Saturday, September 22, 2012

අධ්‍යාපන වෙළඳපොල

දෙක තුනේ කැලෑසියේ 
පහ පාස් අට පාස්
එස්. එස්. සි, එච්. එස්. සි 
ඩිප්ලෝමා කැම්පාස්
එන්ට එන්ට වාඩි වෙන්ට
මෙන්න අලුත් කෝස්
දොස්තර පට්ටමේ ඉඳං
පාන් හදන රෝස්
සේල් සේල් පැයෙන් දෙකෙන්
ඉංගිරිසි පාස්
වටිනාකම් ඉහලට ඔබේ 
වගේ කඩේ ගෑස්

හෝඩියේ දරුවෙකු ඉදිරියේ මවන්නේ
හුණු කෑල්ලකින් ඇඳිය යුතු
කුරුටු චිත්රයක් නොව
විසිපස් වසරකට පසුව
ඇඳිය යුතු ව්‍යාපෘති සැලැස්මකි.

තනපුඩුව වෙනුවට පොඩි එකා
උරව්වේ සුප්පුවක්
ලොකු වෙද්දී අම්මා නොව
ඌට ඔනේ වුනේ සේප්පුවක්
ඇට මස් ලේ නහර නැ
මුළු ඇඟම ප්ලාස්ටික් සාප්පුවක්
ගුණදම් සොයන්නට ඇවිදවමු
කනප්පුවක්

අවකාශයට සාපේක්ෂව ඔබ සුදානම් නම් පහත දෑ අනුගමනය කරන්න

ළමුන්ට නම් තබද්දී දැනුවත් වෙන්න
මුලකුරු ගලපද්දී අවබෝදෙන් ඉන්න
එම්.ඒ , ඇල්. ඇල් . බි , පි. එච්.ඩි. දෙන්න
එතකොට ඕනේ නැ වාසිටියේ කටු කන්න

මොකද,

නැහැදුනු ලොකුවුන්ට නොමිලේ 
ආචාර්ය පට්ටම් දීමට වඩා
හැදෙන පොඩි වුන්ට
නොමිලේ ඒවා තෑගී කිරීමෙන්
රටේ අනාගතය වෙනුවෙන් සාපේක්ෂව වැදගත් යමක්
ලබාගත හැකි නිසා..

ලක්ශාන්ත බ්‍රයන් ද සිල්වා
උපුටාගැනීම- අවකාශයට සාපේක්ෂව කෘතියෙනි.










Thursday, September 20, 2012

කලර් (colour) බැලුවෙමි..

ඉස්සෙල්ලාම කියන්න ඕනේ.මේක මගේ බ්ලොග් එක.ඒ හින්දා ලියන්නේ මට හිතෙන මම දකින විදිහ.වෙන කෙනෙකුට එකම දේ දිහා වෙනස් විදිහකට බලලා වෙනස් කමෙන්ට් එකක් දෙන්න පුළුවන්. ඒත් මේ මම දකින විදිහ.මේ දක්වා මේ ෆිල්ම් එක පිලිබඳ කිසිම රිවිව් එකක් කියවන්න ලැබුනේ නැ.ඉතින් තනිකරම මගේ අදහස පමණයි.

කුස පබා බැලුවට පස්සේ බලපු එකම සිංහල චිත්‍රපටිය. වෙන සිංහල චිත්‍රපටි ආවෙත් නැද්ද මන්දා. කොහොම හරි ඕනෙම දෙයක් ගැන විචාරයක් දෙනකොට හොඳ ටික කියලා ඉන්න එපැයි.

මහින්දාගමනය , කුසපබා වගේ කඩේ යන ෆිල්ම්ස් වලට වඩා හුඟාක් හොඳයි. තරුණ අධ්‍යක්ෂකවරයෙකුගේ හොඳ උත්සාහයක්. චිත්‍රපටියේ සංගීතය ලස්සනයි. ඒගොල්ලොන්ට මියුසික් ඇල්බම් එක කලින් රිලීස් කරන්න තිබුනා. එහෙම වුනා නම් තවත් මිනිස්සු අද්දගන්න තිබුනා බලන්න. ලස්සන සින්දු 3ක් තියනවා. උදයන්ති කුලතුංග, සඳනි සුලක්කනා දෙදෙනාටම හොඳින් රඟපෑමේ හැකියාව තියනවා කියලා පේනවා. කමල් අද්දරාරච්චිට රඟපාන්න පුළුවන් කියලා හැමෝම දන්නවනේ. රූපගත කරන්න අරගෙන තිබුණු තැන් (ගෙවල් සහ ආර්ට් ගැලරි එක ) උසස් තේරීමක් තියනවා.

