සාමාන්‍යයෙකු ලෙස පැවතීමට ගැහැණියට ඇති අයිතිය තහවුරු කරමු.
ඉහත ලිපිය හා සම්භන්ධව කෙරුණු කතාබහවල බොහෝ අවස්ථාවලදී නිමිත්ත ප්‍රධාන මාතෘකාව වී ඇති නිසා, ලිපියක් ලිවීමකින් බලාපොරොත්තු වන දේ වසන් වී නිමිත්ත (මෙහිදී නං ලිඳ ළඟ ඕපාදුපයක් වන තරමට) යට යාමෙන් වලක්වා ගැනීම සඳහා ලියමි.
මෙය ලෝකයේ ඕනෑම රටක කාන්තාවන් ලෙස ඉපදෙන සියලු දෙනා අඩුවැඩි වශයෙන් මුහුණ දෙන, අප වැනි තුන්වන ලෝකයේ රටවල් වල සමාජ සම්මුතීන් ලෙස පවතින විවිධ මත නිසා බහුලව මුහුණ දීමට සිදුවන සිදුවීමක්. මේ ලිපිය කියවීමන් පසු මිතුරෙකුට සබැඳිය යැවූ විට ඔහු ඇසුවේ "මේ ලිපිය ලිව්වා කියලා මොකද්ද වෙන්නේ?" "මෙහෙම ලිව්වා කියලා මේක නවත්වන්න පුලුවන්ද" කියන එකයි. ඇත්ත! මේ ලිපිය ලිවීමෙන් අනතුරුව පළවූ අදහස් බැලුවම මේක නවත්තන්න බැහැ කියන එක සහ ඕවර් රිඇක්ට් කිරීමක් ලෙස බොහෝ දෙනා දකින බව පෙනෙනවා. නමුත් දවසකට හෝ කාන්තාවක් වී බැලිය නොහැකි පුරුෂයන්ගෙන් එම අවස්ථාවල දැනෙන මානසික පීඩනය තේරුම් ගැනීම බලාපොරොත්තු වෙන්න බැහැ. අපි කාන්තාව ඉල්ලන්නේ තමන්ටත් සාමාන්‍ය පුරුෂයෙකුට ජිවත් වෙන විදියට ජිවත් වෙන්න ඉඩ දෙන්න කියලා. මේක සම තැන ඉල්ලීමක් නෙවේ. (සමතැන පිලිබඳ මගේ මතය වෙනමම කතාවක්)
නමුත් මේ ලිපියෙන් වෙන්නේ මොකද්ද? එක තේරුම් ගන්න දැනට අවුරුදු පනහකට විතර පස්සට යන්න වෙනවා. දැනට අවුරුදු පනහකට විතර කලින් කාන්තාවන් රැකියාවකට යාම අතිශය විරල දෙයක් වුනා වගේම ඒ කාලයේ පියවරු මව්වරු එක නුසුදුසු දෙයක් විදියට හිතුවා. නමුත් කාන්තාවන් ක්‍රමයෙන් අධ්‍යාපන අයිතිය දිනා ගැනීම වැනි කඩයිම් කිහිපයකින් පසු ඒ අවස්ථාවට ලඟා වූවාසේම ලඟා කරගත යුතු අත්කර ගතයුතු අයිතියක්. {මේ ලිපියේ නිමිත්ත හරහා ශ්‍රී ලාංකීය සමාජයේ ඒ අවස්තාව උදා කරගැනීමට කාන්තාවනුත් විරුද්ධ වීමට හේතුව තමයි නිමිත්තේ කාන්තාව බාර් එකකට යාම. නමුත් බීම හල නොසලකා හැරීයත් මුහුඳු වෙරලක් සංගීත සංදර්ශනයක් හෝ එවැනි බොහෝ අවස්ථාවලට සහභාගී වීමට කාන්තාවන්ට බාධක ඇති බව අපි සියලු දෙනා දන්නා දෙයක්. බාධාවක් ඇතිය යනුවෙන් අදහස් කරන්නේ පිරිමියෙකුගේ අතේ එල්ලීමෙන් තොරව යා නොහැකි බව මිස තමන්ගේ බිරිඳ හෝ පෙම්වතිය අතේ එල්ලාගෙන මම නං එක්කන් යනවා කියන එක නොවේ.} අවුරුදු පනහකට කලින් දුවරු රස්සාවක් කරනවාට විරුද්ද වුනු දෙමව්පියන්ගේ, දුවරුන්ගේ දරුවෝ අද රස්සාවක් කරනවාට ඒ දෙමව්පියෝ විරුද්ධ නොවනවා මෙන්ම වියයුතු විකාසනයක්.
