Thursday, September 20, 2012

කලර් (colour) බැලුවෙමි..

ඉස්සෙල්ලාම කියන්න ඕනේ.මේක මගේ බ්ලොග් එක.ඒ හින්දා ලියන්නේ මට හිතෙන මම දකින විදිහ.වෙන කෙනෙකුට එකම දේ දිහා වෙනස් විදිහකට බලලා වෙනස් කමෙන්ට් එකක් දෙන්න පුළුවන්. ඒත් මේ මම දකින විදිහ.මේ දක්වා මේ ෆිල්ම් එක පිලිබඳ කිසිම රිවිව් එකක් කියවන්න ලැබුනේ නැ.ඉතින් තනිකරම මගේ අදහස පමණයි.

කුස පබා බැලුවට පස්සේ බලපු එකම සිංහල චිත්‍රපටිය. වෙන සිංහල චිත්‍රපටි ආවෙත් නැද්ද මන්දා. කොහොම හරි ඕනෙම දෙයක් ගැන විචාරයක් දෙනකොට හොඳ ටික කියලා ඉන්න එපැයි.

මහින්දාගමනය , කුසපබා වගේ කඩේ යන ෆිල්ම්ස් වලට වඩා හුඟාක් හොඳයි. තරුණ අධ්‍යක්ෂකවරයෙකුගේ හොඳ උත්සාහයක්. චිත්‍රපටියේ සංගීතය ලස්සනයි. ඒගොල්ලොන්ට මියුසික් ඇල්බම් එක කලින් රිලීස් කරන්න තිබුනා. එහෙම වුනා නම් තවත් මිනිස්සු අද්දගන්න තිබුනා බලන්න. ලස්සන සින්දු 3ක් තියනවා. උදයන්ති කුලතුංග, සඳනි සුලක්කනා දෙදෙනාටම හොඳින් රඟපෑමේ හැකියාව තියනවා කියලා පේනවා. කමල් අද්දරාරච්චිට රඟපාන්න පුළුවන් කියලා හැමෝම දන්නවනේ. රූපගත කරන්න අරගෙන තිබුණු තැන් (ගෙවල් සහ ආර්ට් ගැලරි එක ) උසස් තේරීමක් තියනවා.

ෆිල්ම් එක මුල ටික බලාගෙන යනකොට ෂෝර්ට් ෆිල්ම් එකක ගතියක් දැනුනා.කමල් අද්දරාරච්චිට අතීතය මතක් වෙන්න පටන් ගන්න තැන දක්වා තියන කාලය ටිකක් වැඩියි කියලා හිතුනා. ඒ ටික ටිකක් කම්මැලියි.ඒ මුල ටිකේ විතරක් සින්දු 2ක් තියනවා. අනිත් එක ඒ එක සින්දුවක් රූපගත කරලා තිබුන කොන්සේප්ට් එක මට තේරුනේ නැ මම හිතන්නේ. පෝසත් කොල්ලෙක්, ඩෙට් එකකට ගෑනු ළමයෙක්ව කුණු ඇලක් උඩින් තියන පාලමකට අරන් යයි කියලා මම හිතන්නේ නැ.කන්න සයිවර් කඩේකටත්. සමහර විට එතන මට නොතේරෙන මොකක් හරි කොන්සේප්ට් එකක් ඇති.  කොහොම උනත් උදයන්තිගේ පෙම්වතාට වැඩ උදයන්තිගේ රඟපෑම නම් ඉතාම උසස්.

ෆිල්ම් එකේ මුල බලන කොට අග තේරෙන නිසා එතනින් එහාට බලාගෙන ඉන්න කම්මැලියි. ඉවරවෙන්නේ කීයටද වගේ නොසන්සුන් ගතියක් දැනුනා. මුලයි අගයී සම්බන්ධතාවය දුරස් වගේ දැනුනා.

