Wednesday, August 8, 2012

බැංකොක්....

ඒකමත් එක කාලයක ආසියාවේ නගරයකට බොහොම දිග නමක් තිබුනලු. මේ නමේ දිග නිසාම කොතරම් සුන්දර නගරයක් උනත් සංචාරකයෝ එන්න කැමැත්තක් තිබිලා නැ. පසු කාලයකදී නගරයේ නම කෙටි කල පසු සංචාරක පුරවරයක් බවට පත වුනු නගරයක් ගැනයි මේ කියන්න හදන්නේ.

තායිලන්තයේ ප්‍රධාන නගරය මෙන්ම විශාලම නාගරික ප්‍රදේශය වන මේ නගරය බැංකොක්. බැංකොක් නගරයේ ඉතිහාසය පහළොස්වන සියවසේ Ayutthaya පාලන සමය දක්වා දිවෙන්නක්. නගරයේ පිහිටීම යුධමය අතින් වැදගත් ස්ථානයක පිහිටීම නිසා අතීතයේ සිටම අවධානයට ලක්වූ බැංකොක් Ayutthaya පාලන සමය බිඳවැටීමෙන් පසු බර්මිස් රාජධානියේ (1767 දී ) ටක්ෂින් රජු සිය ප්‍රධාන නගරය ලෙස පිහිටුවාගෙන තිබෙනවා.

බැංකොක් යන පදයේ තේරුම අවිනිශ්චිත වුවත් ගං ඉවුරේ ඇති නගරය "බැන්ග්" ලෙසත් "කෝ" යන පදයේ තේරුම දුපත ලෙසත් එක්වී මේ වචනය හැදුනු බව පිලිගැනෙනවා.තවත් මතයක කියවෙන්නේ "බැන්ග් මොකක්" යන  පදය කෙටි විමෙන් බැංකොක් යන්න නිර්මාණය වූ බවයි. "මොකක්" යනු ඔලිව් වැනි පලතුරකි."වට් අරුන්" නමැති මෙම ප්‍රදේශයේ පවතින පන්සලක පෙර බාවිතා වූ නම "වට් මොකක්" ලෙස පැවතීම මෙම අදහසට රුකුල් දෙනවා.

කෙසේ වෙතත් අයුත්තය වංශකතා වලට අනුව මෙම නගරයේ නිල නම "තොන්බුරි සි මහසමුත්" වේ. පාලි හා සංස්කෘත සාහිත්‍යට අනුව මෙහි තේරුම සමුදුරු අලංකාරයෙන් පොහොසත් නගරය යන්නයි.

අයුත්තය පාලන සමයෙන් පසු "Buddha Yudfa Chulaloke " රජු සම්මානයක් ලෙස ලබාදුන් නමේ කෙටි අනුවාදයක් වන "ක්රුන්ග් තෙප් මහා නකොන්" යන්න අද මෙම නගරයේ තායි නමයි.එහි සම්පුර්ණ නම

Krung Thep Mahanakhon Amon Rattanakosin Mahintharayutthaya Mahadilok Phop Noppharat Ratchathani Burirom Udomratchaniwet Mahasathan Amon Phiman Awatan Sathit Sakkathattiya Witsanukam Prasit (Thai: กรุงเทพมหานคร อมรรัตนโกสินทร์ มหินทรายุทธยา มหาดิลกภพ นพรัตนราชธานีบุรีรมย์ อุดมราชนิเวศน์มหาสถาน อมรพิมานอวตารสถิต สักกะทัตติยะวิษณุกรรมประสิทธิ์)

වේ. මෙය කිසියම් ප්‍රදේශයක් හැඳින්වීමට ඇති දිර්ගතම නම ලෙස ගිනිස් වාර්තා පොතේ සඳහන් වෙනවා.
මෙහි තේරුම සුරන්ගනාවන්ගේ දේශය, මහා නගරය, සදාකාලික මැණික්‌ නගරය, ඉන්ද්‍ර දෙවියාගේ නොබිඳෙන දේශය, සන්තෝෂයේ නගරය, ලෝකයට ඉස්තරම් මැණික්‌ නමයක් ලබාදුන් දේශය වැනි තේරුම් වලින් යුක්තයි.


