Monday, September 17, 2012

පත්තරකාරයොන්ගේ විලාසිතා සංදර්ශන කෙරුවාවල්...

පහුගිය සති එකහමාරේම ඔන්ලයින් එන්න ලැබුනේ නැනේ.එකට හොඳ හේතුවක් තිබුනා.එක ගැන විස්තරයක් ලියන එක හොඳයි කියලා හිතුනා මිනිස්සුන්ට දැනගන්නත් එක්ක. මම සාමාන්‍යෙන් බ්ලොග් එක ලියන්න මම වෙනුවෙන්. එත් මේ පොස්ට් එක නම් ලියන්නේ කියවන අය වෙනුවෙන්.

මගේ හොඳම යාළුවා ලංකාවේ ප්‍රරසිද්ධම රජයේ ඉංග්‍රීසි පත්තරේකින් සංවිධානය කරපු ඩිසයිනර්ස්ලගේ කම්පෙටිෂන් එකකට ඇප්ලයි කරලා තිබුනා. ඉතින් මමත් එයත් එක්ක කම්පෙටිෂන් එකට ඇඳුම් හැදුවා. එක තමයි පහුගිය දවස වල බිසී වෙන්න හේතුව. එක බ්ලොග් පොස්ට් එකක් දාන්න තරම් හේතුවක් නෙවෙයි.එත එතනට ගියාම වුනු දේවල් නම් බ්ලොග් පොස්ට් එකක් නෙවෙයි පත්තරේකට ලියන්න වටිනවා.

මගේ යාළුවා දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ ඩිසයිනින් ඉගෙන ගන්නවා. ඉතින් කොහොම හරි ඇප්ලයි කරලා අවසන් අර්ධ පුරවා තරඟය සැප්තැම්බර් දහසය වෙනිදා කියලා එකට තමයි ඇඳුම් තුනක් ඩිසයින් කරන්න කියලා තිබුනේ. ඊට කලින් ඇඳුම් වල ස්කෙචස් එහෙම විනිශ්ය මණ්ඩලයක් බලලා තෝරලා තමයි අර්ධ පුරවා තරග වලට හදන්න අවසර දුන්නේ.ඉතින් මාසයක් විතරම මහන්සි වෙලා කඩවල් ගානේ ගිහින් ගැලපෙන රෙදි, පාටවල් හොයලා අනිත් බඩුත් හොයාගෙන තමයි ඇඳුම් තුනම හැදුවේ. අන්තිම සති එකහමාරේ රෑ වෙනකම් බ්ලොක් හදලා, මහලා ඇඟිලි තුවාල කරගෙන ඇඳුම් හැදුවා. හිතාගෙන හිටපු ඒවා ප්‍රැක්ටිකල් නෑ කියලා තේරුනාම ඒවා වෙනස් කරලා ඒවාට පිළියම් යොදලා කොහොම හරි සාරි කැටගරි එකෙනුයි, ඊවිනිග් වේයා එකක් සහ කැෂුවල් වෙයා කියන කැටගරි තුනෙන් හැදුවේ.

අර්ධ  පුර්ව තරංග වලට ඩිසයිනර්ස් ලා 18 ක් ඉන්නවා කියලා තමයි පත්තරේ දාලා එගොල්ලොන්ව හඳුන්වලා දීලා තිබුනේ.ඉතින් ඉරිදා අපි ගියා ඇඳුම් තුනත් අරගෙන.ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හොටෙල් එකේ තමයි තරඟ තිබුනේ. ස්කෙචස් බාරදෙන්න ගියපු දවසේ එතනට මොඩල්ස්ලා ඇවිල්ලා හිටියා වැඩක් හොයාගන්න. "මම ඔයාගේ ඇඳුම් අන්දින්නද" කියා කියා මගේ යාලුවාගේ පස්සෙන් ඇවිත් තිබුනා . එත් ඒ වෙනකොට අපිට වෙන නංගි කෙනෙක් හිටපු  නිසා අපි එතන හිටපු අයව ගත්තේ නැ.