ෆිල්ම් එක මුල ටික බලාගෙන යනකොට ෂෝර්ට් ෆිල්ම් එකක ගතියක් දැනුනා.කමල් අද්දරාරච්චිට අතීතය මතක් වෙන්න පටන් ගන්න තැන දක්වා තියන කාලය ටිකක් වැඩියි කියලා හිතුනා. ඒ ටික ටිකක් කම්මැලියි.ඒ මුල ටිකේ විතරක් සින්දු 2ක් තියනවා. අනිත් එක ඒ එක සින්දුවක් රූපගත කරලා තිබුන කොන්සේප්ට් එක මට තේරුනේ නැ මම හිතන්නේ. පෝසත් කොල්ලෙක්, ඩෙට් එකකට ගෑනු ළමයෙක්ව කුණු ඇලක් උඩින් තියන පාලමකට අරන් යයි කියලා මම හිතන්නේ නැ.කන්න සයිවර් කඩේකටත්. සමහර විට එතන මට නොතේරෙන මොකක් හරි කොන්සේප්ට් එකක් ඇති.  කොහොම උනත් උදයන්තිගේ පෙම්වතාට වැඩ උදයන්තිගේ රඟපෑම නම් ඉතාම උසස්.

ෆිල්ම් එකේ මුල බලන කොට අග තේරෙන නිසා එතනින් එහාට බලාගෙන ඉන්න කම්මැලියි. ඉවරවෙන්නේ කීයටද වගේ නොසන්සුන් ගතියක් දැනුනා. මුලයි අගයී සම්බන්ධතාවය දුරස් වගේ දැනුනා.

කමල්ව අරගෙන තියෙන්නේ ෆිල්ම් එක විකුනගන්නද දන්නෑ කියලා හිතුනා. මොකද කමල්ට වඩා තරුණ නළුවෝ ඉන්න නිසා. බිමල් හරි ධනංජය හරි ගත්තත් අවුලක් නැ.කොහොම වුනත් මුළු ෆිල්ම් එකම බලලා ඉවර වුනාම හොඳයි කියලා හිතුනා. බලන්න ගියේ අපරාදේ කියලා හිතුනේ නැ. වෙනසකට තිබුනේ මම බලන්න බලාපොරොත්තුවෙන් ගිය තරම් බාවාත්මක එකක් නොවුන එකයි.

ෆිල්ම් එකේ වර්ණ ලස්සනට පෙනුනේ නැත්තේ මම බලපු ෆිල්ම් හෝල් එකේ අවුලක් කියලා හිතනවා. මොකද පෝස්ටර්ස් වල පාට මාර ලස්සනයි.




Monday, September 17, 2012

පත්තරකාරයොන්ගේ විලාසිතා සංදර්ශන කෙරුවාවල්...

පහුගිය සති එකහමාරේම ඔන්ලයින් එන්න ලැබුනේ නැනේ.එකට හොඳ හේතුවක් තිබුනා.එක ගැන විස්තරයක් ලියන එක හොඳයි කියලා හිතුනා මිනිස්සුන්ට දැනගන්නත් එක්ක. මම සාමාන්‍යෙන් බ්ලොග් එක ලියන්න මම වෙනුවෙන්. එත් මේ පොස්ට් එක නම් ලියන්නේ කියවන අය වෙනුවෙන්.

මගේ හොඳම යාළුවා ලංකාවේ ප්‍රරසිද්ධම රජයේ ඉංග්‍රීසි පත්තරේකින් සංවිධානය කරපු ඩිසයිනර්ස්ලගේ කම්පෙටිෂන් එකකට ඇප්ලයි කරලා තිබුනා. ඉතින් මමත් එයත් එක්ක කම්පෙටිෂන් එකට ඇඳුම් හැදුවා. එක තමයි පහුගිය දවස වල බිසී වෙන්න හේතුව. එක බ්ලොග් පොස්ට් එකක් දාන්න තරම් හේතුවක් නෙවෙයි.එත එතනට ගියාම වුනු දේවල් නම් බ්ලොග් පොස්ට් එකක් නෙවෙයි පත්තරේකට ලියන්න වටිනවා.

