Wednesday, August 29, 2012

වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි - ගාමිණී වියන්ගොඩ veronika decides to die- Paulo Coelho


තාරුණ්‍ය ගත වූ සැනින් දිගටම එන්නේ පල්ලම් බැසීමයි.මහලු විය විසින් ඉතිරි කෙරෙන නොමැකිය හැකි සලකුණු, වැල නොකැඩී එන රෝගාබාධ, මිතුරන්ගේ වියෝව ආදිය සිතට මහා වධයකි.ඉන් පසු, අලුතෙන් අත්කරගත හැකි කිසිවක් තව දුරටත් ජිවත් වීම මගින් නොසැපයේ. ඇත්තේ , තව තවත් විදවීමේ ශක්‍යතාවය ම පමණි.(පි අංක 15)

එතෙත් ජිවිත කාලය තිස්සේ ඇ අනුගමනය කල ක්‍රියාකලාපයට මේ ක්‍රියාව වෙනස් නොවේ.හැම විටකම පහසු තේරීම, අත ළඟ ඇති තේරීම සොයා යාම..(පි අංක 10)

මේ ඒකාකාරී කන්කරච්චලයෙන් තෙහෙට්ටුවට පත්වෙලා දවසක මං තීරණය කරාවි, අම්මගේ හිත සනසන්න ම මිනිහෙක් බැඳගන්න.ඒ මිනිහට එතකොට මං ආදරේ කරන්නත් ඕනේ.අපි දෙන්නා එතකොට මොකද කරන්නේ?/ අනාගතය ගැන එකට එකතු වෙලා හීනයක් මවාගන්න එක.ගම පලාතක ගෙයක්.ලමයි. ඒ ළමයින්ගේ අනාගතේ. මුල් අවුරුද්දේ අපි නිතරම වාගේ කාම සේවනය කරයි.දෙවි අවුරුද්දේ එක ටිකක් අඩු වෙනවා.අවුරුදු තුන වෙනකොට මිනිස්සු කාමේ ගැන හිතන්නේ සමහර විට සති දෙකකට විතර සැරයක්.එහෙම හිතන එකත ක්‍රියාවට නගන්නේ මාසෙකට විතර සැරයක්.ඊටත් හපන්, කතා බහත් දැන් එන්න එන්නම අඩුවෙනවා.මේ තත්වය කොහොමහරි පිළිගන්න හිතහදාගන්න බලනකොට  මට හිතෙයි මාගේ මොකක් හරි වැරද්දක් තියනවා කියලා...(පි අංක 30)

මේ විදිහට මගුල කැඩෙන්න ඔන්න මෙන්න තියන කොට මාගේ බඩට ළමයෙක එනවා.ඉතින් අපිට ළමයි ඉන්නවා.එක නිසා අපි දෙන්නත් ඉස්සරට වැඩිය ලං වෙනවා.හැබැයි මේක වැඩිකල් තියෙන්නේ නැ.අර පරණ තිබුණු තත්වයටම අපි ආපහු යනවා.

"මුළු රාජධානියක් විනාශ කරලා දාන්න හිතපු බලගතු මන්ත්‍ර කාරයෙක්, රටවැසියෝ බොන වතුරට දැම්මා විජ්ජා දියරයක්.මේක බොන කාට වුනත් පිස්සු හැදෙනවා.
පහුවදා උදේ රටේ මිනිස්සු ඔක්කොම මේකෙන් වතුර බීලා පිස්සෝ උනා.රජ්ජුරුවොයි,රජ පවුලේ උදවියයි ඇර.මෙගොල්ලොන්ට තිබුනා වෙනම ලිඳක්.මන්ත්‍රකාරයාට පුළුවන් වුනේ නැ මේ ලිඳට ඇර පිස්සු වතුර දාන්න.දැන් රජ්ජුරුවොන්ට හරි ප්‍රශ්නයක්.රටේ පිස්සෝ පාලනය කරන්න ,රජ්ජුරුවෝ මහජන සෞඛය සහ ආරක්ෂාව පිලිබඳ අණ පාත් මාලාවක් ම පැනෙව්වා. මේවා ක්‍රියාත්මක කරන්න හිටපු පොලිසියත් අර ලිඳෙන් වතුර බිලයි හිටියේ.ඒ නිසා උන්ට මෙනුනේ මේ නියෝග මහා විකාරයක විදිහට.ඉතින් නීති ක්‍රියාත්මක වුනේ නැ.
රටේ මිනිස්සුන්ට මේ අණ පනත් ගැන අහන්න ලැබුනාම මේ මිනිස්සු හිතුවේ කොහොමද?? මේ වගේ නීති දන්නා නැ ඇත්තටම රජ්ජුරුවන්ට පිස්සු වෙන්න ඕනේ කියලයි.ඉතින් මිනිස්සු මහා පෙළපාලියක් ගියා රජ්ජුරුවන්ගේ බලකොටුවට,ගිහිල්ලා ඉල්ලා සිටියා සින්හාසනෙන් බහින්න කියලා.
කරකියාගන්න දෙයක් නැති තැන රජ්ජුරුවෝ බැලුවා සිංහාසනේ අතහරින්න.එත් රජ දේවිය කතා කරලා රජ්ජුරුවන්ට යෝජනා කළා" අපිත් ගිහිල්ලා මහජන ලිඳෙන් වතුර බොමු.එතකොට අපිත් මේ මිනිස්සු වගේම වෙයි." කියලා .එක තමයි ඒගොල්ලෝ අන්තිමට කලේ.රජ්ජුරුවොයි රැජිනයි අර පිස්සු ලිඳෙන් වතුර බීලා පටන් ගත්තා පිස්සු කතා කියන්න.එදා ඉඳං රට සාමෙන් පාලනය වුනා."

