Friday, June 29, 2012

"X"

                                       Sending mails
                                                            to gain my sympathy
                                               Walking snails
                                                            would caught to his filthy
                                               Pretending fails
                                                            cause I have telepathy
                                               Breezing gales 
                                                            would show his stealthy




                                              It's not flirting
                                                            you call "Love"
                                              I'm so believing
                                                            It's fast wow!!
                                              Whatever you calling
                                                           don't care now
                                              I'm so smiling
                                                           you mad cow




                                            I saw your face
                                                            removed your mask
                                             I'm glad in any case
                                                            I passed my task
                                            I tied my lace
                                                            you live with that cask
                                            I need my space
                                                            why?? don't ask


                                                 by Malya Cruise




Wednesday, June 20, 2012

ඉතාකාව


සැලසුම් කරන විට ඔබ ඉතාකාවට යන ගමන
පතන්න දිගු මාවත්
වික්‍රමයන් ගෙන පිරි
දැනුමෙන් සපිරි
ලෙස්ට්‍රොගොනියානුවන්ට
එකැස් යෝධයා සයික්ලොප්ස් ට
සමුදුරු අදිපති පොසේයිද්රෝන් ට
බිය නොවන්න
හමු නොවේවි කිසිදා ,
ඔබ සිතිවිල්ලෙන් උසස් නම්
කදිම හැගීමෙන් ඔබේ ආත්මය වෙලාගෙන නම්
ලෙස්ට්‍රොගොනියානුවන්, සයික්ලොප්ස්, පොසේයිද්රෝන් 
හමුනොවේවි ඔබට කිසිදා,
ඔබේ ආත්මය තුල ඔවුන් රැගෙන නොයන්නේ නම්
ඔබේ හදවත ඔවුන් බලාපොරොත්තු නොවන්නේ නම්


පතන්න දිගු මාවත්
ගිම්හාන උදෑසනයෙන් සපිරි,
සොම්නසින් ප්‍රීතියෙන්
එළඹෙවී
පළමු වර දකින විට තොටුපොළ,
නවතින්න ෆිනිශියන් කඩමණ්ඩිය අසල
මිලදී ගන්න මුතු, කොරල් ,කළුවර ලී
නොයෙක සලෙලු විලවුන්
හැකි තරම්,
සැරිසරන්න පුරාන ඊජිප්ප්තු පුර පුරා
හදාරන්න සහ හදාරන්න විද්වතුන්ගෙන්


නමුත්
අමතක නොකරන්න ඉතාකාව කිසිවිටක
ලඟාවීම ඉතාකාවට අභිප්‍රායයි ඔබේ අවසන
ඉවසන්න, නැත කිසිම තදියමක්
කාලය ගතවිය යුතුය
නිමා කරන්න ඔබගේ ගමන

නැංගුරම් ලන්න ඉතාකාව අසල 
ඔබ මහලු විට
පොහොසත්ව එකතු කල දෙයින් 
මගදිගට
බලාපොරොත්තු නොවන්න 
ඉතාකාව ඔබට පිරිනමයි යැයි
පොහොසත් බව

කිමද 
අමතකද ඉතාකාව පිරි නැමූ බව
මේ සුන්දර චාරිකාව
නොවන්නට ඇය ඔබ නොයේවි 
මේ මාවත්වල
ඇයට තවත් ඉතිරි නැත යමක්
ඔබ වෙනුවෙන්...

ඉතින් ඔබට දිළිඳු යැයි හැගුනොත් ඉතාකාව, ඇය  ඔබ මුලා කර නොමැත. විදුර බව ඔබ ලැබූ, පරිචය ලඟා කරගත් ඔබ අවබෝධ විය යුතුයි, ඉතිකාවේ තේරුම, අභිප්‍රාය....



Constantine Cavafy (1863-1933)
Translated by meeeeeeeeeeeeeeeee (Malya Cruise)




ඉතාකාව - ග්‍රීසිය අසල ලෝනියන් මුහුදේ ඇති සුන්දර දිවයිනක්

ලෙස්ට්‍රොගොනියානුවන් - ග්‍රීක මිත්‍යා කතාවල එන දැවැන්ත මිනිමස් කන ගෝත්‍රයක්.ඔඩිසි එයාගේ නිවාස බලා ඉතාකාවට එන ගමනේදී ලෙස්ට්‍රොගොනියානුවන් මුණගැසෙනවා.ඔවුන් ඔඩිසිගේ මිනිසුන් විශාල ප්‍රමාණයක් ගොදුරු කරගන්නවා.ඔඩිසිගේ නැව් දොළහෙන් එකොළහක් ඔවුන් ගොදුරු කරගන්න අතර ගල්කුලක් අසල සැඟවී තිබෙන එක නැවක් සහ එම නැවේ සිටිය අය බේරෙනවා.



