Sunday, March 17, 2013

සරුංගල් කෙල්ල


 පරිසරයේ ඇත්තේ මුස්පේන්තු වැහි අඳුරකි. හරියටම ඇගේ සිත පරිසරයට දැනුනා වැනිය.හිමින් හිමින් තද කරගෙන එන වැස්සේ මුල් වැහි බිඳු වලට තෙමිගෙනම වේගයෙන් ටොරින්ටන් සංකීර්ණය පසුකරගෙන විත් පැනිදෙනිය බසයට නැගී ඈ, කවුළුව අසල අසුනේ වාඩි ගත්තේ ලංකා බැංකුවෙන් එපිටට පෙනෙන අහසේ අනන්තය සොයන්නට මෙනි.වසර දහයක එපිට අතීතය නැවතත් ඇගේ දෑස් මානයේ මැවෙන්නට විය.

 අවුරුදු එකොළහක නැතිනම් දොළහක කොලු ගැටයෙකුව සිටියදී කළු පාට සපත්තුද මේස් ද ලා දෙමාපියන් සමග ඔහු අසල නිවසට පදිංචියට ආවේය. නාවර පෙරාගෙන අසල පාරේ කොලු රෑනත් සමග දඟලමින් සිටි ඇයට ඔහු අමුතු ජීවියෙකු මෙන් විය.මෙතෙක් කල් ඔවුන්ගේ සාදමින් තිබුණු නිවස රස්තියාදුකාර කොලු රැලගේ සහ එකම කෙලිච්චියෙකුගේ තිප්පල විය.එබැවින්ම ඔහුගේ පැමිණීමෙන් තමන්ගේ මහානර්ග තිප්පොල අහිමිවීමට වරදකරුවා ඔහුම විය.

 පසුකාලයේදී ඔහුත් ඔවුන්ගේ මිතුරු සමාගමයට එක්වුවත් ඒ ඔවුන් මෙන් උදේ සිට නාවර දාඩිය පෙරාගත් කොලුගැටයෙකු ලෙස නොව, සබන් පුයර හොඳ හැටි උලා සැන්ඩ්ල්ස් දමා කකුල් වල ක්‍රීම් ද ගා ගත් කොලුගැටයෙකු ලෙසය. නිවසක් තැනීමට ගෙනා අසල තිබු ගඩොල් ගොඩ මතින් ලෑල්ලක් දමා ඒ මතින් වේගයෙන් බයිසිකල් පැද යන මේ අන්ඩපාලයින් දැක ඔහු බියෙන් ඇලලී ගියේය.කොල්ලන් පමණක් නොව බියට පත් ඔහුට, කෙල්ලෙකුද සිනහ විය.

දෙසැම්බරයේ කඳු මුදුනේ තිබු නිවසේ කොන්ක්‍රීට් ස්ලැබ් එක මෙම කොලු රෑනගේ සරුංගල් ඇරීමේ තිප්පොල විය. පාසල් නිවාඩු කාලය පුරාම ස්ලැබ් එක මත කොල්ලන්ද කෙල්ලද සරුංගල් යවන අයුරු ඔහු අසල තිබු ගල්ගොඩ මතට වී බලා සිටියේය.

අන්ඩපාල වැඩ අතින් කෙතරම් පිටුපසින් සිටියත් ඔහු ඉගෙනීමේ ලා සමර්තයෙක් විය.රස්තියාදුකාර කොලු රැලගේ සියලු දස්කම් අබිබවා ඔහු අධ්‍යාපනයේ සමර්තයෙක් විය.

ඇයට වඩා සිව් වසරකින් වැඩිමහලු ඔහු සාමාන්‍ය පෙළ "ඒ" සමාර්ථ දහයක් සමග සමත් වීමත් සමග කොලු රෑනට ඔහු පොරක් විය.ඉන්පසුව එළඹී වසර දෙක ඔහු වැඩි බජනයකට නාවේ උසස්පෙළ නිසාමය. එහෙත් ඉඩක් ලද සැනෙන් "පිසාවක්‌" නැතහොත් වෙනත් කෑමට යමක් සඳහා ඔහු ඔවුන්ට නිවසට ආරාධනා කළේය.වසර දෙක අවසාන ඇයද ගැහැණු ළමයෙකු ලෙස තැන්පත් විය.තවදුරටත් කොලු රෑනත් සමග රංචුවේ වැටි බයිසිකල් පැදීමට හෝ සරුංගල් යැවීමට ඇයට කාලයක් නොවිය.ඉන්පසු ඇය ඔහු දුටුවේ ඉඳහිට කාරයේ එහාමෙහා යනවාය.

