Wednesday, October 3, 2012

ආලය...

ආලය. ආලය යනු පුදුමාකාරදෙයකි. ආලය විවිධාකාර මුහුණුවර ඇත. එහෙත් සත්‍යවශයෙන් ම ආලය යනු දෙයක් පවතීද යන්න සැක සහිතය. දෙමාපියන් දරුවන්ට ආලය කරන බව පවසයි. එහෙත් අම්මලා දරුවන්ට තලති. ඒ කේන්ති ගියවිටය. එවිට ආලය අතුරුදහන් වේ. නැවත කේන්ති නිවී ගියවිට ආලය මතුවේ. ලොව වැඩියෙන්ම ගීත ලියවී ඇත්තේ ආලය වෙනුවෙන්ය. ආලය ඇතිවීම පිළිබඳවය.ආලය නැතිවීම පිළිබඳවය.වෙළෙඳපොලේ මේ තරම් විකිනෙන වෙනත් දෙයක් තිබේදැයි සැක සහිතය.දිනපතා සීග්‍රතාවය අඩු නොවෙමින් ඉහල යයි.

 මේ ලඟදි මම මිතුරෙකුට කතා කරමින් සිටියෙමි. එවිට ඔහුගේ අනිත් දුරකතනයට ඇමතුමක් ලැබිණි.

ආ කෑවද?? ඇයි කෑවේ නැත්තේ?? ඔහු ප්‍රේමනීය හඬකින් විමසයි. මම චුටි වැඩක මිනිත්තු පහකින් කතා කරන්නම් යැයි පවසා ඔහු නැවතත් කතාව පටන් ගත්තේය. පැණි ඉතිරෙනවා නේදැයි මා ඇසුවෙමි.

එහෙම තමා මුල මාසේ නලවලා තියාගන්න ඕනේ.ඔහු පැවසුවේය.ඇය ගැන මට දුකක් නැත.ඔහු හදන්නට නොයන්නෙමි.ඇයට හොඳ නම් ඔහුට හොඳ නම් මට පාන්ද?? ඔහු ඇය නලවනු ඇත.ටිකදිනකින් ඇයට කතාකිරීම පුරුද්දක් වනු ඇත. ඒවිට ඔවුන් එයට ආලය යැයි පවසනු ඇත.එහෙත් බැරිවෙලාවත් කටින් වචනයක් පිටවුවහොත් ආලය අතුරුදහන් වේ.නැති දේ අතුරුදහන් වීම අරුමයක්මය.නැවත පුරුද්ද මතුවී ආලය ඇතිවනු ඇත.

ඔහු මා දුකින් ඉන්නා විට කුමක් හෝ අලුගුත්තේරු කතාවක් කියා මා සිනා ගන්වයි.නැතහොත් සින්දුවක් හෝ කියයි.ඉතින් ඔහු මට වටිනේ ය.උපදෙස් දීමට ගොස් යාලුවා නැති කර ගැනීමට මට නොහැක.මම ඉතාම හොඳ පුද්ගලයෙකු නොවෙමි.එබැවින් උපදෙස් දියයුතු බව නොපවසන්න.

මා කාන්තා විමුක්තිදාරිනියක්ද නොවෙමි.සිරි ලංකාවේ කාන්තාවන්ට විමුක්තිය ලබා දිය නොහැක. කාන්තාවක්  වෙනුවෙන් පිරිමියෙකුට  යමක් පැවසුවහොත් අවසානයේ නරක මිනිසුන් වන්නේ අපිය.ඒ නිසා ඕනි කුදයක් ගසාගන්නට කියා මා මගේ පාඩුවේ සිටිමි. 2008 සිටි මා දැන් මා නොවේය. 2008 සිටි මාගෙන් දැන් මා මනින අය ගැන සෝරිය. ලීවාට පලක්ද නැත.ඔවුන් මෙය නොකියවයි.

මාතෘකාවෙන් පිට පැන්නෙමි.

ආලය.ආලය බිඩියකි, බිඩි සතපහට දෙකකි. අපේ අප්පච්චිගේ සමරු පොතක එසේ තිබුනා ය.කෙනෙක් මා ගැන අනුකම්පාවෙන්ම මට ආලය නොකරයි.අපේ අම්මා නම් පවසන්නේ නියම ආලය නම් එය බවයි.මා දන්නා මලදානයක් නැත.

ආලය යනු පුරුද්දද?? පුරුද්ද ආලය යනුවෙන් හඳුන්වන්නේමුද?? ආලය පුරුද්ද නොවුවත් ආලය යනු තන්හාවමය.තන්හාවට සිනි ටිකක් තවරා රැස්කරන ලද ආහාරයක්මය.එකිනෙකා ගැන තන්හාවෙන් සිටින්නෙමු.

ආලය මැවි ඇති විටෙක මම ඔහුට මෙසේ සලකන්නම් යැයි සිහිනා මවයි.එහෙත් කේන්තියට ආලය නැති කිරීමට තප්පර ගණනක සෑහේ.