මගේ යාළුවා දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ ඩිසයිනින් ඉගෙන ගන්නවා. ඉතින් කොහොම හරි ඇප්ලයි කරලා අවසන් අර්ධ පුරවා තරඟය සැප්තැම්බර් දහසය වෙනිදා කියලා එකට තමයි ඇඳුම් තුනක් ඩිසයින් කරන්න කියලා තිබුනේ. ඊට කලින් ඇඳුම් වල ස්කෙචස් එහෙම විනිශ්ය මණ්ඩලයක් බලලා තෝරලා තමයි අර්ධ පුරවා තරග වලට හදන්න අවසර දුන්නේ.ඉතින් මාසයක් විතරම මහන්සි වෙලා කඩවල් ගානේ ගිහින් ගැලපෙන රෙදි, පාටවල් හොයලා අනිත් බඩුත් හොයාගෙන තමයි ඇඳුම් තුනම හැදුවේ. අන්තිම සති එකහමාරේ රෑ වෙනකම් බ්ලොක් හදලා, මහලා ඇඟිලි තුවාල කරගෙන ඇඳුම් හැදුවා. හිතාගෙන හිටපු ඒවා ප්‍රැක්ටිකල් නෑ කියලා තේරුනාම ඒවා වෙනස් කරලා ඒවාට පිළියම් යොදලා කොහොම හරි සාරි කැටගරි එකෙනුයි, ඊවිනිග් වේයා එකක් සහ කැෂුවල් වෙයා කියන කැටගරි තුනෙන් හැදුවේ.

අර්ධ  පුර්ව තරංග වලට ඩිසයිනර්ස් ලා 18 ක් ඉන්නවා කියලා තමයි පත්තරේ දාලා එගොල්ලොන්ව හඳුන්වලා දීලා තිබුනේ.ඉතින් ඉරිදා අපි ගියා ඇඳුම් තුනත් අරගෙන.ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හොටෙල් එකේ තමයි තරඟ තිබුනේ. ස්කෙචස් බාරදෙන්න ගියපු දවසේ එතනට මොඩල්ස්ලා ඇවිල්ලා හිටියා වැඩක් හොයාගන්න. "මම ඔයාගේ ඇඳුම් අන්දින්නද" කියා කියා මගේ යාලුවාගේ පස්සෙන් ඇවිත් තිබුනා . එත් ඒ වෙනකොට අපිට වෙන නංගි කෙනෙක් හිටපු  නිසා අපි එතන හිටපු අයව ගත්තේ නැ.

ඉරිදා උදේ අපි එතනට ගියාම පත්තරේ මීඩියා කෝඩිනේටර් කියලා ගෑනු කෙනෙක් හිටියා.අපි ලේසියට එයාට නදීෂා කියමුකෝ. එයා අපිව දැක්ක ගමන් "ආ ඔයගොල්ලෝ මෙතන අන්දන්න" කියලා බලෙන්ම උපදෙස් දුන්නා.එයා නිකන් එතන ලොක්කා වගේ තමයි හිටියේ. එයාගෙන් ඇහුවාම මොකද්ද ඉස්සෙල්ලාම අන්දන්න ඕනේ ඇඳුම කියලා නදීෂා දැනගෙන හිටියේ නැ. පත්තරෙයි ඩිසයිනර්ස් ලයි කෝඩිනේට් කල අසේල (අන්වර්ථ නමකි.) කියන එක්කෙනාගෙන් ගිහින් අහලා ඇවිල්ලා අපිට කිව්වා කැමති එකක් අන්දන්න එහෙම පිළිවෙලක් නැ කියලා. ඉතින් ඔන්න අපි මේකප් එක එහෙම දාලා අන්දන්න ගත්තා. බාගයක් විතර කරගෙන යනකොට අසේල ආයමත් ඇවිල්ලා කිව්වා සාරි තමයි ඉස්සෙල්ලාම අන්දන්න ඕනේ කියලා. අයම මේකප් එක අයින් කරලා මුල ඉඳං ඇන්දුවා. කොහොම හරි කිසිම පිළිවෙලක් නැතුවම කම්පෙටිෂන් එක ඉවර වුනා. නිවේදනය කලේ හිරු ටීවී එකේ ගෑනු කෙනෙකුයි වයි එෆ්.එම් එකේ මනුස්සයෙකුයි. ඊට වඩා හොඳට අපේ ඉස්කෝලේ මොනින්ග් ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා කතා වේවි අපි හිටියා.

