Thursday, August 9, 2012

නීති රීති..



                  "නංගි, ඔයා මට පොරොන්දු වුනා ඔයා ආය fb එන්නේ නැ කියලා.ඔයාට 
                   රකින්න බැරි පොරොන්දු ආය දෙන්න එපා.මං අවසාන වතාවටයි මේ 
                   කියන්නේ.ඔයා මාගේ හිත ගොඩාක් රිද්දුවා.ඇයි මට මෙහෙම කරන්නේ??"


මේ තියෙන්නේ මාගේ යෙහෙළියකට ලැබුණු කෙටි පණිවිඩයක්.ඇත්තටම ප්‍රේමවන්තියන්ට ෆේස්බුක් තහනම්ද?? ෆේස්බුක්, ප්‍රේමයට තර්ජනයක්ද???  මේක ගැන අදහස් දැනගන්න මම යාළුවො දෙන්නෙක්ට කතා කරලා ඇහුවා.ඒගොල්ලෝ මාගේ කොල්ලා නම් මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක ගැන මොකද කියන්නේ කියලා. එක්කෙනෙක් නං එයා මාගේ කොල්ලා නොවන නිසා උත්තර දීම ප්‍රතික්ෂේප කරා. අනිත් එක්කෙනා නං කිව්වා එයාට ප්‍රශ්නයක් නැ කියලා. හැබැයි වැඩි දුරටත් කිව්වේ කෙනෙක් මට ෆේස්බුක් එක ගැන නීති රීති පනවනවා නං ඒ මට තියන ආදරේට, මාව නැති වෙයි කියන බයට කියලා.

මෙන්න මාගේ අදහස -  දකින දකින කෙනාව එකතු නොකර ගන්න තාක් කල්, ලැබෙන ලැබෙන ඉල්ලීම්
අනුමත නොකරන තාක් කල් සහ තමන්ගේ ප්‍රොෆයිල් එකේ ඉන්න අය ගැන තමන්ට අවබෝධයක් තියන තාක් කල් එක ප්‍රශ්නයක් නොවන බවයි. උදාහරණයක් හැටියට අවුරුදු දහතුනක් එකම ඉස්කෝලේ එකම පන්ති වල ඉඳලත් මුනට කතා නොකරපු යාලුවෙක් නොවුන කෙනෙක්ව එකම ඉස්කෝලේ පලියට  මම ෆේස්බුක් එකේ ඇඩ් කරගන්නේ නැ. අවුරුදු දහතුනක් තිබිලත් ගොඩ නොනගුනු යාලු කමක් ෆේස්බුක් ඒකෙන් ආය ඇතිවෙයි කියලා මම හිතන්නේ නැති නිසා. එහෙම රික්වෙස්ට් එකක් එවලා තියනවා නං මට හිතෙන්නේ මොකක් හරි ඕපාදුපයක් දැනගන්න ඕනේ වෙලා කියලා තමයි.

අනිත් එක ඉන්න යාළුවො උනත් තමන්ගේ පින්තුර දකින්න නුසුදුසුයි කියලා හිතන අය ඉන්නවා නං හංගන්න පුළුවන්නේ. ඉතින් මෙච්චර හොඳට ෆේස්බුක් පාවිච්චි කරන්න පුළුවන් කම තියෙද්දී තමන්ගේ ප්‍රේමවන්තිය අහිමි වෙයි කියලා හෝ වෙන මොකක් හරි හේතුවකට ෆේස්බුක් අතහරින්න කියන එක ඒ මනුස්සයාව අනවශ්‍ය පීඩනයකට ලක්කිරීමක් විදිහටයි මට පෙන්නේ.

පුම්බපු බැලුමක් අතින් තදකරගෙන වතුර යට තියන ඉන්නවා වගේ තමන්ගේ ගැනු ලමයව නීති රීති දාලා කොටු කරගෙන ඉන්න ඒකෙන් වෙන්නේ ඒ අත ලිහිල් උන දවසක බැලුම උඩට එන එක. ඊට වඩා හොඳයි බැලුමට පාවෙන්න දීලා එයා ආරක්ශිතද ඒ ගැන අවබෝධයක් තියනවද කියන එක ගැන සෙවිල්ලෙන් ඉන්න එක. තමනගේ සීමා මායිම් තමන්ම හදාගත්තොත් ඇරෙන්න වෙන කෙනෙකුගේ සීමා මායිම් කොච්චර කරත් වේලාවකදී බිඳෙනවා. එක තේරුම් අරගෙන තමන්ගේ ගැනු ලමයව විස්වාස කරන්න කියලා කියන්න කැමතියි. එයාට අවබෝධයක් නැත්නම් එක ලබාදෙන්න.

කව්රුහරි තමන්ගේ ගැනු ළමයට සිමා මායිම් දාලා හැමෝම එහෙමයි කියලා කියනවා නං එකත් කරන්න එපා. තමුන්ගේ තත්වෙට අනිත් මිනිස්සු ඇදලා ගන්න එපා.මොකද එහෙම නොකරන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා.මේ වෙලාවේ එහෙම කෙනෙක්වත් ගෞරවයෙන් සිහිපත් කරනවා...