 සියලු සැපසම්පත් මෙන්ම බුද්ධියෙන්ද සපිරි ඔහු ඉතාමත් නිහතමානි තරුණයෙකු විය. බඩු මලු උස්සාගෙන නිවසට එන ඇගේ මවට ඔහු ඒවා ගෙන ආවේ කිසිම පැකිලීමකින් තොරවය.පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක වූ ඔහු උසස්පෙළ විශිෂ්ට අයුරින් සමත් විය. ඔහුගේ පාසලේ ශ්‍රවනාගාරයේ පවතී "සිංහබාහු" නාට්‍ය බලන්නට ගිය දින කොළ රෝලක් වනමින් සිටියා ඇයට තවමත් චිත්‍රයක් මෙන් මතකය.

 පාසලේදී ඇය කොතරම් ඔහු ගැන දෙඩවිද යත් සතියකට වරක් වත් " දැක්කේ නැද්ද _____ අය්යව ?" යි ඇසීමට යෙහෙළියෝ පුරුද්දක් කරගත්හ.වාචාල කටවල් ඇති යෙහෙළියෝ ඔහු ඇයට කැමති බවට පිසාවක්‌ ඔට්ටු ඇල්ලුහ. කරණියමෙත්ත සුත්‍රය පාඩම් කිරීමට තිබු දිනවල ඔවුන් ඔහුව උදාහරණයට ගත්තෝය. ඔවුන්ට එය විනොදයක් ම විය. "සෘජු බව " , "මුදු බව" ලෙස ගෙන ඔහුව එයට ආදේශ කරමින් පාඩම් කිරීම ඔවුන්ට අහ්ලදයක්ම විය.

 ඔහු ගැන ඇසි සියලුම අය ඔහුගේ ගුණම වැයුහ.විශ්ව විද්‍යාලයේ රැග් වූ අය මෙන්ම අල කණ්ඩායමද ඔහුට අසිමිත ගෞරවයක් දැක්විය.

මේ සියලු කරුණු සමග ඇගේ සිතේ ඔහු වෙනුවෙන් බියමුසු ගෞරවයක් ගොඩනැගී තිබිණ.ප්‍රදේශයේ අවුරුදු උත්සවය දා යකඩ බට වැටක් උඩට වී ඔහුත් සමග කතා කරමින් සිටියදී පවා, ඉතාලියේ දේවස්ථානවල ඇති චිත්‍ර බැලීමට යාමට ඔහුගේ ඇති කැමැත්ත පවසද්දී පවා, ඇයට වැඩි යමක් කියාගත නොහැකි වුයේ මේ හැගීම නිසාය.තවත් වරක ඇයට ලිෆ්ට් එකක් දීමට තැත් කරද්දී පසු බැස්සේද මේ හැගීම නිසාමය. " මං ඔයාව කන්නේ නැ " ඔහු සිනා මුසුව කිවා ඇයට අමතක නැත.

 ඇය විශ්වවිද්‍යාලයට ඇතුලත් වන විට ඔහු එයින් පිටවී ගොස්ය. ඒ නුදුරේම පෙර කි කොලු රැල  " අන්න කෙල්ලෝ " ලෙස හඳුන්වන ජාතියේ කෙල්ලක් සමග ඔහු විවාහ වුයේ ජිවිතයේ ප්‍රථම ඒක පාර්ශවීය ප්‍රේමයේ සුන්දර මතක සටහන් ගොන්නක් ඈ සිත තුල ඉතිරි කරමිනි. දැන් ඔහු නොරටය.