දැන් තමයි හොඳම හරිය

අන්තිමට ඩිසයිනර්ස්ලා 18 ක් කිව්වට 30 ක් විතර පාර්ටිසිපෙට් කරා.ඒ කියන්නේ අර ස්කෙචස් බාරගත්ත දවසේ හිටපු විනිශ්ය මණ්ඩලයෙන් තොරව බර ගානක් ඇතුල් වෙලා හිටියා. මේ කම්පෙටිෂන් එකට රෙජිස්ටර් වෙන්න රු.2500 .00 . තව රු 3500 සහ 1000 ටිකට් පොත් ඩිසයිනර්ස්ලට දීලා තිබුනා විකුනන්න කියලා.

තරන්ගේ ඉවර වෙලා ඩිසයිනර්ස්ලා ගොඩක් අය ගියාට පස්සේ අසේල කියන මනුස්සයා ද්‍රසින්ග් රූම් එකට ඇවිත් ඇහුවා කවුද ඉන්න ඩිසයිනර්ස්ලා කියලා.එතකොට හිටියේ අපියි, තව දෙන්නෙකුයි විතරයි.අනිත් අය ඔක්කොම ගිහින්. ඒ පාර , එන්න ඔයගොල්ලොට නිකන් සපත්තු අරගෙන දෙන්නන් කියලා ඩිසයිනර්ස්ලා ටික එකතු කරගෙන කොටුවට ගියා. ඒ යනකොට අර නිවේදනය කරපු පිරිමි ළමයයි , ඕගනයිසින් කමිටි එකේ ගෑනු ටිකකුයි ඩිසයිනර්ස්ලා තුන්දෙනෙකුයි තමයි එක්කගෙන ගියේ. කඩේට ගිහින් කඩේ හිටපු අහිංසක මනුස්සයාට අර ඕගනයිසින් කමිටි එකේ නාකි ගෑනු ටිකව ඩිසයිනර්ස්ලා කියලා අඳුන්වලා දීලා උන්ට සපත්තු අරගෙන. ඊට පස්සේ හිටපු ඩිසයිනර්ස්ලා තුන්දෙනාට සපත්තු දෙනවා වගේ ෆොටෝ එකකුත් අරගෙන අර ගෑනුන්ට සපත්තු නිකන් අරගෙන දීලා ආපාහු හොටලේට එක්කගෙන ආවා.

ඒගොල්ලෝ එනකන් මගේ යාලුවාගේ අම්මයි මමයි හොටෙල් ලොබි එකට වෙලා හිටියේ.ඒ ඉන්නකොට  පත්තරේ ෆොටෝග්‍රෆර් කතාවට සෙට් වුනා. ඊළඟට තියෙන්නේ ඒ කොල්ලාගෙන් දැනගත්ත විස්තරේ.

මේ කම්පෙටිෂන් එක ගිය අවුරුද්දේ දිනපු මනුස්සයා දිනලා තියෙන්නේ පත්තරේට ලක්ෂ පහක අල්ලසක් දීලා. ඒ අල්ලස දීලා  ට්‍රෝෆි ඔක්කොමයි ප්ලේසස් එක්කොමයි ඒ මිනිහා අරගෙන. අපි එතන ඉන්නකොට අර මීඩියා කොඩිනේටර් නදීෂාට අන්දපු ළමයාගේ අම්මත් හිටියා. ෆොටෝග්‍රෆර් ඇහුවාම කවුද මොඩ්ලර් කියලා අර අම්මා කිව්වා නදීෂා කියලා. ඒ පාර පල් හිනාවක්‌ දාපු ෆොටෝග්‍රෆර් කියනවා, නදීෂා මොඩ්ල් කළා නම් ඉතින් ප්ලේස් එකක් තියෙයි,මිස්ටර් අසේල දෙන ලකුණු දහය කපාගන්නේ නැතුව තියාගන්න පුළුවන් කියලා.නදීෂා ලඟින් තියාගෙන ඉන්න එක හොඳයි කියලත් කිව්වා.එකේ තේරුම හදපු ඩිසයින් එක මොකක් වුනත් මොඩ්ලර් අසේලත් එක්ක ෆිට් නම් වැඩේ ගොඩ බවයි.