ඊළඟ ප්‍රශ්නේ "හරි එහෙම සමාජ මතයක් ගෙනාවා කියමුකෝ. එහෙම මතයක් තියන සමාජයක කෙනෙක්ට අනතුරක් වුනොත් ඒ සාමාන්‍ය කෙනෙකු විදියට හැසිරෙන්න අයිතියක් තියනවද කියපු අය එකට වග කියනවද?" එකත් හරියටම රස්සාවක් කරනවා වගේම තමයි. අද රස්සාවට යන කාන්තාවන්ට කාන්තාවක් වීම නිසා රස්සාව කරගෙන යාමට බාධා තියෙනවා. නමුත් එහෙමයි කියලා බහුතර කාන්තාවෝ රස්සා නොකර ඉන්නවද? කෙනෙක්ට තමන්ට ගැටළුවක් තියෙනවා නම් එකට පෞද්ගලිකව ක්‍රියා කිරීම හෝ රස්සාවකට නොයා ඉඳීම පෞද්ගලික කාරනාවක්. නමුත් සමාජයෙන්, ගැටළුවක් ඇති වුනාම වරද කාරයාට ඇඟිල්ල දිගු නොවී ඇයට අවැඩක් වීමට හේතුව රස්සාවට යාම කියලා එක සමාජීයමය ගැටළුවක්. අද සමාජය කියන්නේ නැනේ රස්සා කරන්න එපා කියලා. ඒ වගේම මෙතනදීත් ඇය යන තැන් නොයන තැන් තීරණය කරන එක ඇගේ තීරණයක් මිස සමාජයේ තීරණයක් නෙවෙයි. සමාජයේ තීරණයක් නොවන තැනට තාම ඇවිත් නැහැ. තාම හැමෝම හිතන්නේ ඇය ආරක්ෂාකාරීව ඉන්න නම් ඒ වගේ තැන් වලට නොයා යුතුයි කියලා.
නමුත් රස්සාවක් කරන්න අවධානම එකක් ගන්න අය වගේම ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ඕනෑම තැනකට ගොස් ආරක්ෂා සහිතව ඉඳීමේ අයිතිය පිළිගන්නා, එහෙම යන්න අවධානමක් ගන්න අය ඒ සමාජයට බය නොවී තමන් නිවැරදි බව විස්වාස කරන්න, ධෛර්ය නැති කරගන්න නොදී හැමෝම ඒ අයිතිය විස්වාස කරන සමාජයක් ගොඩ නගන්න නම්, අවධානමක් ගන්න අයව ආරක්ෂා කිරීම, සාමන්යෙකු ලෙස හැසිරීමේ අයිතිය පිළිගන්නා අපි හැමෝගෙම යුතුකමක්. ඒ අයිතිය තවත් පරපුරකින් පසුව හරි උදා කර ගැනීම රස්සාවක් කිරීමට අයිතිය දිනා ගත්තා මෙන්ම කාන්තාවට තවත් පියවරක් ඉදිරියට යන්න කරන උදව්වක්.
මේ ලිපියට "ඕක ඔච්චර කෑ ගහන්න දෙයක්ද" කියලා අද අහන අය වැඩියි. ඒ අය ක්‍රමිකව අඩු වෙන්න, සාමාන්‍යයෙකු ලෙස හැසිරීමේ අයිතිය විස්වාස කරන අය ඒ ගැන කතා කිරීම අවශ්‍යයි. සමාජ මතයක් ගොඩ නගන්න ඒ ගැන විස්වාස කරන අය බහුතරය විය යුතුයි. මේ ලිපිය ලියවෙන්නේ ඒ නිසයි.
ඔබත් කාන්තාවටත් සාමාන්‍යයෙකු ලෙස හැසිරෙමේ අයිතිය ඇතැයි විස්වාස කරනවාද? එහෙනම් හඬ නගන්න...එක්වෙන්න....

මේක කියවන් යද්දී මතකෙට ආවේ මේ දවස් වල කතා බහ වෙන දීපීකා පඩුකෝන්ගේ විඩියෝව..
ReplyDeleteමේ අන්තිමට දාලා තියෙන්නේ ඒ වීඩියෝව තමයි.. පෙන්නේ නැද්ද දන්නේ නෑ.
Delete