බැංකොක් පාලන ගොඩනැගිල්ල ඉදිරිපිට බැංකොක් නගරයේ මුළු නම ලියා ඇති අයුරු


ජනාකීර්ණ නගරයක් මධ්‍යයේ පිහිටා ඇති ලුම්බිණි උද්‍යානය

බැංකොක් නගරය ගැන තවත් බොහෝ දේවල් ලිවීමට ඇතත් ලිපිය දිග වැඩි නිසා මෙතනින් නවත්තනවා.බැංකොක් ප්‍රසිද්ධ නගරයක් වුනත් එහි නමේ ඉතිහාසය ප්‍රසිද්ධ නැති නිසයි නම ගැන ලියවුනේ..



10 comments:

  1. මොකද්ද නම කියල සිංහලෙන් ලියන්න බැයිද??

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් ලිව්වොත් වෙන්නේ මෙන්න මේ වගේ වරද්ද ගන්න එකයි.

      1. අයුත්තය

      2. චුලලෝකේ

      මං හිතන්නේ ඒ වචන දෙකේ ප්‍රනවුන්ෂියේෂන් වැරදියි.

      Delete
    2. බොහොම ස්තුතියි කතන්දර. මං එක ඉන්ග්රෙසියෙන්ම දාන්නං එහෙනං.

      @ අමිල - දැක්කනේ කතන්දර කියලා තියනවා වෙන දේ..?? :)

      Delete
  2. අවාසනාවකට වගේ බැංකොක් වඩා ප්‍රසිද්ධ මේ එකකටවත් නෙවෙයි.. බටහිර රටවල .. ආසියාවේ ගණිකා මඩම හැටියට.. මම අනුවේ දශකේ මුල හැම්බර්ග් වල හෝටලයක ඉන්නකොට මට දුන්න හැම්බර්ග් නගරේ ගැන පොත් පිංචක් ..එකේ හැටියට උපුටා ගත්තොත් "හැම්බර්ග් වල ලියාපදිංචි ගණිකාවන් 3000 ක් සිටින අතර එමෙන් දෙගුණයක් ලියාපදිංචි නොවූ අය සිටිතැයි ගණන් බලා ඇත.. මේ නයින් හැම්බර්ග් දෙවෙනි වෙන්නේ බැංකොක් නගරයට පමණි "
    අද තත්වේ හිතා ගන්නකො..

    ReplyDelete
    Replies
    1. ඔව්. බැංකොක් ප්‍රසිද්ධ ඒ විදිහට තමයි.ඒ වගේම අපේ මිනිස්සුන්ට බැංකොක් කිව්වාම වෙන දෙයක් දැනගන්න ඕනා කමකුත් නැ. නරක පැත්ත අමතක කරලා ලස්සන පැත්ත බලන්න හිතුනා.ඉතින් ලිව්වා.තවත් ලියන්න ගණිකාවෝ ඇරෙන්න වෙන ඕනෑ තරම් දේවලුත් තියනවා.

      Delete
  3. MAMATH THAILANTHE GIYA. OYA KIYANA KATTIYA EHE HUNGAK INNAWA.

    ReplyDelete
  4. අම්මෝ. බැංකොක්වල ඉන්න පොඩි එවුන් පව්

    ReplyDelete
  5. බැංකොක් වලට එච්චර දිග නකම් තියෙන බව දැනගත්තේ මම ඇත්තටම අද මාල්..

    ReplyDelete
  6. අපූරුයි.ගිහින් තිබුනට මේ දේ දැනගත්තේ අද.:)

    ReplyDelete