Sunday, April 1, 2012

පර්වතය, හුළඟ සහ මම

හුළඟ ගහගෙන යන්න තරම්..මගේ අත අතරුනොත් අයම මට මේලෝකේ දකින්න වෙන්නේ නැ.අනේ මගේ අත අතරුනොත් ... එල්ලිලා ඉන්න මහා පර්වතයෙන් මාව පල්ලෙහාට වැටෙනවා.ඇඳගෙන ඉන්න කමිසේ කොයි වෙලේ ගැලවිලා ගහගෙන යයිද දන්නේ නැ. මහ දවල් කට්ට අව්වේ මේ පර්වතෙන් පල්ලෙහාට මං කොහොම වැටුනද කියල අදහසක් නැ.දැන් තියන ලොකුම උවමනාව මේකෙන් උඩට එන එක.පෙන තෙක් මානෙක මිනිස් පුළුටක් නැ..අනේ...අනේ....මාව බේරගන්න...මේ හුළඟට මාව පල්ලෙහාට වැටෙයි....අය්යෝ...

අයෙත්...අයෙත්   ඇහරුන තිගැස්සිලා...හුස්ම වැටෙන්නෙත් නැ..ඇඟ පුරාම දාඩිය.පහුගිය අවුරුදු දෙක පුරාවටම මේ හීනේ දැක්කේ කීවෙනි පාරද කියලා කියන්න දන්නේ නැ. ඇද ළඟ තියන පහන දල්වලා වතුර වීදුරුව බීගෙන බීගෙන ගියේ මොකද්ද මේකේ තේරුම කියල හිතාගන්න බැරුව.

ගණන් හදලා හදලා හෙම්බත් වෙලා රැ දෙකත් පහුවෙලා නිදාගන්නකොට.ඒ ටිකෙත් නිදා ගන්න නැති හැටි හැබෑටම.හෙට සෙනසුරාදා , උදේම ගණන් ක්ලාස්, ෆිසික්ස් වලට මොනවා කරන්නද මන්දා.. තාම ටියුෂන් එකකට හරි යන සර් කෙනෙක් හම්බුනේ නැ.විභාගෙට තව මාස කීයද??

කාලකන්නි සද්දෙන් රුං රුං කියාගෙන ආපු මදුරුවා වෙනුවට මටම කන රත්වෙන්න එකක් දීගෙන අනිත් පැත්තට හැරුනා අයම ටිකක් නිදාගන්න.




මාල්යා .. 

හ්ම්ම්...

තාපය ගණන් ටික හැදුවද???

ඔව් ලාල් සර් ට පින් සිද්ධ වෙන්න ගණන් ටික හැදුවා. එත මට හිතාගන්න බැ ටියුෂන් එකක් නැතුව ෆිසික්ස් වලට මොනවා කරන්නද කියලා...

අතුලගේ ක්ලාස් ඒක හරි යන්නේ නැද්ද??

ඔයා දන්නවනේ ..අතුල සර් කන්සෙප්ට් ඒක උගන්නන්නේ නැනේ..

ගාන හදන්න නිකන් උගන්නනවා.කටපාඩම් කරගෙන ගිහින් හදන්න වෙන්නේ..ඒක හරි යන්නේ නැ..


හ්ම්ම්..අනේ මන්දා..එත් ක්ලාස් එකක් බලන්න කෝකටත්..

හ්ම්ම්..




පර්වතය, මම, හුළඟ ආයමත්..... මොන මගුල් හීනයක්ද මන්දා...එක්කෝ මේ කෙහෙල්මලෙන් පහලට වැටෙන්න ඕනේ..නැත්තන් නිදාගන්න ටිකේ මට නිදාගන්න දෙන්න ඕනේ..හිත ගැස්සෙනවා හැමදාම..ලබන සතියේ විභාගේ...


හුළඟ...මාව කොයි වෙලේ හරි වැටෙනවා..දැන් නම් මට බෑ මේකේ එල්ලිලා ඉන්න.මාව හෙම්බත් වෙලා..අව්වට හැම පිච්චෙනවා..අය්යෝ....මම අතාරිනවා..අතාරිනවා...අනේ....