ඉරිදා උදේ අපි එතනට ගියාම පත්තරේ මීඩියා කෝඩිනේටර් කියලා ගෑනු කෙනෙක් හිටියා.අපි ලේසියට එයාට නදීෂා කියමුකෝ. එයා අපිව දැක්ක ගමන් "ආ ඔයගොල්ලෝ මෙතන අන්දන්න" කියලා බලෙන්ම උපදෙස් දුන්නා.එයා නිකන් එතන ලොක්කා වගේ තමයි හිටියේ. එයාගෙන් ඇහුවාම මොකද්ද ඉස්සෙල්ලාම අන්දන්න ඕනේ ඇඳුම කියලා නදීෂා දැනගෙන හිටියේ නැ. පත්තරෙයි ඩිසයිනර්ස් ලයි කෝඩිනේට් කල අසේල (අන්වර්ථ නමකි.) කියන එක්කෙනාගෙන් ගිහින් අහලා ඇවිල්ලා අපිට කිව්වා කැමති එකක් අන්දන්න එහෙම පිළිවෙලක් නැ කියලා. ඉතින් ඔන්න අපි මේකප් එක එහෙම දාලා අන්දන්න ගත්තා. බාගයක් විතර කරගෙන යනකොට අසේල ආයමත් ඇවිල්ලා කිව්වා සාරි තමයි ඉස්සෙල්ලාම අන්දන්න ඕනේ කියලා. අයම මේකප් එක අයින් කරලා මුල ඉඳං ඇන්දුවා. කොහොම හරි කිසිම පිළිවෙලක් නැතුවම කම්පෙටිෂන් එක ඉවර වුනා. නිවේදනය කලේ හිරු ටීවී එකේ ගෑනු කෙනෙකුයි වයි එෆ්.එම් එකේ මනුස්සයෙකුයි. ඊට වඩා හොඳට අපේ ඉස්කෝලේ මොනින්ග් ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා කතා වේවි අපි හිටියා.

දැන් තමයි හොඳම හරිය

අන්තිමට ඩිසයිනර්ස්ලා 18 ක් කිව්වට 30 ක් විතර පාර්ටිසිපෙට් කරා.ඒ කියන්නේ අර ස්කෙචස් බාරගත්ත දවසේ හිටපු විනිශ්ය මණ්ඩලයෙන් තොරව බර ගානක් ඇතුල් වෙලා හිටියා. මේ කම්පෙටිෂන් එකට රෙජිස්ටර් වෙන්න රු.2500 .00 . තව රු 3500 සහ 1000 ටිකට් පොත් ඩිසයිනර්ස්ලට දීලා තිබුනා විකුනන්න කියලා.

තරන්ගේ ඉවර වෙලා ඩිසයිනර්ස්ලා ගොඩක් අය ගියාට පස්සේ අසේල කියන මනුස්සයා ද්‍රසින්ග් රූම් එකට ඇවිත් ඇහුවා කවුද ඉන්න ඩිසයිනර්ස්ලා කියලා.එතකොට හිටියේ අපියි, තව දෙන්නෙකුයි විතරයි.අනිත් අය ඔක්කොම ගිහින්. ඒ පාර , එන්න ඔයගොල්ලොට නිකන් සපත්තු අරගෙන දෙන්නන් කියලා ඩිසයිනර්ස්ලා ටික එකතු කරගෙන කොටුවට ගියා. ඒ යනකොට අර නිවේදනය කරපු පිරිමි ළමයයි , ඕගනයිසින් කමිටි එකේ ගෑනු ටිකකුයි ඩිසයිනර්ස්ලා තුන්දෙනෙකුයි තමයි එක්කගෙන ගියේ. කඩේට ගිහින් කඩේ හිටපු අහිංසක මනුස්සයාට අර ඕගනයිසින් කමිටි එකේ නාකි ගෑනු ටිකව ඩිසයිනර්ස්ලා කියලා අඳුන්වලා දීලා උන්ට සපත්තු අරගෙන. ඊට පස්සේ හිටපු ඩිසයිනර්ස්ලා තුන්දෙනාට සපත්තු දෙනවා වගේ ෆොටෝ එකකුත් අරගෙන අර ගෑනුන්ට සපත්තු නිකන් අරගෙන දීලා ආපාහු හොටලේට එක්කගෙන ආවා.

