Sunday, June 17, 2012

අමරණීයත්වය


වීර්  සාරා ලංකාවේ ප්‍රසිද්ධ වූ ඉන්දියානු චිත්‍රපටයක්.2004 වර්ෂයේදී තිරගත වුනු මේ චිත්‍රපටයේ විශේෂත්වය තමා 1975 වර්ෂයේදී ලෝකෙන් සමුගත්ත සංගීතඥයෙක් වූ මදන් මෝහන් මහතාගේ තනු වලට සැකසුනු ගීත ඇතුලත් වීම.ඒ කියන්නේ චිත්‍රපටයේ සංගීතය සකස් කර තියෙන්නේ චිත්‍රපටය නිෂ්පාදනය වීමට අවුරුදු 30 කටත් කලින්. නව සංගීතය මුසු කර තියෙන්නේ ඔහුගේ පුත් සංජීව් කෝලි.



1924 ජුනි 25 වන දින බෑග්දෑගයේ උපත ලද ඔහු 1950,1960,1970 දශක තුනක් පුරාවට සංගීත අධ්‍යක්ෂණයේ දී තිබෙනවා. ඔහුගේ ඇවෑමෙන් අවුරුදු විසිනමයකට පසු ජාවෙඩ් අක්තාර් ගේ ගී පද වලට ලතා මන්ගේෂ්කර්, උදිත් නාරායන්,සෝනු නිගම්,රූප් කුමාර් රතොඩ් ඇතුළු නමදෙනෙක් ඔහුගේ ගී තනු වලට ගී ගයනවා.

 පුද්ගලයෙක් ලෝකෙන් සමු අරන් අවුරුදු 30 කට පස්සෙත් ඔහුගේ තනු වලට ගීත නිර්මාණය වීම එම පුද්ගල‍ගේ අමරණීයත්වය ප්‍රකට කරන සාධකයක් වගේ.

පරණ ගී තනු වලට නව ජීවයක් ලැබුණු හැටි අහන්න කැමති නං පහල තියන වීඩියෝව අහන්න.මේකේ පරණ තනුවයි අලුත් තනුවයි දෙකම තියනවා.











12 comments:

  1. ඒ...මාරයිනේ මෙහෙම එකක් ඇහුවමයි...

    ReplyDelete
    Replies
    1. සතුටුයි අහල නොතිබුන දෙයක් ලියන්න පුළුවන් වීම ගැන :)

      Delete
  2. අම්මට සිරි !! එහෙමත් සිද්දියක් ද ?? විර් සාර එකේ සින්දු ටිකනම් පට්ට.... මං කැමතිම හින්දි ෆිල්ම් කීපයෙන් එකක්

    ReplyDelete
    Replies
    1. මන හිතුවා මේ කතාව කට්ටිය දන්නවා ඇති කියලා. බයෙන් ලිව්වෙත් අපේ කට්ටිය ඉන්දියාව උද දානවා කියලා කති පොලු අරන් එයි කියලා :)

      Delete
  3. මමත් මේ ගැන කලින් කියෙවුවා.. මගේ ලග ඔය සීඩී එකත් තියෙනවා.. තනුවකට සිංදු ලියපු එක සෑහෙන අමාරු වැඩක්ලු...

    ReplyDelete
    Replies
    1. මන ලඟත් සිදී එක තියනවා.හුඟාක් කාලයක ඉඳලා.එත ඊයේ තමා ලියන්න හිතුනේ මේ ගැන.. ලංකාවෙත් තියනවා තනු වලට ලියවුනු ගීත බොහොමයක්.

      Delete
  4. මේ ගැන නම් අදමයි ඇහුවෙ.අවරුදු 30 කට කලින් හදපු තනුව,සංගීතය ඊට පසුකාලීනව යොදා ගන්නට තරම් සුදුසු සහ රසවත් බවක පැවතුනා නම් ඉතින් වෙන මොන කතාද ඔහු විශිෂ්ටයෙක්ම තමා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ශ්‍රියන්ත.

      Delete
  5. මට මතක් උනේ ජෝතිපාලව ,මැරිලා ගොඩක් කල්වෙලත් තාමත් සින්දු අහනවනේ .....
    වීර්සාරා එකේ සින්දු ටිකනම් මැක්සා ....

    ReplyDelete
    Replies
    1. ඔව්.. ජෝතිපාල අපේ රටේ විශිෂ්ටයෙක් තමයි.එත ජීවත්ව ඉන්නකං ඒ කාලේ හිටපු වැඩිහිටියෝ කරේ බනින එකමනේ...

      Delete
  6. අපුරුයි. දෙකම බාගත්තා. මන් මේ දවස්වල යු ටියුබ් ගිහින් පරණ හින්දි සින්දු දඩයම් කරන එකේ මේක බෝනස් එකක්...

    ReplyDelete
    Replies
    1. මොකටද අප්පේ පරණ හින්දි සින්දු හොයන්නේ??/

      Delete