මා දන්නා ජෝඩුවක්‌ සිටියහ. අක්කි අනාත දැරියක් ය.ඇයට දැඩි ලෙස ආලය කල අය්යා කරන්ට් වයරයක්වත් නිවසේ ගැසීමට ඇයට ඉඩ නොදුන්නේය.ඒ අය අහිමි වීමට බියේය.තමන් තනි වනවාට බියේය. එහෙත් සුනාමි දා අවුරුදු 6 ක දරුවාද බිරිඳද දමා මාස තුනක් වයසැති දරුවාද සමග පියා රැල්ලට ගසාගෙන ගියේය.මල ගෙදර ඇය විලාප තැබුවාය. එදින මා තීරණය කලේ කවදාවත් ආලය නොකරන බවටය. නමුත් අවුලක් නැත. මා නොකරන බවට දිව්රා ඇති බොහෝ දේ මා කර ඇත.මා සිතාගෙන සිටි කිසිවක් මෙතෙක් සිදුවී නැත.

කෙසේ වුවද ආලයේ අවසාන ත්‍යාගය කඳුලයි.නැති දෙයක් ඇති දෙයක් උපදවා යන්නට යයි.එය අද වුවද මිය යන දින වුවද පොදුය. එකෙක් නැති වූ විට අනිකා ආලයෙන් දුක විඳි. අවුරුදු සියයකින් මියගියද ජිවත් වන එකාට දුකය.



26 comments:

  1. ආලය යනු මොන හුට්ටප්පරයක්ද කියා මට තේරෙන්නේ නැත... තේරේවී කියාද සැකය... දැනෙන්ට ආලය කලහොත් එදිනට කිව හැකි වනු ඇත... අනේ මංදාය...

    ReplyDelete
  2. මට නම් හිතෙන්නේ ආලය සොඳුරු හැඟීමක් ... පරිත්‍යාග තිබිය යුතුමයි.අපි දකින විදිය අනුවයි දුක සතුට තීරණය වෙන්නේ.. දුක ඇහෙන් බැලුවොත් ආලයත් දුකක්ම විතරයි..

    ReplyDelete
    Replies
    1. ඔහොම යන්.. නම අහලා පුරුදුයි වගේ...

      Delete
  3. මිනිස් සිතේ දෙපැත්තක් ඇත..එක පැත්තක් හැඟුම් බිහිකරන අතර අනිත් පැත්ත බුද්ධියයි.. හැඟුම් වලට වහල් වීම මනුස්ස ස්වභාවය නොව තිරිසන් ස්වභාවයයි.. අපිද සියල්ලෝම තිරිසන්නු වෙමු.. මිනිස්සු වෙන්නට නම බුද්ධිය පැත්ත හැඟුම් පැත්ත යටපත් කල යුතුය.. නිවන කියන්නේ එයටයි.. ආලය ආදරය කියන්නේ හැඟුම් වලට වහල්වීම පමණකි.. එය සොබාදහම එහි පැවැත්මට තිරිසනාට දී ඇති දායාදයයි.. සත්වයා සියයට සියයක් සොබාදහමට අවනතවෙමින් වර්ගයාගේ පැවැත්මට ලිංගික එක්වීම සිදුකලද මනුස්ස වර්ගයා අන් සෑම දෙයක් මෙන්ම එයද වර්ගයාගේ පැවැත්මෙන් එපිටට තල්ලුකර ඇත.. උපත් පාලන ක්‍රම සොයමින් එහි ගැලී ඉන්නට අපට සිදුවී ඇත්තේ ඒ නිසාය.. ලිංගික එක්වීම සොබාදහම දුන්නේ වර්ගයා බෝකිරීමට උපකාරවෙන උපක්‍රමයක් උගුලක් ලෙස වුවද ඒ උගුල අද ප්‍රධාන කාර්යය බවට පත්වී ඇත.. ආලය යනු ඒ උගුලට ඇති සුන්දර නමක් මිස වෙනෙකක් නොවේ.. මෙසේ බන කියන මමද එහි වහලෙකි..

    ReplyDelete
    Replies
    1. එකම තමා මාත් කියන්නේ...

      Delete
    2. හැබැයි බුද්දියට ඉඩ දුන්නාමත් පසුතැවිලි වෙන්න වෙනවා..

      Delete
  4. ආලය ගැන ඔය වගේ තාවකාලික කලකිරීම් ඇතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. සදාකාලිකව කලකිරෙන්නේ නම් යෙහෙකි.

      Delete
  5. // නමුත් අවුලක් නැත. මා නොකරන බවට දිව්රා ඇති බොහෝ දේ මා කර ඇත.මා සිතාගෙන සිටි කිසිවක් මෙතෙක් සිදුවී නැත.//

    ආලය කෙසේ වෙතත් මේ ටික නම් මරැය. මටත් තියෙන්නෙ මේ තියරියමයි. හි හි...

    ReplyDelete
  6. හ්ම්ම්... කමෙන්ට් එක වැටුනාද මන්දා. තදියම නිසා වෙන බ්ලොග් එකක් ඔපන් කලා ෂිකේයියා මගේ හදිස්සිය.

