Saturday, September 22, 2012

අධ්‍යාපන වෙළඳපොල

දෙක තුනේ කැලෑසියේ 
පහ පාස් අට පාස්
එස්. එස්. සි, එච්. එස්. සි 
ඩිප්ලෝමා කැම්පාස්
එන්ට එන්ට වාඩි වෙන්ට
මෙන්න අලුත් කෝස්
දොස්තර පට්ටමේ ඉඳං
පාන් හදන රෝස්
සේල් සේල් පැයෙන් දෙකෙන්
ඉංගිරිසි පාස්
වටිනාකම් ඉහලට ඔබේ 
වගේ කඩේ ගෑස්

හෝඩියේ දරුවෙකු ඉදිරියේ මවන්නේ
හුණු කෑල්ලකින් ඇඳිය යුතු
කුරුටු චිත්රයක් නොව
විසිපස් වසරකට පසුව
ඇඳිය යුතු ව්‍යාපෘති සැලැස්මකි.

තනපුඩුව වෙනුවට පොඩි එකා
උරව්වේ සුප්පුවක්
ලොකු වෙද්දී අම්මා නොව
ඌට ඔනේ වුනේ සේප්පුවක්
ඇට මස් ලේ නහර නැ
මුළු ඇඟම ප්ලාස්ටික් සාප්පුවක්
ගුණදම් සොයන්නට ඇවිදවමු
කනප්පුවක්

අවකාශයට සාපේක්ෂව ඔබ සුදානම් නම් පහත දෑ අනුගමනය කරන්න

ළමුන්ට නම් තබද්දී දැනුවත් වෙන්න
මුලකුරු ගලපද්දී අවබෝදෙන් ඉන්න
එම්.ඒ , ඇල්. ඇල් . බි , පි. එච්.ඩි. දෙන්න
එතකොට ඕනේ නැ වාසිටියේ කටු කන්න

මොකද,

නැහැදුනු ලොකුවුන්ට නොමිලේ 
ආචාර්ය පට්ටම් දීමට වඩා
හැදෙන පොඩි වුන්ට
නොමිලේ ඒවා තෑගී කිරීමෙන්
රටේ අනාගතය වෙනුවෙන් සාපේක්ෂව වැදගත් යමක්
ලබාගත හැකි නිසා..

ලක්ශාන්ත බ්‍රයන් ද සිල්වා
උපුටාගැනීම- අවකාශයට සාපේක්ෂව කෘතියෙනි.










8 comments:

  1. ඔය කියලා තියෙන්නේ ඇත්ත අමුවෙන්ම....

    ReplyDelete
  2. හ්ම්ම්..

    ReplyDelete
  3. ඉතින් මොකේදැයි දන් වළඳන්නේ!
    මේ වගෙ කොයි තරම් නම් ලියැවෙනවද?

    දැන් මෙන්න වෙළඳ දැන්වීමක්: :)
    බ්ලොගර් සිංහල බ්ලොග් එක. මේක ඇත්තටම මේ වර්ඩ්ප්‍රෙස් ‘මට හිතෙන හැටි’ සයිට් එකේ බැක් අප් එකක්. නම මගේ ඩෙනිම My Blue Jeans
    බර වැඩි නැතිනම් ඔයාලගෙ බ්ලොග් රෝල් වල එල්ලගෙන දෙන්නකො මගේ ඩෙනිමටත් පොඩි බැක් අප් එකක්.
    හැමදාම මට තියෙන චෝදනාවක්නෙ, ‘උඹේ වදන් තදයට (WordPress-Thanks Ravi)එන්නත් අමාරුයි, කමෙන්ට් දාන්නත් අමාරුයි,’ කියලා. ඔන්න තියෙනවා බඩු!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  4. පහුගිය අවුරුදු තිස් ගානෙම ඕක තමයි සංගදිය..

    ReplyDelete
  5. කියවන්න වටින පොතක්..
    ජය වේවා...

    ReplyDelete