ෆේස් බුක් එකේ වීඩියෝ එකක් ශෙයා වෙනවා අම්මා කෙනෙක්ව දුවෙක් ගෙයින් එලියට දාපු එකක්. ඒ පොස්ට් එකේ කමෙන්ට් තමයි බලන්න ඕනේ. කතාව එක පැත්තකින් විතරක් අහලා මිනිස්සු ඒ දුවට අම්මම්මෝ නැතුව බනිනවා.
අනිත් කතාව අර නුවර ගින්නෙන් ළමයි බේරගත්ත තාත්තා කියනවා ළමයි හින්දලු දුක් විඳින්නේ. අහවල් මගුලකට ළමයි හැදුවද දුක් විඳින්න??
මට තාමත් තේරුම් ගන්න බැරි දෙයක් තමයි ලංකාවේ දෙමාපිය දුදරු සම්භන්ධතාවය.
අවස්තාව එක
හිතන්න ඔන්න දෙන්නෙක් කසාද බඳිනවා. ඊට පස්සේ හිතනවා අපිට ළමයෙක් ඕනේ කියලා. කාගේද අවශ්‍යතාවය?? දෙමව්පියන්ගේ. ඇයි ?? ළමයි නැති වුනොත් සමාජයෙන් බේරුමක් නැති වෙනවා. කවද්ද ළමයෙක් හදන්නේ, කවද්ද ළමයෙක් හදන්නේ කියලා. ඔන්න ඉතින් ආඩම්බරේට ළමයෙක් හදනවා. ඊට පස්සේ කිරි දෙනවා. ඊට පස්සේ කියනවා අර ළමයා කිරි වලට ණයයිලු. තමන්ගේ අවශ්‍යතාවයට ළමයෙක් හදලා තමන්ට ඕනේ හින්ද කන්න බොන්න දීපුවට අර ළමයා දැන් ඉල්ලපු නැති ණයක් ගෙවන්න ඕනේ.
අවස්තාව දෙක.
හිතන්න ඔන්න දෙන්නෙක් කසාද බඳිනවා. ඊට පස්සේ හිතනවා අපිට ළමයෙක් ඕනේ කියලා. කාගේද අවශ්‍යතාවය?? දෙමව්පියන්ගේ. ඇයි ?? වයසට යද්දී කවුද සලකන්නේ? මේ මොකද්ද? ආයෝජන සැලසුමක්. ඉතින් ආයෝජන සැලසුම් කියන ඒවා බොහොම අවදානමක් තියන දේවල්. හරියන්නත් පුළුවන්. වරදින්නත් පුළුවන්. වැරදුනොත් ඉතින් එකට ළමයට බැනලා වැඩක් නැනේ. මොකද අවදානමක් අරගෙනනේ තීරණය අරන් තියෙන්නේ.
ඉහත අවස්ථා දෙකේදීම ළමයා ලොකුවෙනකොට මුනදෙන්න වෙන දේවල් එක්ක තමයි අවසානෙදි ළමයි ප්‍රතිචාර දක්වන්නේ. ගෙවල්වල අඩදබර, ආර්ථික අපහසුතා, මානසිකව බලපාන භීෂණ තත්ව එක්ක අවසාන ප්‍රතිපලය වෙනස් වෙනවා. එකට ළමයින්ට දොස් කියන්න පුලුවන්ද?
ළමයෙක්ව මේ ලෝකෙට ගෙනල්ලා කන්න බොන්න දීලා උගන්නලා කසාද බන්දලා දෙන ගමන් තමන්ගේ අවසාන කාලේ ජිවත් වෙන්නත් ක්‍රමයක් හදාගන්න බැරි නං හොඳම වැඩේ මේ ලෝකෙට තවත් ළමයි නොගේන එක.
තමන්ට පුළුවන් නං තවත් ජිවිතයක් මේ ලෝකෙට ගෙනල්ලා ඒ ජිවිතේ ලස්සන කරලා ඒ ජීවිතේට උදව්වක් වෙන පරම පරාර්ථකාමී චේතනාවෙන් නං ළමයි හදන්නේ අන්න එතකොට ළමයෙක් හැදුවට කමක් නෑ.
එහෙම නැතුව තමන්ගේ මහන්තත්තකමට එහෙම නැත්තන් ආයෝජනයක් විදිහට නැත්තන් තමන්ගේ ආශාවල් පාලනය කරගන්න බැරුව මේ ලෝකෙට එන ළමයින්ට, ඒ ළමයි සාර්ථක ප්‍රතිපල නොදෙන එකට ඒ ළමයින්ට මොනවත් කියන්න පුලුවන්ද?
හැබැයි මොන චේතනාවෙන් ළමයි හැදුවත් ලාංකික දෙමව්පියෝ හිතන් ඉන්නේ ඒගොල්ලෝ මාර දෙයක් කරා කියලා ඒ ළමයි වෙනුවෙන්....

No comments:
Post a Comment