Thursday, March 1, 2012

සිහින කුමාරයා


පෙරදා,...
සවන් වදනින් සෙමෙන් කෙඳිරු
සිතින් රහසින් සුවෙන් සැනසූ
නුවන් නතුකර නිදුක් නැංවූ
ලවන් පොපියන සිනහ රැන්දු

කුමාරයා වෙනුවට...

මෙදා,
ගෙලෙන් අල්ලා ගුවනේ රැන්දු
නෙත් විදාහා වදන් විසිවූ
නොතිර සියල් රහසේ දුරුවූ
"කු" සැඟවිලා කතරේ හැංගු

මාරයා පමණි...

.


12 comments:

  1. හ්ම්ම්ම්..... හොඳයි කවිය නම්. ඕක ඉතින් ගොඩක් අය කරන චෝදනාවක්නේ. කොහොම උනත් " කු " හලාගන්න මාරයෙක් හම්බවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. "කු" ඉතින් බහුතරයක් වෙලාවට හැලෙනවා.ඒ ගැන දැනගෙන කරන දෙයක් කරන්න වෙනවා අය්යා.

      Delete
  2. ලස්සනයි කවිය.. මාල්යට එහෙම කෙනෙක් මුණ ගැහෙන්න එපා...

    ReplyDelete
    Replies
    1. මුණ නොගැහුනොත් හොඳයි.මුණ ගැහුනොත් තමයි...මොනවා කරන්නද?? කරුමේ තමා

      Delete
  3. අම්මප මේකිටත්හිතෙන දේවල් ???

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....ඕවත් කාට හරි හිතෙන්න එපාය...;)

      Delete
  4. මාරයා මේක දැක්කොත් හිතයි එයාට ලියපු එකක් කියලා.

    ReplyDelete
    Replies
    1. කියනකන් කල්පනාවට ආවේ නැනේ...

      Delete
  5. මාර අඟනන් පෙනුම සඟවා..
    දේව දූවරු මෙනිය රඟපා..
    සිනහා පාලා කෝල කරවා..
    අහිංසක කොල්ලන්ව රවටා..

    දේව සළු පිළී ගැලවි ගිය දා..
    මාර පෙනුමින් පෙනී සිටි දා..
    "කු" මාරගෙ "කු"යන්න හැරදා..
    මාර වේසෙන් සිටුම යෙහෙකා..

    ReplyDelete
  6. යතාර්ථය අවබෝධ වේගන එනව වගේ...

    ReplyDelete
    Replies
    1. :) කලින්ම අවබෝධ වෙන එක වැඩිය හොඳයිනේ...

      Delete