කවිය ලස්සනයි අක්කේ...)

    ReplyDelete