ඒගොල්ලෝ එනකන් මගේ යාලුවාගේ අම්මයි මමයි හොටෙල් ලොබි එකට වෙලා හිටියේ.ඒ ඉන්නකොට  පත්තරේ ෆොටෝග්‍රෆර් කතාවට සෙට් වුනා. ඊළඟට තියෙන්නේ ඒ කොල්ලාගෙන් දැනගත්ත විස්තරේ.

මේ කම්පෙටිෂන් එක ගිය අවුරුද්දේ දිනපු මනුස්සයා දිනලා තියෙන්නේ පත්තරේට ලක්ෂ පහක අල්ලසක් දීලා. ඒ අල්ලස දීලා  ට්‍රෝෆි ඔක්කොමයි ප්ලේසස් එක්කොමයි ඒ මිනිහා අරගෙන. අපි එතන ඉන්නකොට අර මීඩියා කොඩිනේටර් නදීෂාට අන්දපු ළමයාගේ අම්මත් හිටියා. ෆොටෝග්‍රෆර් ඇහුවාම කවුද මොඩ්ලර් කියලා අර අම්මා කිව්වා නදීෂා කියලා. ඒ පාර පල් හිනාවක්‌ දාපු ෆොටෝග්‍රෆර් කියනවා, නදීෂා මොඩ්ල් කළා නම් ඉතින් ප්ලේස් එකක් තියෙයි,මිස්ටර් අසේල දෙන ලකුණු දහය කපාගන්නේ නැතුව තියාගන්න පුළුවන් කියලා.නදීෂා ලඟින් තියාගෙන ඉන්න එක හොඳයි කියලත් කිව්වා.එකේ තේරුම හදපු ඩිසයින් එක මොකක් වුනත් මොඩ්ලර් අසේලත් එක්ක ෆිට් නම් වැඩේ ගොඩ බවයි.

නදීෂට අන්දපු ළමයාගේ අම්මා ඇහුවා පත්තරේ ෆොටෝ යයිද කියලා.එතකොට කියනවා නදීශාගේ ෆොටෝ නම් අනිවාර්යෙන් යනවලු. ඒ කියන්නේ ඩිසයින් එක මොනවා වුනත් නදීශාව ගත්ත නං හරි. මේ කම්පෙටිෂන් එකේ ෆොටෝ ඔක්කොම දාලා ඩිසයිනර්ස්ලාගේ පේපර් කටින්ග්ස් දාලා ස්ටෝරි බුක් එකක් හදන්න පහළොස්දාහක් ගන්නවලු.එත් ඒ මනුස්සයාට විකුනන්න තහනම් ෆොටෝස් ඕනේ නම් සිඩි එකක දාලා දෙන්නම් කියලා අර අම්මට කියනවා. වෙන ඉන්ටර්විව් එකකට යනකොට හරි වැදගත් වෙයිනෙ කියලා මම ෆොටෝග්‍රෆර්ගෙන් ෆොන් නම්බර් එක ඉල්ලගත්තා සිඩි එක ගන්න. ඒ මනුස්සයා මට කියනවා ඌට මිස් කෝල් එකක් දෙන්නලු. ඒ මනුස්සයා වෙන අදහසක් තියාගෙන එහෙම කිව්ව නිසා මාත් බොරුවට "හා" කියලා නම්බර් එක ඉල්ලගෙන ඇවිල්ලා මගේ යාලුවට දුන්නා ඕනේ නම් පස්සේ කතා කරන්න කියලා.

අර ළමයාගේ අම්මට තේරෙන්නේ නැ එතන වෙන්නේ මොකද්ද කියලා.එච්චර වයස ගිහිල්ලත් මිනිස්සු මොකාටද එන්නේ කියලා ඒ මනුස්සයාට තේරෙන්නේ නැ. ඒ ළමයා කොටුවට ගියපු වෙලාවේ මගේ යාළුවාට කියලා - අනේ අර අසේල කියන්නේ මහා ජරා මිනිහෙක්,වෙන තැනකදී හම්බෙන්න පුලුවන්ද කියල ඇහුව- කියලා. ඒ ළමයා හුරතල් වේවි ඒ මිනිස්සුත් එක්ක කතා කරනවා, තමන් වෙනුවෙන් පෙනී ඉඳලා කොන්ද කෙලින් තියාගෙන වැඩක කරගන්න පුළුවන් විදිහට අම්මලා ලමයව හදලා නැ. අම්මට තේරෙන්නේ නැති එකේ දුවට තේරෙන්නේ නැති එක කියන්න දේකුත් නෙවෙයි.ඒ මනුස්සයාට ඕනේ මොනවා වෙලා හරි ඒ ළමයට ප්ලේස් එකක් තියෙන්න. තමන්ගේ දුවට නරකක් වුනු දවසට අම්මට තේරෙයි!

