Wednesday, May 21, 2014

ප්‍රේමයෙන්..

සොයා ගව් දහසකුත් ගෙවා පැමිණියත්
හමුවෙයිද  කිසිම දා නොතිබූ යමක්
ගොදුරුවෙමි තනිකමට නිතිපතා යලි යලිත් 
නිම නොවන ජිවිතේ කොහේ ඇති  නිමාවක් 
ඔබේ ඔය කළු මුණ මගනෑර හැම දවස
සොයන්නේ මාවමද නුඹේ පෙම මට වේද 
කලකට ඉහත පෙමින් බැඳී සුදු මුණ 
කලු වුනේ කෙලෙසකද ජිවිතේ කියන මට 
ඉතින් පවසන්න වෙහෙසයි හුඟක් මට
ජිවිතේ, අප දීගේ නවතින්න කාලයයි 
වෙන්වෙන්න උවමනයි මා ප්‍රේමේ නිමාවයි 
මා ප්‍රේමි මරණයයි, ඉතින් මට අවසරයි 
නුඹට හැකිද ගෙනියන්න මරණයව හමුවන්න?
දැන් ඉතින් වයසයි වෙහෙස එයි ඉක්මනින්
මා ප්‍රේමි මරණේ මෘදුව මා සිපගන්න
ආසයි දොඩමලු වෙන්න එක්ව වෙලී මියැදෙන්න
ප්‍රේමයෙන් මුසපත්ව මරණය හා එක්වන්න 
දෑත් පටලා නික්මෙන්න,
සභාවෙන් අවසරයි..