එහෙත් මේ අද සිදුවුයේ කුමක්ද??? උදෑසනම "සිටි සෙන්ටරය" වෙත පැමිණියේ බඩු වගයක් ගැනීමටයි.එහිදී ඇයට ඇගේ විශ්වවිද්‍යාල මිතුරෙකු සමග තවත් තරුණයෙකු හමුවිය.ආ-ගිය තොරතුරු විමසීමේදී තරුණයා ඔහුගේ පාසල් සගයෙක් බව කීවිට , ඔහු ඇගේ නිවස අසල බව කීවිට...

" ආ නංගි, ඒ දවස වල ඕකාට හෙන ලව් එකක් තිබුනනේ ගෙවල් ළඟ සරුංගල් ඇරපු කෙල්ලෙකුට"
..............................................................................................................................................................................................................................................................................................



                              ජීවිතය!!
 කවුළුවෙන් මෙපිටට දෑස් ගෙන බසයේ සීනුව හඬවමින් ඈ සිතුවාය.

18 comments:

  1. ජීවිතය... හරි පුදුමයි තමා... !

    පලි- ඉස්සර අපි සරුංගලේ වගේ කියන්නේ කෙට්ටුම කෙට්ටු කෙල්ලන්ට.

    ReplyDelete
  2. අදමයි ආවේ ..ලස්සන කතාවක් ..දිගටම
    ලියන්න ..එන්නම් බලන්න...
    සුබ පතනවා ඔයාට...

    ReplyDelete
  3. නිහඬව ලියවුණ ද්විපාර්ශවික ආදරයක්..
    කතාව ලස්සනයි ගොඩක්..

    ReplyDelete
  4. ආයුබෝවන් නෝනමහත්මයා..
    අර වගේ වෙන්න ඔය කොල්ල කෙල්ලෙකුට කෙලින් ඕක කියන්න තරම් ගටක් නැති මං වගෙ එකෙක් වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන්! හ්ම්ම්..වෙන්න ඇති..

      Delete
  5. බොහොම කාලෙකට පස්සේ ඈ.!!!!

    ReplyDelete
  6. කලින් දැම්මා නේ මේ කතාව මාල්?

    ReplyDelete
  7. මේ කතාව කියවගන යද්දී සරුංගලය ගැන ආරියවංශ රණවීර කවියාගේ කවිය මතක් වුණා. ඔබත් බොහොම ශූර ලෙස මේ කතාව ගොඩනගා තිබෙනවා.

    ReplyDelete
  8. හ්ම්ම් මෙහෙම වෙන්නෙ නැතුවම නෙමෙයි :)

    ReplyDelete
  9. :O :O :O

    මේ...මේ කතාව මේකෙන් හරි කොහෙන් හරි කියෝලා තියනවනේ...මතක නෑ කොහෙන්ද කියලා. මේකෙම්මද මන්දා

    ReplyDelete
    Replies
    1. මේක කලින් දාපු කතාවක්..

      Delete
  10. Dude:

    හයියෝ මල්යා, මටත් ඔය සන්තෑසියම වෙලා තියෙනවා. මම ඒක වෑ දාලා ලියන්න ඉන්න නිසයි පරක්කු. මට ඔය හැඟීම හොඳින්ම තේරෙනවා. කවුරුවත් කාටවත් හොඳ වැඩි නෑ කියලා තේරුනේ/හිතුනේ පස්සෙ.

    මල්යා ලියන කවි, ලියපු කවි, ලියපු කතන්දර ඔක්කොටම වඩා මම මේකට කැමතියි. මේක තමයි මටනම් මල්යා ලියපු හොඳම නිර්මාණය.


    තව පාරක් කියවලා, බලන්න තව මේක පොලිෂ් කරන්න තෙන් තියෙනවද කියලා. (අර අම්මත් එක්ක බඩු ගේන වාක්‍යය හෙම) අවසානය වෙනස් කරන්න එපා කොහෙත්ම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.මම ලිව්වා ඒවගෙන් මම කැමතිත් මේකටයි.

      මගේ නම මාල්යා.. :)

      Delete
    2. Sorry about the mispronunciation. :)

      Delete
  11. හෆ්ෆේ අවුරුදු කීයකින්ය මාල්යා අක්කේ...????

    ReplyDelete