නදීෂට අන්දපු ළමයාගේ අම්මා ඇහුවා පත්තරේ ෆොටෝ යයිද කියලා.එතකොට කියනවා නදීශාගේ ෆොටෝ නම් අනිවාර්යෙන් යනවලු. ඒ කියන්නේ ඩිසයින් එක මොනවා වුනත් නදීශාව ගත්ත නං හරි. මේ කම්පෙටිෂන් එකේ ෆොටෝ ඔක්කොම දාලා ඩිසයිනර්ස්ලාගේ පේපර් කටින්ග්ස් දාලා ස්ටෝරි බුක් එකක් හදන්න පහළොස්දාහක් ගන්නවලු.එත් ඒ මනුස්සයාට විකුනන්න තහනම් ෆොටෝස් ඕනේ නම් සිඩි එකක දාලා දෙන්නම් කියලා අර අම්මට කියනවා. වෙන ඉන්ටර්විව් එකකට යනකොට හරි වැදගත් වෙයිනෙ කියලා මම ෆොටෝග්‍රෆර්ගෙන් ෆොන් නම්බර් එක ඉල්ලගත්තා සිඩි එක ගන්න. ඒ මනුස්සයා මට කියනවා ඌට මිස් කෝල් එකක් දෙන්නලු. ඒ මනුස්සයා වෙන අදහසක් තියාගෙන එහෙම කිව්ව නිසා මාත් බොරුවට "හා" කියලා නම්බර් එක ඉල්ලගෙන ඇවිල්ලා මගේ යාලුවට දුන්නා ඕනේ නම් පස්සේ කතා කරන්න කියලා.

අර ළමයාගේ අම්මට තේරෙන්නේ නැ එතන වෙන්නේ මොකද්ද කියලා.එච්චර වයස ගිහිල්ලත් මිනිස්සු මොකාටද එන්නේ කියලා ඒ මනුස්සයාට තේරෙන්නේ නැ. ඒ ළමයා කොටුවට ගියපු වෙලාවේ මගේ යාළුවාට කියලා - අනේ අර අසේල කියන්නේ මහා ජරා මිනිහෙක්,වෙන තැනකදී හම්බෙන්න පුලුවන්ද කියල ඇහුව- කියලා. ඒ ළමයා හුරතල් වේවි ඒ මිනිස්සුත් එක්ක කතා කරනවා, තමන් වෙනුවෙන් පෙනී ඉඳලා කොන්ද කෙලින් තියාගෙන වැඩක කරගන්න පුළුවන් විදිහට අම්මලා ලමයව හදලා නැ. අම්මට තේරෙන්නේ නැති එකේ දුවට තේරෙන්නේ නැති එක කියන්න දේකුත් නෙවෙයි.ඒ මනුස්සයාට ඕනේ මොනවා වෙලා හරි ඒ ළමයට ප්ලේස් එකක් තියෙන්න. තමන්ගේ දුවට නරකක් වුනු දවසට අම්මට තේරෙයි!

නදීෂා වගේ ගෑනු නිසා ඩිසයිනින් ෆීල්ඩ් එකේ ගරුත්වයත් නැති වෙලා තියෙන්නේ.වෙන මිනිහෙකුටවත් ගරුත්වයක් තියාගෙන වැඩක් කරන්න බැරි විදිහට උන් එක කාලා.

අපිට වැඩක් කරගන්න මිනිස්සුත් එක්ක යන්න වෙන්නේ නැති එක ගැන සතුටින් , මම අවට සමාජය කොච්චර ආරක්ශාකාරිද කියන හැගීමෙන්, ඒ මිනිස්සු ගැන ලේ කුපිත කරගෙන ගෙදර ආවා. මම ඉන්න සමාජයේ බස් එකක යනකොට අපහසුතාවයක්  වුනොත් ඇරෙන්න ආත්මය පාවාදෙන්න, බ්ලක්මෙල් වෙන්න වෙන්නේ නැ. එක කොච්චර වටිනවද නිදහස්ද කියලා හිතුනා.

දැන් මේකේ ෆයිනල්ස් තිස්වෙනිදා තියනවා. ප්ලේස් එකක් තියෙයිද දන්නේ නැ. තිබුනත් දැන් එකේ වටිනාකමක් නැ. මොකද එතන තියන නිර්දය සමාජය නිසා. ඩිසයිනර්ස්ලාගේ සල්ලි වලින් ෂෝ එකක් තියලා දිසයිනර්ස්ලාට එක බලන්න ටිකට් ගන්න කියනවා. තිස්වෙනිදට යන්නත් මට දැන් අප්‍රසන්නයි. දන්නා කියන කෙනෙක්ටවත් අය නම් ඕකට ඇප්ලයි කරන්න දෙන්නේ නැ.තව  ගොඩක් විස්තර තිබුනත් එකින් එක කියන්න බැ,පොස්ට් එක දිග වැඩි වෙන නිසා.ඔන්න ඕකයි ඉතින් පහුගිය සතියේ වුනේ...