14 comments:

  1. විශ්වාසය පදනම කරගන්නවා නම් ගැටළුවක් නැහැ

    ReplyDelete
  2. ඒකනම් ඇත්ත.කවුරු වුනත් හිර කරලා නිදහස සීමා කරලා තමන් ළඟ තියාගන්න ඕනි නෑ.එහෙම තියාගෙන වැඩකුත් නෑ.
    ඇත්තටම ආදරේ නම් කොහොම නිදහසක් තිබුනත් ළඟ ඉන්නවා..
    ආදරේ නැති කෙනා කොහොම සීමා මායිම් දාල ළඟ තියාගත්තත් දැන් ඇති කියල හිතුනම යනවා.
    ඕක තමා මට හිතෙන දේ.

    ReplyDelete
  3. මම ආදරේ හොයා ගත්තෙත් ෆේස්බුක් එකෙන් නේ.. :)

    ReplyDelete
  4. ඔකේ අනිත් පැත්තත් දකින්න පුළුවන්. කෙල්ල කොල්ලට ෆේස්බුක් තහනම් කිරීම! :P

    ReplyDelete
    Replies
    1. ඔය බයට වෙන්න ඇති සමහරු ජෝඩු පිටින් ෆේස් බුක් වල පින්තුරේ ඉන්නේ ! හික්..

      Delete
  5. අන්න ගල් මෝඩයෙක්.. එයාට මගේ බ්ලොග් එකේ සමහර ලිපි අදාලයි.. තමුන්ට තියාගන්න බැරි මගුලක් බලෙන් තියාගන්න හදනවා. ඒ කියන්නේ මිනිහට සැකයි කෙල්ල බුකිය හරහා වෙන එකෙක් එක්ක යාලු වෙයි කියලා. ඇයි මනුස්සයෝ ඔය කරත්තේ බැඳ ගන්න කලින් රෝද දෙක දුර ගමනක් යන්න හයියද කියලා දැනගන්නේ කොහොමද ඔය වගේ ට්‍රයල් වලට නොදා ? (කරත්තේ කිවුවේ කෙල්ලට නෙවෙයි සම්බන්ධෙට) පුළුවන් තරම අවස්ථා දෙන්න ඕන අවශ්‍ය නම් යන්න. එහෙම යන අය කොහොමටත් යයි.. ඔය විදිහට කූඩු කරලා තියාගෙන බැඳගත්තට පස්සේ නිදහස හොරෙන් හොයා ගනීවි.. මං දන්නවා එහෙම කතාවක්..

    ReplyDelete
    Replies
    1. හරියටම කිව්වා...... අර මොකාද බමුණට වෙච්ච වැඩේ තමා වෙන්නේ..... එහෙමත් නැත්තම් අර ගෑනි ලෙනේ දාලා ලෙන් දොර වහලා ගිය සිංහයාට වෙච්ච දේ තමයි....
      කොල්ලට ෆේස්බුක් එකේ මගූල් නටන්න හොදයි.. ( නැත්තම් එයා කොහොමද දන්නේ..) මෙච්චරකල් ඒකෙ හිටපු කෙල්ලට හොද නෑ...

      හැබැයි ඉතිං ඔය කෝකත් තමන්ගේ පාලනයක් තියාගෙන කරනවා නම් අවුලක් නෑ...

      Delete
    2. මම කියන්න හිටිදේ සරත් කියලා!
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  6. අපූරු පෝස්ටුවක් යාළු.මං නම් ඇත්තටම ආස නැහැ මට නීති දානවට.

    කවුදෝ මං වගේ කමෙන්ට් එකක් දැම්මා කිව්වා නේද?කොහොමත් මේ ටිකේ ඔහොම මානසික ලෙඩ්ඩු වැහි වැහැල....:)

    ReplyDelete
  7. දෙන්නට දෙන්නා අනවශ්‍ය විදිහට සීමා දාන්න ගියොත් පස්පෙ පස්සෙ එතන ආදරයක් නැති වේවි.මේ නීතිත් එක්ක ජීවත් වෙන්න පුලුවන්ද කියලා දමලා ගහලා යයි.

    ReplyDelete
  8. මට නම් ෆේස් බුක් විකාරයක්.. පට්ටම විකාරයක්..

    ReplyDelete
  9. ඒ දෙන්නම ඒ දෙන්නට ඇත්තටම ආදරේ නැ
    ඒ ආදරය හදවතේ ගැඹුරුම තැනින් ලියලපු එකක් නං
    sms එක ඔයා දකින්නෙත් නැ
    ඔයාගේ යාළුවට sms එක එන්නෙත් නැ

    ReplyDelete
    Replies
    1. ආදරේ නැ කියලා කියන්න මං කැමති නැ. එත් ප්‍රශ්නයක් තියනවා. ආදරයට වඩා තමන්ට ඉන්න පුලුවන් තෝරාගැනීමක් කියලා තමයි මට හිතෙන්නේ. සමහරුත් එක්ක ආදරේ තිබුනට නොගැලපීම් වැඩිය් නං ඉන්න බැනේ. මේ දෙන්නා ලඟදි බඳිනවා හැබැයි.

      Delete
    2. හෆොයි.. එච්චරයි මට කියන්න පුළුවන්..

      Delete