Wednesday, June 20, 2012

ඉතාකාව


සැලසුම් කරන විට ඔබ ඉතාකාවට යන ගමන
පතන්න දිගු මාවත්
වික්‍රමයන් ගෙන පිරි
දැනුමෙන් සපිරි
ලෙස්ට්‍රොගොනියානුවන්ට
එකැස් යෝධයා සයික්ලොප්ස් ට
සමුදුරු අදිපති පොසේයිද්රෝන් ට
බිය නොවන්න
හමු නොවේවි කිසිදා ,
ඔබ සිතිවිල්ලෙන් උසස් නම්
කදිම හැගීමෙන් ඔබේ ආත්මය වෙලාගෙන නම්
ලෙස්ට්‍රොගොනියානුවන්, සයික්ලොප්ස්, පොසේයිද්රෝන් 
හමුනොවේවි ඔබට කිසිදා,
ඔබේ ආත්මය තුල ඔවුන් රැගෙන නොයන්නේ නම්
ඔබේ හදවත ඔවුන් බලාපොරොත්තු නොවන්නේ නම්


පතන්න දිගු මාවත්
ගිම්හාන උදෑසනයෙන් සපිරි,
සොම්නසින් ප්‍රීතියෙන්
එළඹෙවී
පළමු වර දකින විට තොටුපොළ,
නවතින්න ෆිනිශියන් කඩමණ්ඩිය අසල
මිලදී ගන්න මුතු, කොරල් ,කළුවර ලී
නොයෙක සලෙලු විලවුන්
හැකි තරම්,
සැරිසරන්න පුරාන ඊජිප්ප්තු පුර පුරා
හදාරන්න සහ හදාරන්න විද්වතුන්ගෙන්


නමුත්
අමතක නොකරන්න ඉතාකාව කිසිවිටක
ලඟාවීම ඉතාකාවට අභිප්‍රායයි ඔබේ අවසන
ඉවසන්න, නැත කිසිම තදියමක්
කාලය ගතවිය යුතුය
නිමා කරන්න ඔබගේ ගමන

නැංගුරම් ලන්න ඉතාකාව අසල 
ඔබ මහලු විට
පොහොසත්ව එකතු කල දෙයින් 
මගදිගට
බලාපොරොත්තු නොවන්න 
ඉතාකාව ඔබට පිරිනමයි යැයි
පොහොසත් බව

කිමද 
අමතකද ඉතාකාව පිරි නැමූ බව
මේ සුන්දර චාරිකාව
නොවන්නට ඇය ඔබ නොයේවි 
මේ මාවත්වල
ඇයට තවත් ඉතිරි නැත යමක්
ඔබ වෙනුවෙන්...

ඉතින් ඔබට දිළිඳු යැයි හැගුනොත් ඉතාකාව, ඇය  ඔබ මුලා කර නොමැත. විදුර බව ඔබ ලැබූ, පරිචය ලඟා කරගත් ඔබ අවබෝධ විය යුතුයි, ඉතිකාවේ තේරුම, අභිප්‍රාය....



Constantine Cavafy (1863-1933)
Translated by meeeeeeeeeeeeeeeee (Malya Cruise)




ඉතාකාව - ග්‍රීසිය අසල ලෝනියන් මුහුදේ ඇති සුන්දර දිවයිනක්

ලෙස්ට්‍රොගොනියානුවන් - ග්‍රීක මිත්‍යා කතාවල එන දැවැන්ත මිනිමස් කන ගෝත්‍රයක්.ඔඩිසි එයාගේ නිවාස බලා ඉතාකාවට එන ගමනේදී ලෙස්ට්‍රොගොනියානුවන් මුණගැසෙනවා.ඔවුන් ඔඩිසිගේ මිනිසුන් විශාල ප්‍රමාණයක් ගොදුරු කරගන්නවා.ඔඩිසිගේ නැව් දොළහෙන් එකොළහක් ඔවුන් ගොදුරු කරගන්න අතර ගල්කුලක් අසල සැඟවී තිබෙන එක නැවක් සහ එම නැවේ සිටිය අය බේරෙනවා.



සයික්ලොප්ස්- ග්‍රීක මිත්ය කතාවලත් පසුව රෝම මිතාකතාවලත් එන මුලාකෘතික ජාතියක්.ඔවුන්ගේ නළල මැද ඇසක්‌ තියනවා.ආවේගාත්මක කොට්ටාශයක් ලෙස හැඳින්වෙනවා.


 පොසේයිද්රෝන් - ග්‍රීක මිත්යාකතාවල ඔලිම්පියානුවන් දොළොස්දෙනාගෙන් කෙනෙකි.මුහුදට අධිපති දෙවියා ලෙස සැලකේ.අර්ත් ෂෙකර් කියලත් හදුන්වනවා.භුමිකම්පා සිදුකරන්නේ මොහු නිසා.






10 comments:

  1. මේ අමුතු වචන ටිකේ තේරුම් ටික අන්තිමට දැම්මා නම් හොඳයි

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා.ස්තුතියි.

      Delete
    2. ඒක හොඳයි. දැන් මම මේක ආයි කියවලා බලන්නම් :)

      Delete
  2. මට නිකන් Clash Of The Titans බැලුවා වගේ...
    ඇයි අනේ මාව අඤ්ඤකොරොස් වෙලා ගියේ...
    හැබැයි අන්තිම ටික කියෙව්වාම වැඩේ තේරුනා...එළ ඈ...නියමයි..

    ReplyDelete
  3. ඕනනේ එයාට අමතක වෙච්ච හරිය මම පුරවනවා.

    යන්න ඉතාකාවට
    හැබැයි ලනු කඹ අරන් ඔක්කොම ගස් බැඳගත්තට පස්සේ
    මගදී හම්බවෙන රුසිරු ලලනාවෝ
    අතවනාවී නැවතී සුව විඳින්නට
    නවතුනොත්නම් කම්මුතුයි
    ඉතාකාවට යනතුරු බැඳ දමනු අත් පා සිත්..

    ReplyDelete
    Replies
    1. රුසිරු ලලනාවන්
      හමුවේවි මගදිගට
      කෙනෙක් තේරුම් ගත නොහැකි නම්
      ගන්න පරිචය
      සොයන්න තෝරා ගත හැකි තෙක්
      නමුත් අමතක නොකරන්න
      නැවතුම ඉතිකාවයි.

      Delete
  4. හරිම ලස්සන‍යි.....

    ReplyDelete
  5. කරකෝලා අතැරිය පාරට වැටුනා......තාම බම්ප් වෙනවා වගේ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. හොද වෙලාවට අර වචන වල තේරුම් දැම්මේ.. නැත්නම් තාම අප්සට්.. ලස්සනයි කවි ටික...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ්

      Delete