එය නම් අමනකමකි.තරුණ වියේ අහිමි ආලයක පැටලී (වෙනත් ඕනෑම තරුණියකට සේ සෙඩ්කා ටද 'නොකෙරෙන මගුල' රස බලන්නට අවශ්‍ය විය.) එහෙත් ඉන්පසු කිසි ආ-ගිය තොරතුරක් නොදන්නා පිරිමියෙකු මත්තේ නහෙන්නට, ඒ ගැන මනෝ භංගත්වයට පත්වීම මොනතරම් අමනාකමක්ද??(පි අංක 63)

'මං හිත පාලනේ කරගන්න ඕනේ.මෙච්චරකල් ගත්ත හැම තිරනේකම බය නැතුව එල්ලිලා හිටපු ගැනියෙක් මං.ඒ වගේම හැම දෙයක්ම විනිවිද දකින්න පුළුවන් ගැනියෙක් මං'(පි අංක 74)

චිත්ත ශක්තියෙන්ද, නොනැමෙන සුළු දැඩි අදිටනින්ද සෙස්සන් තුල තමා පිලිබඳ ගෞරවයක් ඈ ජනිත කළා විය හැක. එහෙත් එයින් ඈ අද නතර වී ඇත්තේ කොතනකද? හිස්කමක. කාලකන්නි තනිකමක. පිස්සන් කොටුවක.මරණයේ දොරකඩ.

'මට තව ටිකක් පිස්සු තිබුනා නම් තමා හොඳ ' ඈට සිතිනි.එහෙත් බොහෝ මිනිසුන් සම්භන්ධයෙන් වන්නා සේ ඈ සම්භාන්ධයෙන්ද ඒ අවබෝධය ආවේ පමා වී ය.(පි අංක 101)

'පිස්සෙක් කරපු විහිළුවකින් ඔයාව හෙල්ලුනා, ඇයි ඔයාට බැරි ඔයාගේ මතයේ ම ඉන්න?? ඒකෙන ඔයාට මොනවද නැති වෙන්නේ??'   'මගේ අභිමානය.මාව නො පිළිගන්න තැනක ඉඳීමෙන් නැති වන මගේ අභිමානය.'(පි අංක 105)

ඇයි  මේ දේ මං මීට ඉස්සර කලේ නැත්තේ?? නිදහස් මනුස්සයෙක් නං,මං කැමති දෙයක් හිතන්න පුළුවන් නං, ඇයි මං හැමවෙලාවෙම තහනම් කියලා යම් යම් දේවල් මගේ හිතෙන කොන් කලේ??(පි අංක 143)

'එතකොට මට පුළුවනි, පල්ලියට ගිහිල්ලා අර රුප දිහා බලන ඉන්න.කිසි දවසක මට ඒවායේ තේරුමක් තිබිලා නැ. දැන් වත් ඒකෙන් මොකක් හරි කියවෙනවද කියලා මට බලන්න ඕනේ.ඇහැට කනට පෙන මිනිහෙක් සමාජ ශාලාවකට මට කතා කලොත්, ඒ මිනිහත් එක්ක ගිහිල්ලා පාන්දර වෙනකල්, පන නැතුව බිම ඇදගෙන වැටෙනකල් ඒ මිනිහත් එක්ක නටන්න මට පුළුවන්.ඊට පස්සේ මං යනවා ඒ මිනිහත් එක්ක ඇඳට.හැබැයි ඒ, ඉස්සර මං මිනිස්සුත් එක්ක ගිය විදිහට නෙවෙයි.මාවම පාලනේ කරගෙන, මට ඇත්තටම දැනෙන්නේ නැති දේවල් පවා බොරුවට පෙන්නගෙන  තමයි මං ඉස්සර ගියේ.දැන් මට එහෙම කරන්න ඕනේ නැ. මට ඕනේ පිරිමියෙකුට මාව පුජා කරන්න.මේ නුවරට, මේ ජීවිතේට මාව පුජා කරන්න.අන්තිමේදී මරණෙට බාරවෙන්න.'(පි අංක 147)