අනේ..කලු කලිසමක්, සුදු ෂර්ට් එකක්,  ලාල් සර්...

බොහොම අමාරුවෙන් ලාල් සර්ගේ අතේ එල්ලිලා උඩට ආවා.අම්මෝ...ඇති යන්නතන්..

ලාල් සර් ...වචනයක්වත් නොකියා මාව උඩට ඇදලා අරගෙන යන්න ගියා මුකුත්ම නොකියම...



ප.ලි - මම උසස් පෙළ කරන අවුරුදු දෙක පුරාවට මේ හීනේ දැක්කා..හැමදාම මගින් නවතිනවා.ඒ මට ඇහැරෙන හින්දා.එත් විභාගෙට ටික දවසක් තියලා අන්තිම දවසේ ලාල් සර් ඇවිල්ලා මට උදව් කරනවා දැක්කට පස්සේ තාම මේ හීනෙ දැකලා නැ. මම උසස්පෙළ ෆිසික්ස් වලට C එකක් ගත්තේ ඉස්කෝලේ උගන්නපු ලාල් රණසිංහ සර් නිසා.වෙන කිසිම ටියුෂන් එකක් තිබුනේ නැ ෆිසික්ස් වලට..ලාල් සර් ඔබට බොහොම පින්. මේ ලිපිය ඔබට උපහාරයක්‌ වේවා!! සුවදායක වගේම නිරෝගී  විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරනවා.



16 comments:

  1. අපේ මුළු පංතියේම ළමයි කැමතිම කාල පරිච්චේදය සහ අපි ගොඩාක් දෙනෙක් ගේ කැමතිම විෂය භෞතික විද්‍යාව වුණා... ජීවිතය සරලව දකින්න, ජීවිතය විඳින්න ,ජීවත් වෙන්න අපිට කියලා දුන්නු ඉතාමත් විශිෂ්ට ඝනයේ ගුරු පියෙක්.
    මට අද වගේ මතකයි අපි භාවන කරලා පීරියඩ් එක පටන් ගත්ත හැටි, අපිට නින්ද යනකොට විහිලුවක් කරල අපිව අයෙමත් පාඩමට යොමු කරවපු හැටි, මැත්ස් පීරියඩ් එක ඉවර වෙනකල් බයෙන් ඉන්න අපි ෆිසික්ස් වෙලාවෙදි කොච්චර සැහල්ලුවෙන් ද ඉන්නේ? ෆිසික්ස් කියන සබ්ජෙක්ට් එක එච්චරටම හොඳට.. ළමයින් හැමෝටම තේරෙන විදියට කියලා දෙන්න පුලුවන් සර් කෙනෙක් මට තාම මුණ ගැහිලා නෑ... අද මම ෆිසික්ස් වලට කැමති වෙන්න මූලිකම ආභාෂය වුනේ ලාල් සර්..... ඔබට නිදුක් නීරෝගී විශ්‍රාම දිවියක් අපි 13ඪD 2008 AL maths ක්ලාස් එකම ප්‍රාර්තනා කරනව සර්......

    ඇත්තටම මාල්, මේ පණිවිඩයට ගොඩාක් ස්තුතියි.......

    ReplyDelete
    Replies
    1. ලාල් සර් ගැන පොතක් ලියන්න පුලුවන් නේද තරකාවී?? මට මේක ලියලා ඉවර වෙලා ඊයේ රැ හුඟක් වෙලා යනකන් නින්ද ගියේ නැ.ඒක ඒක ඒවා මතක වෙලා හිනා යන නිසා...:D

      Delete
    2. සමාවෙන්න reply කරන්න ටිකක් ප්‍රමාද වුනාට.... ඇත්තටම ඔව්.. ඒ තරම් ජීවිතය ගැන අර්තාන්විතව බලන සර් කෙනෙක් අපි කාටවත් තාම මුණ ගැහිල නතිව ඇති :) මටත් මතක් වෙනවා.... කොච්චර සුන්දරද ඒ කාලේ.... නේද?