සයික්ලොප්ස්- ග්‍රීක මිත්ය කතාවලත් පසුව රෝම මිතාකතාවලත් එන මුලාකෘතික ජාතියක්.ඔවුන්ගේ නළල මැද ඇසක්‌ තියනවා.ආවේගාත්මක කොට්ටාශයක් ලෙස හැඳින්වෙනවා.


 පොසේයිද්රෝන් - ග්‍රීක මිත්යාකතාවල ඔලිම්පියානුවන් දොළොස්දෙනාගෙන් කෙනෙකි.මුහුදට අධිපති දෙවියා ලෙස සැලකේ.අර්ත් ෂෙකර් කියලත් හදුන්වනවා.භුමිකම්පා සිදුකරන්නේ මොහු නිසා.






Tuesday, June 19, 2012

කියවලා තියනවද??


මුළු ජිවිත කාලය පුරාවටම තමන් සමගම තිබුන ජිවත් වුනු දෙයක් අප නොදැන සිටිය බව  අපට හදිස්සියේ දැනගන්න ලැබුනොත් මොනවා වේවිද??  එහෙම දෙයක් අපේ බුද්ධි සීමාවට ලං වෙනකොට හරියටම ජනේලයකින් උදැසන හිරු කිරණ ගෙතුටල වැටෙනවා වගේ... තමන් තුල වුනු ආලෝකයක් අලුතෙන් පෙනෙන්න ගන්නවා.මේ හැගීම දැනිලා නැත්තන් පාවුලෝ කොය්යෝ (පොලෝ කොය්යෝ / Paulo Coelho) නමැති විශිෂ්ට ලේඛකයාගේ පොතක් කියවලා බලන්න. ඇත්තටම එහෙම දැනෙනවා.


පුරාවිද්‍යාඥයෙක් කරන කැණීමක් වගේ.ස්ථරයෙන් ස්තරය ඉවත් වන විට ලැබෙන දෙයින් තමන්ම විශ්මයට පත් වෙනවා.


කියවන්න කැමති අයට ...


The Alchemist - අල්කෙමිස්ට් කියන්නේ ඕනෑම මුලද්‍රව්‍යක් රත්රන් බවට පත කල හැකි පුද්ගලයාටයි.



මිනිහෙක් තමන්ගේ අරමුණු කරා, කොහෙත්ම සිදුවිය නොහැකි දෙයක් සේ පෙනෙන දෙයක් පසුපස  බාධක මැද ඉවසීමෙන් අවසාන අරමුණම හිත තබාගෙන යන ගමනක කතාවක්. සැන්ටියාගෝ නමැති පිරිමි ළමයා සෙමිනරිවරයෙකු වන තම පියාගේ අඩිපාරෙන් මිදී ගොපල්ලෙකු බවට පරිවර්තනය වී තම ජීව්තයේ කතාව සොයාගෙන යනවා. ඔහු දකින සිහිනයක් පෙරටු කොටගෙන ගමන කරන ඔහු අවසානයේ තම ජිවිතයේ අරුත වටහා ගන්නවා.


මෙහි පිටපත් මිලියන 65 ක් පමණ විකිණිලා තියනවා. රචකයා ජීවත්ව සිටියදී ලෝකයේ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වී ඇති පොතත් මෙයයි.

 අමාරු ඉංග්‍රීසි නෙවෙයි තියෙන්නේ. පිටුවක් කියව්වාම අනිත් පිටුව කියවන්න හිතෙන නිසා කොහොම හරි කියවන්න හිතෙනවා. 




Eleven minitues - ජිවිතයේ සියලු වින්දනීය තෘප්තිය මිනිත්තු එකොළහකින් කෙළවරද??? මාරියා නමැති බ්‍රසීලියානු ගැමි තරුණියක් තම ආලය සොයා යන ගමනේදී ස්විස්ටර්ලන්තේ ජිනීවා නුවර නතරවෙනවා.කොපකබානා නම් සමාජ ශාලාවේදී තම සිරුර විකුණමින් ජිවිතයේ නොදුටු ඉම් කරා ගමන්ගන්නා ඇය එහිදී ලැබෙන අද්දැකීම් වලින් විස්මයට පත්වන අයුරු, ලිංගික ආශ්වාදය පුජනීය වන අයුරු මෙහි විස්තර වෙනවා. 