අපි හැමෝම ජිවත් වෙන්නේ අපේ ලෝක වල. ඒ වුනාට අර තරු පිරිවරාගත්ත අහස දිහා බැලුවොත් පෙනෙයි, ඒ කෝටි ගණන වෙනස් ලෝක ඔක්කොම එකතු වෙලායි විශ්වය හැදෙන්නේ කියලා.ඒ එකකට එකක් වෙනස්.එත ඒ හැම එකක් ම එකතු වෙලයි මන්දාකිනි හැදෙන්නේ.(පි අංක 171)

'ඔයාට නැති වෙන්න දෙයක් නැ.හුඟක් මිනිස්සු තමන්ගේ හිත වලට ඉඩ දෙන්නේ නැහැ ආදරේ කරන්න.මොකද, ඒගොල්ලෝ බයයි අවදානම් ගන්න.හුඟාක් දේවල් නැති වෙයි කියලා බයයි.අනාගතේ හුඟාක් දේවල් ගැන.ඇතිතේ හුඟාක් දේවල් ගැන ඒගොල්ලෝ හිතනවා.එත් ඔයාට තියෙන්නේ වර්තමානයක් විතරයි.' (පි අංක 173)

"මං මේ ලෝකෙට ආපු එකම හේතුව අන්න එකයි.ඔයාව පිටමන් වෙච්ච පාරට ඔයාව තල්ලු කරන්න.ඒ නිසා මගේ ජීවිතෙන් වැඩක නැති වුනා කියන හැංගීම මට දෙන්න එපා."(පි අංක 214)


 ~මරණය පිලිබඳ දැනීමක්, වඩාත් සංවේදීව ජිවත් වෙන්නට අපට   අනුබල දෙනු ඇත ~(පි අංක 217)


ප.ලි - ඉහත සඳහන් පොතේ මගේ හිත වඩාත්ම තදින් ඇදගත්, මට වඩාත්ම සමීප, මාව නිර්වචනය වන  වාක්‍ය කිහිපයක් උපුටා දක්වලා තියේන්නේ.සැලකිල්ලෙන් කියව්වොත් ඒවගේ මොනතරන් ඇත්තක් තියෙනවද කියල තේරෙයි.මෑත කාලයේ මං වැඩියෙන්ම කියවලා තියෙන්නේ පවුලෝ කොය්යෝ ගේ පොත්. මං ආසම ලේකකයා පවුලෝ කය්යෝ වෙයි වගේ.එළඹෙන සාහිත්‍ය මාසේ කැමති නං අරන් කියවලා බලන්න.


10 comments:

  1. දැන් ඉතිං අද මේක ගන්න වෙනව... අන්තිමට සරසවියට ගිය වෙලාවෙ මේක ගන්න හිතල, ආපහු පවුලෝ කොයියෝගෙම යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය පොත අරන් ගෙදර ආව..

    ReplyDelete
    Replies
    1. ලබන මාසේ ගත්තොත් ඩිස්කවුන්ට් එකක් හම්බෙයි.පොත රු.230/= . ඔන්න මටත් පොතක් හම්බුනා. යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය මං කියවලා නැ.ගන්න ඕනේ.

      Delete
  2. නියමයි.ලබන මාසේ සාහිත්‍යය මාසේ මාත් පොත් ගන්න ඕනි.මේ කතාව ගොඩක් ලස්සනයි කියලා අහල තියෙනවා.කියවලා නම් නෑ.

    ReplyDelete
  3. ඊරිසියයි.. පොතක් කියවපු කාලයක් මතක නැහැ..

    ReplyDelete
    Replies
    1. ඉරිසියා කර කර ඉන්නේ නැතුව වෙලාවක් හදාගෙන කියවන්න. මට තව පොත්
      2 ක් හම්බුනා... :) :)

      Delete
  4. අවුරුදු 2 විතර පොතක් කියවන්න උනේ නෑ මාල්..

    ReplyDelete
  5. ම‍ටත් එහෙමයි... කාලයක් පොත් වලට ඇබ්බැහි වෙලා හිටියා... දැන් කම්පියුටරේට ඇබ්බැහි වෙලා... ඉතින් මොනා කරන්ටද වෙලාවක් නැත්නං?

    ReplyDelete