කමල්ව අරගෙන තියෙන්නේ ෆිල්ම් එක විකුනගන්නද දන්නෑ කියලා හිතුනා. මොකද කමල්ට වඩා තරුණ නළුවෝ ඉන්න නිසා. බිමල් හරි ධනංජය හරි ගත්තත් අවුලක් නැ.කොහොම වුනත් මුළු ෆිල්ම් එකම බලලා ඉවර වුනාම හොඳයි කියලා හිතුනා. බලන්න ගියේ අපරාදේ කියලා හිතුනේ නැ. වෙනසකට තිබුනේ මම බලන්න බලාපොරොත්තුවෙන් ගිය තරම් බාවාත්මක එකක් නොවුන එකයි.

ෆිල්ම් එකේ වර්ණ ලස්සනට පෙනුනේ නැත්තේ මම බලපු ෆිල්ම් හෝල් එකේ අවුලක් කියලා හිතනවා. මොකද පෝස්ටර්ස් වල පාට මාර ලස්සනයි.




13 comments:

  1. මම මේ පෝස්ටුව කියව්න්න පටන් ගත්තෙත් බාවාත්මක විචාරයක් කියලා හිතාගෙනයි. තාම කලර් නම් බැලුවෙ නෑ. කොහොම වුනත් යකාගෙ හැටියට එපැයි විමානෙ කියනවා වගේ ෆිල්ම් එකේ හැටියට එපැයි විචාරෙ කියලා හිත හදාගත්තා. දිගටම ලියන්න ,,ජය වේවා......

    ReplyDelete
  2. මල ජරාවක්නේ. අපරාදේ සල්ලි. හිරු ටී වී එකේ පොර ටෝක් දෙනකොටම මම හිතුවා ජරාවක් කියලා. අන්තිම හරිය දැක්කේ නෑ. නින්ද ගියා....

    ReplyDelete
  3. බලන්න යන්න තමා හිතන ඉන්නේ මමත්.

    ReplyDelete
  4. කමල් මම කැමතිම නළුවා. බලන්න යන්න හිතන් ඉන්නෙ :)

    ReplyDelete
  5. balala ne balanna adahasakuth ne. :)

    ReplyDelete
  6. කමල් අද්දරාරච්චිට රඟපාන්න පුළුවන් කියලා හැමෝම දන්නවනේ.
    කමල් අද්දරාරච්චිට අතීතය මතක් වෙන්න පටන් ගන්න තැන
    ඔන්න මට හිතට වැදුන ටික උඩින් ලිවුවා. එයාගේ රඟපෑමේ දක්ෂතාවය නම් ලඟදි පුවත්පත් වල දැක්ක. අතීතයට ගියොත් ඉන්නෙත් චරිතයක් නැති නළුවෙක්..(එක්තරා රුපසුන්දරියක් මියයාමේ අතීතය) මගේ එක දුර්වල කමක් තමයි චරිතයක් නැති නළුවා ඉන්න ඒවා කෙලින්ම ඉවත දැමීම.. ඒවා කොච්චර හොඳයි කිවුවත් මට එපා

    ReplyDelete
    Replies
    1. හේ හේ.. මිනිස්සු අතින්නේ වැරදි වෙන්නේ.අතීතයේ වැරදි අල්ලාගෙන මිනිහෙකුගේ වරතමානයත් අනාගතයත් හෙලා දකින එකට මම එකඟ නැ.

      Delete
  7. බලන්න ලැබෙන්නෙ නැ. හ්ම්ම්ම්...

    ReplyDelete
  8. බැලුවෙනං නෑ බලන්න ඕනේ...

    ReplyDelete
  9. තවම නම් බලන්න උනේ නැත..

    ReplyDelete
  10. අනේ කොහෙ බලන්නද? හැබැයි මාල් ඔයා විචාරය ලියලා තියෙන්නෙ චිත්‍රපටිය එක බලලනෙ. සමහරු පත්තරවලට ලියන්නෙ අනිත් උන් කියන දේයි, කියවලා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  11. හ්ම්ම්... මම වැඩිය ෆිල්ම් බලන්න යනවා නම් අඩුයි..ගෙදර ඉඳන් ඩවුන්ලෝඩ් කරගෙන බලන ඒවා තමා තියෙන්නේ.. හිතුනොත් බලන්න යනවා.. :)
    ජය වේවා...

    ReplyDelete