පොත කිව්වම දැනෙන හැගීම වචන වලින් විස්තර කරන්න බැ . එකට කියවලාම බලන්න වෙනවා. මේ පොත් සිංහලට පරිවර්තනය වෙලා තියනවා. රුවිනි තල්පාවිත මහත්මිය පරිවර්තනය කර ඇති මේ පොත කියවලා බලන්න.




The Zahir - zahir කියන්නේ අරාබි භාෂාවෙන් පැහැදිලි කියන අදහස. එක දවසක් උදේ රචකයා දැනගන්නවා ඔහුගේ බිරිඳ අතුරුදහන් වී ඇති බව. පැහැර ගෙන ගොස්ද නැති නම් විවාහ ජීවිතය එපාවී හැර ගොස්ද යන්න නොදන්නා ඔහු ඇය සොයා යන ගමනේදී තමාවම හමුවන ආකාරය පොතේ පැහැදිලි වෙනවා. දකුණු ඇමරිකාව, සපාඥය, ප්‍රංශය පුරා ඇය සොයන ඔහු මධ්‍යම ආසියාවේදී ආදරයේ අලුත් පැතිකඩක් විවර කරගන්නවා.


he asks still more delicately if she suspected that i was having an affair with her friend.i tell him that it was the first - and last- time that her friend and i had slept together.it was not an affair; it came about simply because we had nothing else to do.it had been a bit dull day, neither of us had any pressing engagements after luch,and the game of seduction always adds a little zest to life,which is why we ended up in bed together.~ The Zahir by Paulo Coelho 




කියවලා බලන්න.ඉතුරු පොත් ගැන ලියන්න මට කම්මැලියි.කොහොම වුනත් 1947 දී උපන් බ්‍රසිලියානු ජාතික රචකයා මිනිසාගේ හෙළි නොවුණු පැති සොයා විවරණය කරන අග්‍රගන්‍ය ලේඛකයෙක්!!







Sunday, June 17, 2012

අමරණීයත්වය


වීර්  සාරා ලංකාවේ ප්‍රසිද්ධ වූ ඉන්දියානු චිත්‍රපටයක්.2004 වර්ෂයේදී තිරගත වුනු මේ චිත්‍රපටයේ විශේෂත්වය තමා 1975 වර්ෂයේදී ලෝකෙන් සමුගත්ත සංගීතඥයෙක් වූ මදන් මෝහන් මහතාගේ තනු වලට සැකසුනු ගීත ඇතුලත් වීම.ඒ කියන්නේ චිත්‍රපටයේ සංගීතය සකස් කර තියෙන්නේ චිත්‍රපටය නිෂ්පාදනය වීමට අවුරුදු 30 කටත් කලින්. නව සංගීතය මුසු කර තියෙන්නේ ඔහුගේ පුත් සංජීව් කෝලි.



1924 ජුනි 25 වන දින බෑග්දෑගයේ උපත ලද ඔහු 1950,1960,1970 දශක තුනක් පුරාවට සංගීත අධ්‍යක්ෂණයේ දී තිබෙනවා. ඔහුගේ ඇවෑමෙන් අවුරුදු විසිනමයකට පසු ජාවෙඩ් අක්තාර් ගේ ගී පද වලට ලතා මන්ගේෂ්කර්, උදිත් නාරායන්,සෝනු නිගම්,රූප් කුමාර් රතොඩ් ඇතුළු නමදෙනෙක් ඔහුගේ ගී තනු වලට ගී ගයනවා.

 පුද්ගලයෙක් ලෝකෙන් සමු අරන් අවුරුදු 30 කට පස්සෙත් ඔහුගේ තනු වලට ගීත නිර්මාණය වීම එම පුද්ගල‍ගේ අමරණීයත්වය ප්‍රකට කරන සාධකයක් වගේ.

පරණ ගී තනු වලට නව ජීවයක් ලැබුණු හැටි අහන්න කැමති නං පහල තියන වීඩියෝව අහන්න.මේකේ පරණ තනුවයි අලුත් තනුවයි දෙකම තියනවා.