නදීෂා වගේ ගෑනු නිසා ඩිසයිනින් ෆීල්ඩ් එකේ ගරුත්වයත් නැති වෙලා තියෙන්නේ.වෙන මිනිහෙකුටවත් ගරුත්වයක් තියාගෙන වැඩක් කරන්න බැරි විදිහට උන් එක කාලා.

අපිට වැඩක් කරගන්න මිනිස්සුත් එක්ක යන්න වෙන්නේ නැති එක ගැන සතුටින් , මම අවට සමාජය කොච්චර ආරක්ශාකාරිද කියන හැගීමෙන්, ඒ මිනිස්සු ගැන ලේ කුපිත කරගෙන ගෙදර ආවා. මම ඉන්න සමාජයේ බස් එකක යනකොට අපහසුතාවයක්  වුනොත් ඇරෙන්න ආත්මය පාවාදෙන්න, බ්ලක්මෙල් වෙන්න වෙන්නේ නැ. එක කොච්චර වටිනවද නිදහස්ද කියලා හිතුනා.

දැන් මේකේ ෆයිනල්ස් තිස්වෙනිදා තියනවා. ප්ලේස් එකක් තියෙයිද දන්නේ නැ. තිබුනත් දැන් එකේ වටිනාකමක් නැ. මොකද එතන තියන නිර්දය සමාජය නිසා. ඩිසයිනර්ස්ලාගේ සල්ලි වලින් ෂෝ එකක් තියලා දිසයිනර්ස්ලාට එක බලන්න ටිකට් ගන්න කියනවා. තිස්වෙනිදට යන්නත් මට දැන් අප්‍රසන්නයි. දන්නා කියන කෙනෙක්ටවත් අය නම් ඕකට ඇප්ලයි කරන්න දෙන්නේ නැ.තව  ගොඩක් විස්තර තිබුනත් එකින් එක කියන්න බැ,පොස්ට් එක දිග වැඩි වෙන නිසා.ඔන්න ඕකයි ඉතින් පහුගිය සතියේ වුනේ...



21 comments:

  1. අනේ මන්දා.. හැමතැන අල්ලස්.. එක්කො මුල්‍යමය අල්ලස් නැත්නම් ලිංගික අල්ලස්.. වැඩක් කරන්න පුළුවන් කෙනෙක්ට වැඩක් කරන්න බෑ තමා.. :/

    ReplyDelete
    Replies
    1. මෙතන ඒ දෙකම තියනවා.කුනුහරපත් කටට ආවා ඉරිදා නං. ඒත් මේ පොස්ට් එක ලියනකොට කේන්තිය සෑහෙන්න අඩුවෙලා නිසා සමහර ඒවා ලියලත් නැ.

      Delete
  2. කතාව නම් ඇත්ත.............. දැන් ලොකෙ දුවන්නෙ මෙ තලෙට තමයි

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔෆිස් එකකට ගියත් මෙච්චර තමා.වෙලාවකට හිතෙනවා ගෙවල් වලට වෙලා ඉන්න එක කොච්චර සැපද කියලා.

      Delete
  3. මටනං මෙලෝ රහක් නැති අංසයක් තමා ඔය... සමහර එව්වෑනං ඇහැට සැපවත් තියේ... වැඩි හරියක් එව්වා මල කෝලං... අර හින්දි ෆිල්ම් එකක් ආවේ ෆැෂන් කියලා.. ඒක බැළුවම ඔක්කෝම අප්පරසන්න උනා... ඒත් එච්චරට ඇත්ත කියලා හිතුවේ නැහැ.. ඒත් බස්සෙන් පහු මං යාළු නෙච්ච ළමෙකුත් ඕවෑ ඉන්න ගියායින් පස්සේ තමා ඇතුලේ කෙරෙන වඩ සටහන හොඳටම තේරුනේ... ඕක නිකං බෝනික්කෝ සෙල්ලමක් වගේ දෙයක්...

