Tuesday, June 7, 2011

අපි දකුණේ යයි උජාරුවෙන් කියන සියලු දෙනාට ලියමි

මෙය මා විසින් බලෙන් ඇදගත් කොක්කක් නොව,මා වෙත එල්ල කර දමා ගැසු කොක්කකි.මා කලේ එයට පිලිතුරු සැපයීම පමණි.මම අන්තවාදි උඩරැටියෙක් ද නොවෙමි.
කිසිම ජන කොට්ඨාශයක් පහත් කොට සැළැකීමද මෙයින් අපේක්ෂා නොකරයි.විරෝධතාවයක්,සාවද්‍ය දෙයක් ඇත්නම් පෙන්වා දිය හැක.


අපි දකුණේ යයි උජාරුවෙන් කියන සියලු දෙනාට ලියමි, දුටුගැමුණුගෙ සීයා ගොඨාභය මහානාග ගේ සොහොයුරෙකි.ඔහු අනුරාධපුරයෙන් පලා ගොස් රුහුණේ රාජ්‍ය පිහිටුවා ඇත.තවද මහානාග දෙවනම්පියතිස්සගේ සහෝදරයා ය.මහානාග අනුරාධපුරයෙන් ගොස් රාජ්‍ය පිහිටුවා ගැනිමට කිසිම සටනක් කර නොමැති විමෙන් පෙනෙන්නේ දකුණේ රජ්‍යක් එකල නොතිබුනු වගය.බුදුරදුන්ගේ ලංකා ගමන සිදුවු කාලයේ සිට මහානාග තෙක් කාලය තුල දකුනෙ රාජ්‍යක් තිබුනි නම් ඒ පිලිබඳ අදහස් දැක්විය හැක.මෙයින් පැහැදිලි වන්නේ දකුණේ කියලා මැරෙන්ඩ හැදුවත් දකුණේ රාජ්‍ය බිහිවී ඇත්තේ අනුරාධපුරයේ සිටි මිනිස්සුන්ගෙන්ම බවය.

තවද 1505 පෘතුගීසි පැමිනිමෙන් පසු ඔවුන් හා අවාහ විවහ වී ඔවුන්ගෙ නම් ආදිය ගත්තේ ද ඔය දකුණේ දෙශප්‍රේමි ජනතවමය.ලන්දෙසින් හා ඉන්ග්‍රීසින් පැමිනිමේදි ද එසේමය.ඔච්චර විර වික්‍රම දකුණේ වැසියන්ට බැරි උනාද පරදෙසක්කාරයෝ උඩරට ට එනකම්ම ඉන්නෙ නැතුව නවත්ත ගන්ඩ?

උඩරැටියන්ට කරන විශලම චොදනවක් තම‍යි පවාදීම.එවිට උඩරට රජකම් කර ඇත්තේ ද්‍රවිඩ රජ කෙනෙක් වන අතර ඔහු උඩරැටියෙක් නොවේ.ඒ පැහැදිලි කිරීම පවාදුන්නා නම් ය.එහෙත් උඩරට ගිවිසුම වංචාවක් බව මේ ලින්ක් එකට ගොස් සැක හැර දැනගන්න
http://si.wikipedia.org/wiki/%E0%B6%8B%E0%B6%A9%E0%B6%BB%E0%B6%A7_%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8#.E0.B6.B4.E0.B7.92.E0.B6.A7.E0.B6.B4.E0.B6.AD.E0.B7.8A_.E0.B6.AF.E0.B7.99.E0.B6.9A.E0.B6.9A.E0.B7.8A එවිට ද්‍රවිඩයෙක් වත් රට පවාදීම සිදු කර නැති බව දැනගත හැක..

මෙසේ විමසිල්ලෙන් බැලු කල දකුණේ උදවිය පාරම් බාන්නේ අනුන්ගෙ දෙයක් පිලිබඳවයි.මෙම ලිපිය ලිවීමට හේතු වුයේ අහේතුකව උඩරැටියන්ට කරන අවමන් සහ ඔවුන්ගේ පාරම් බෑමය.

ජාතියක් වශයෙන් අක්‍රමණයකට ලක්වු කල උඩරට පහතරට බේදයකින් තොරව විවිධ හේතු මත විවිධ සිදුවීම් සිදුවන බව සියලු දෙනා තෙරුම් ගත යුතුය.