    ReplyDelete
    Replies
    1. ඔය උද තියෙන්නේ දිලිසි දිලිසි... :)

      Delete
  7. හ්ම්ම්ම් හැම දෙයක්ම අස්තිරයි කියලා කියනවනෙ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....හ්ම්ම්....

      Delete
  8. මම මේක විග්‍රහ කරන්න ගිහින් අනාගන්නෙ මොකටද කියලා හිතුනා. ඔය අනිත් අය කියන දේවල් කියවලා නිකං ඉන්නවා. :D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  9. ආදරය = :/

    ReplyDelete
  10. ආලය මල වදයක් බං.... මට නං දැං එහෙම හිතෙනවා... එදා හිතට වහල් නොවුනා නම් අද මම කොතැනද කියලා හිතෙනවා....

    හැබැයි පුංචි හිනාවකින්, චූටි කිස් එකකින් ඒ ඔක්කොම අමතක වෙනවා.. ඒක ආලයේ වරදක් නෙවෙයි... මගේ හිතේ වරදක්...

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ.... මෙන්න මෙය අපිව බය කරනවා... අනේ මන්ද අප්පා ඕවා.. මොන කරුමයක් පල දෙයිද කව්ද දන්නේ...

      Delete
  11. ආලය නේ...අර මගේ වයිෆ් හයිලයිට් කරලම දාලා තීන ටිකම තමා මටත් ඔළුවට ආවේ.. මාල් මම කියපුවා දැක්කනේ.. ඒව මම කලේ නෑ කියලත් දැන් දන්නවනේ ඉතින්.. :)

    ReplyDelete
  12. ආදරය කියලා එකක් නැත.. ඇත්තේ ආදරය කියා අප හිතාගත් දෙයක් පමණකි. එක එක අයට එක එක විදිහට ආදරය කල හැක්කේ ඒ නිසාය. කොටින්ම ඕනම ඉලව්වකට ආදරය කියලා කියන්නට පුලුවන්ය. කෙල්ලන්ව ඉඹින්නේ ආදරයටය, අම්මලා ගහන්නේ ආදරයටය.. තාත්තලා බුම්මං ඉන්නේ ආදරයටය... ඡන්දය ඉල්ලන්නේ අපිට ආදරයටය, අපි දෙන්නේත් අපිත් ආදරේ නිසාය... ජාතියට, ආගමට, අසල්වැසියාට, අසල්වැසියාගේ නෝනට, කලාවට, ජනතාවට, කඳුලට, සිනහවට පමණක් නෙමෙයි ආදරයටද ආදරය කල හැක....

    මට නම් අමාරුම බල්ලන්ට ආදරය කිරීමයි

    ReplyDelete
  13. ආදරය කියන්නේ තමන්ට තමන් ගැන ඇති දැඩි ඇල්ම මිස අනෙකක් නොවේ ය.
    මම අරයාට ආදරේ ය,මෙයා ට ආදරේ ය කියා කොතරම් කීවත් ඇත්තටම අපි ආදරේ අපිටම ය.

    ReplyDelete
  14. ඔබේ සටහන මාව සුවපත් කරනවා.. ඒ ගැන නම් මම ඇත්තටම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මාල්.. ආදරය කියන්නේ කඳුලම තමා..ඒ කඳුලු ඇස් දෙකින් කඩාගෙන වැටෙන කොට තමා මේ සටහන කියවන්න ගත්තේ.. කියවලා ඉවර වෙනකොට ඇස් දෙක වේලිලා.. මම ආයේ නාඬා ඉන්නවා කියලා මම කියන්නේ නැ..ඒත් අඬන්න හිතෙන වෙලාවට ආයේ ඇවිත් මේක බලලා යනවා කියලා නම් කියන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.කොහොම උනත් කලිනුත් කිව්වා වගේ ආදරේ අන්තිම ත්‍යාගය තමා කඳුල.එක අපි හැමෝටම උරුම දෙයක්...

      Delete
    2. මම මේ බ්ලොග් අවකාශේ ඇතුලේ හැම පොස්ට් එකක් කියවන බ්ලොග් කිහිපයක් තියෙනවා.. මේ බ්ලොග් එකත් ඒ අතුරින් එකක්.. මඟ ඇරුනු ලිපි පවා කොහොම හරි වෙලාව හොයාගෙන කියවනවා.. සමහර් ලිපි ආයේ ආයේ කියවනවා.. :)
      බ්ලොග් ලියන්න මූඩ් එකක් නැ කියලා කලින් පොස්ට් එකක් දැක්කා.. ඒ වුනාට මාසෙකට අඩුම ගානේ දෙකක් වත් ලියයි කියලා බලාපොරොත්තු වෙනවා.. ඒ තරම් ආසාවෙන් මම මේ බ්ලොග් එක කියවනවා..ජය වේවා..

      Delete
    3. අනේ.... බොහොම ස්තුතියි.තව එකක් දාන්න තියනවා.පොඩි ව්‍යාපාරික ලිපියක්.දන වෙරි නිසා බැ. හවසටවත් දානවා..

      Delete