    ReplyDelete
    Replies
    1. මාත් බැලුවා ෆැෂන් මුවි එක. මගේ යාලුවෙක් දැනට ටික කාලයකට කලින් එයාගේ ගර්ල් ෆෙන්ඩ් මොඩ්ලින් කරන්න යනවා,එපා කිව්වට අහන්නේ නැ කියලා බ්රේක් අප් වුනා.ඒ දවස වල යාළුවාට බන බන හිටියට දැන් හිතෙනවා එයා කිව්වා එක ඇත්ත තමයි කියලා.

      කියන්න අමතක වුනානේ, එතනට ඇවිල්ලා හිටියා අර ගෑනුත් නැති පිරිමිත් නැති අය.ඒගොල්ලෝ නම් හරිම හොඳයි. ගෑනුන්ටයි පිරිමින්ටයි වැඩිය එතන හිටපු.

      Delete
    2. ඇත්තටම ඒ අය ටිකක් විතර හොඳයි... හැබැයි එයාලා අතර ඉන්නවා තැරැව්කාරකම් කරන අයත්... ඒ හින්දා ටිකක් ප්‍රවේසම් වෙන්න ඕන එයාලා හරහා ඇතිවෙන සම්බන්ධකම් ගැන...

      එපාම කරපු උන් තමා පොටෝග්‍රැෆර්ලා...

      Delete
    3. එහෙම කියන්න එපා.හැම ෆොටෝග්‍රෆර් ම එහෙම නැ.වුර්තියේ නෙවෙයි වැරැද්ද තියෙන්නේ.මිනිස්සුන්ගේ..

      Delete
  4. ඕක තමා ෆීල්ඩ් එකේ ඇත්ත....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මිනිස්සු තමන්ගේ ව්ර්තියට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ. එහෙම නැති වුනාම තමයි ඔක්කොම ප්‍රශ්න.

      Delete
  5. අප්පා.....පොලිටික්ස් වගේමයි...

    ReplyDelete
    Replies
    1. පොලිටික්ස් හොඳයිද කොහේදෝ..

      Delete
  6. ඔය සිද්දි මේ රටේ හැම තැනම වෙන වෙන විදිහකින් සිද්ද වෙනවා.

    ReplyDelete
  7. ඇත්තටම මේ පොස්ට් ඒක පෙන්නන්න ඕනේ අපේ මවු වරුන්ටයි...මොකද මමත් ගොඩක් දැකල තියෙනවා ටමන්ට කරන්න බැරිවුන ආශාවල් තමන්ගේ ළමයින්ලවා ඉශ්ට කරගන්න ගිහින් ළමයින්ගේ ජීවිත අනතුරේ දාන දෙමවුපියෝ...එයාලට මේ පොස්ට් ඒක පෙන්නන්න පුලුවන්නම් මාර වැදගත්....

    ReplyDelete
  8. ඕක ඉතින් අපේ රටේ හැම ක්ෂේතරයකම තියෙන දුෂණය තමයි.. ආණ්ඩුවට ඇත දික් කලාට පුද්ගලික අංශය ඊටත් හපන්.. සාධාරණය වල් වැදිලා. අනුන් හදන්න කතාකරන පත්තර ඔක්කොටම හපන්

    ReplyDelete
    Replies
    1. රජයේ පත්තරයක් කියලා ලිව්වේ රජයක් වුනාම තවත් වගකීම් සහගත විය යුතු නිසා පෞද්ගලික ක්ෂේත්‍රයට වඩා. පත්තරකාරයෝ නම් ඕනෙම නැ

      Delete
  9. අපේ ඉන්න සමහර ගොන් කෙල්ලෝ හිතන් ඉන්නේ ඩිසයිනින්, ෆැෂන් කියන්නේ මල් අතුරපු පාරවල් කියලා.. මොඩ්ලින් කරන්න ලස්සන තිබ්බනම් ඇති කියලා... ඇත්තටම ඕවයේ වෙන දේවල් වලට මූණ දෙන්න හොද ආත්ම ශක්තියක් සහ තද විනයක් තිබුණේ නැත්තම් හොද ගැහැණියක් වෙන එක කෙසේ වෙතත් හොද මොඩල් කෙනෙක් වෙන්න වත් බෑ.... ඔය දෙන්න තියෙන අල්ලස් හැම දෙයක්ම දුන්නත් හොද මොඩ්ල් කෙනෙක් වෙන්න බෑ... ( කියන්න පුළුවන් හොදම විදියට මේ කිව්වේ..)