      අම්මෝ අපි තරම් දඟ වැඩ කරපු Math class එකක් අපේ ඉස්කොලේ තියෙන්න නැතිව ඇති,.... අපිට නිදි මතේ අහගෙන ඉන්න කොට..."අප්සෙට් ද? මේව මෙහෙම තමයි.... අර අයිසැක් නිවුටනුත් කෑම කාල... ඇපල් ගහක් යට බංකුවක් උඩ ට වෙලා... ඉන්නකොට... ටිකක් නින්ද යාගෙන එනකොට තමයි අර ඇපල් ගෙඩියක් වැටිල තියෙන්නේ.....,,,,,, " මතකද? :D

      Delete
  2. ෆිසික්ස්...බුදු අම්මෝ.......

    ReplyDelete
    Replies
    1. ෆිසික්ස්...හරිම ශෝක්..:)

      Delete
  3. හොද සර් කෙනෙක් වගේ.හීනෙන් දීලා තියෙන්නෙ හරිම ඉගියක් නේද නංගි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි..අන්තිම දවසේ හීනෙන් සර්ව දකිනකන් මට හිතා ගන්න බැරි වුනා මොකද්ද මේ කියලා...:)

      Delete
  4. එහෙනම් මාල්යට හොද ගුරුවරයෙක් හම්බුවෙලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්.ඒ අතින් මං හරිම වාසනාවන්තයි.මට හමුවුණු ගොඩක් ගුරුවරු නියම දෙවිවරු..:)))

      Delete
  5. අපිට කැම්පස් එකේ මැත්ස් කල කරුණාරත්න සර් වගේ.. සීනි මීපැණි දාල මැත්ස් පෙවුවා. අපේ කොල්ලෝ කිවුවේ "මැත කරුවා " ආදරේට.. මැත කරුවගෙන් මැත ඉගෙනගන්ඩ බැරි එකා බුරුවෙක් කියලයි අපි ඒ කාලේ කිවුවේ .. අපි දන්නා කාලෙටම කලේ එක විහිලුවයි.. දවසක් හවස ලෙක්චර් එක යනකොට හිටි හැටියේම විදුලිය ඇනහිටියා. පස්ස පේලියේ හිටි අපි කැගහුවා බෝඩ් එක පෙනෙන්නේ නැහැ කියලා එතකොට වෙන ලෙක්චරයෝ නම් එදාට එතනින් නවත්තනවා.. අපි ඉතින් නොයෙකුත් හේතු හින්දා එලියට පනින්න බලන් ඉන්නේ. එළියේ ගස් යට කරත්ත වේලෙනවත්නේ.. සර් මුකුත් නොකියා බෝඩ් එකේ අඟල් එකහමාරක වටේ තියෙන රවුමක් ඇඳලා ඒකට ඇස් දෙකක් තියල බෙරි වුන කටක් ඇන්දා. කවදාවත් විහිලු නොකරන මිනිහ නිසා පස්ස පේලියේ අපිට සිහිය විකල් වෙලා හිනා උනා. සර් හා... කියල ගණන් ටික ලියාගෙන ලියාගෙන ගියා. මොනවා කරන්නද ? අපි පරාදයි..

    ReplyDelete
    Replies
    1. අය්යෝ...සර්ට අහුවෙලානේ මාමා...:)) හොඳ වැඩේ හැබැයි..

      Delete
  6. දෙවිවරු වගේ ගුරුවරු.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...ස්තුතියි මේ පැත්තේ ආවාට..

      Delete
  7. ටියුශන් නං බර ගානකට ගියා ඉගෙනගන්න නෙමෙයි ආතල් එකට. පිසික්ස් ගොඩ දැම්මෙ ඉස්කොලෙ උගන්නපු ගුත්තිල සර්. දැන් එතුමා නාලන්දෙ උගන්නනව.

    ReplyDelete
  8. ඕනම කෙනෙක්ට තමන්ගේ හිතට වැදිච්ච දුයිෂෙන් කෙනෙක් ඉන්නවා.ඔයා ගොඩක් වාසනාවන්තයි ‍ඒ වගේ ගුරුවරයෙක්ව ලබාගන්න.

    ReplyDelete
  9. අනිවා.. එක නම් ඇත්ත.දෙවිවරු වගේ ගුරුවරු

    ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා ......!!! :)

    ReplyDelete