    ෆැෂන් ඩ්සයිනර් කෙනෙක් උනත් හිත තද, හැම දේකටම නොසැලී මුහණ දෙන්න පුළුවන්, අමාරු අවස්ථාවක කලබල නොවී වැඩ කරන්න පුළුවන්, සාමජය ගැන හොද දැනීමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ.. පියරු බබාලට නම් හොද ෆීල්ඩ් එකක් නෙවෙයි.....

    මේ බ්ලොග් එකේ මගේ පළවෙනි කමෙන්ට් එකද කොහෙද... වචන සැර වැඩි නම් සමාවෙන්න.....

    ReplyDelete
  10. හැබැයි හැම තැනම ඔය සිද්ධිය වෙන්නෙ නෑ. නම්බුව තියන් වැඩෙ කරගන්න වගේම නම්බුව තියන් වැඩ කරන සේට් එහෙකුත් ඉන්නවා. නමුත් මේ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. නෑ කියන්නෙ නෑ.

    ReplyDelete
  11. ගොඩක් දේවල් වල දැන් තත්වේ ඔහොමයි මාල්.. දැන් ඔය අන්තිම එක බලන්න යනවද?

    ReplyDelete
  12. ධමිමික ස‍‍දරුවන් - ඔව්. වෙනස් ප්‍රතිශත වලින් :)

    vishi dharsha - එක ඇත්ත විශි.සාදරයෙන් පිලිගන්නවා.

    හිරු - මේක ආසාවට ගිය ගමනකට වඩා විශ්ව විද්‍යාලයේ ඩිසයිනින් ඉගෙන ගන්න ළමයෙක තමන්ට අනාගතයේ වැඩ කරන්න වෙන ක්ෂේත්‍රය ගැන අද්දැකීමක් ලබා ගන්න කරපු දෙයක්.විය අනිවාර්යෙන් වැදගත් මොන ක්ෂේත්‍රයේ වැඩ කලත්. අපේ රටේ නැත්තෙත් එකමයි.

    මදාරා- ඔව්.හොඳි වැඩ කරන සෙට් එකකුත් ඉන්නවා.එත ඒ මිනිස්සුන්ටත් හරියට වැඩක කරගන්න බැරි වෙලා තියෙන්නේ මේ වගේ අය නිසා.

    දිනේෂ් - අන්තිම එකට නොගියොත් වියදම් කරපු විසිදාහක් විතර අපතේ යනවා.එක දවසනෙ.ඒ හින්දා ඔන්න ඔහේ ගිහින් එන්න තමා හිතාගෙන ඉන්නේ.මගේ යාලුවා දැන් තීරණය කරලා තියෙන්නේ අය ශෝස් වලට යන්නේ නැ, ඇකඩමික් පැත්තෙන් ඉස්සරහට යනවා මිසක් කියලා.

    ReplyDelete
  13. මාල්.

    මාත් මොරටුව කැම්පස් එකේ ඩිසයිනින් කෝස් එකට තේරුන කෙනෙක්... මම නම් ඒ පැත්තෙන් ගියේ නෑ.... නමුත් ෆීල්ඩ් එක ගැන මම ටිකක් දන්නවා.... මගේ යාලුවෝ ගොඩක් ඒ කෝස් එක කලා.. හැබැයි ෆිල්ඩ් එකට සම්බන්ධ වෙනකොටම මේක අමාරුයි කියලා කීප දෙනෙක්ම අතෑරියා... තුන්දෙනෙක් අද වෙනකොට හොද තැන් වල ඉන්නවා... ඒ තුන් දෙනාම හරිම tough කෙල්ලො.... ඒකයි මම එහෙම කිව්වේ...

    කො‌ෙහාමත් මේ වගේ අත්දැකීම් ලැබෙන එක හොදයි.. එතකොට හරියටම තේරුම් ගන්නවානේ මොකද්ද මෙතන වෙන්නේ, මොනාද තමන් කරන්න ඕනේ කියලා....

    ReplyDelete