Saturday, October 15, 2011

ප්‍රේමය


හදවතේ සංවේදීම තැනින්
මුලු සර්වාංගයම හිරිවට්ටා
දහසක් හැඟුමින් කම්මුල් පුරවා
ඇස් දෙක දීප්තිමත්ව බැබලෙන්නට වු කල
ආදරය දැනෙන බව හැඟුනි

මුලිකව අපුරු ආකර්ශනයකි
ඇසිපිය අතර මැවෙමින් පෙනුනකි
මත කිසිවකට අවනත නැති
අරමුනු වෙනුවෙන්ම වෙමින් ගැති
ගුප්ත වූ සිත් කවා කිති
පුබුදු කරවීය නේක පැති

එය ඇලෙන සුලු විය
පියාපත් සහිතයි
නෙතින් නෙත සිතින් සිත
නිදහසේ සැරිසරයි

එකකු දිගු නැවතුමක් රිසි වේ
තවෙකු ගිමන් හලකට ගොඩ වේ
අඩු වැඩි වශයෙන් නේක අයුරින් බෙදවේ

සරු වෙලඳ ලකුනකි
තොග ගනන් විකිනිය හැකි
අනුකාරක යෙදවුමකි
සෞන්දර්යත්වය නොමැකි

පුදුමකාර සුවයකි සහනෙකි
විටක මහ හිසරදයකි
ජීවන පරිකල්පනයකි
සියලු වැර වෙර අවසන
සුන්දරම මතකයක් පමනකි

(by  L.B.De Silva)

Tuesday, June 7, 2011

අපි දකුණේ යයි උජාරුවෙන් කියන සියලු දෙනාට ලියමි

මෙය මා විසින් බලෙන් ඇදගත් කොක්කක් නොව,මා වෙත එල්ල කර දමා ගැසු කොක්කකි.මා කලේ එයට පිලිතුරු සැපයීම පමණි.මම අන්තවාදි උඩරැටියෙක් ද නොවෙමි.
කිසිම ජන කොට්ඨාශයක් පහත් කොට සැළැකීමද මෙයින් අපේක්ෂා නොකරයි.විරෝධතාවයක්,සාවද්‍ය දෙයක් ඇත්නම් පෙන්වා දිය හැක.


අපි දකුණේ යයි උජාරුවෙන් කියන සියලු දෙනාට ලියමි, දුටුගැමුණුගෙ සීයා ගොඨාභය මහානාග ගේ සොහොයුරෙකි.ඔහු අනුරාධපුරයෙන් පලා ගොස් රුහුණේ රාජ්‍ය පිහිටුවා ඇත.තවද මහානාග දෙවනම්පියතිස්සගේ සහෝදරයා ය.මහානාග අනුරාධපුරයෙන් ගොස් රාජ්‍ය පිහිටුවා ගැනිමට කිසිම සටනක් කර නොමැති විමෙන් පෙනෙන්නේ දකුණේ රජ්‍යක් එකල නොතිබුනු වගය.බුදුරදුන්ගේ ලංකා ගමන සිදුවු කාලයේ සිට මහානාග තෙක් කාලය තුල දකුනෙ රාජ්‍යක් තිබුනි නම් ඒ පිලිබඳ අදහස් දැක්විය හැක.මෙයින් පැහැදිලි වන්නේ දකුණේ කියලා මැරෙන්ඩ හැදුවත් දකුණේ රාජ්‍ය බිහිවී ඇත්තේ අනුරාධපුරයේ සිටි මිනිස්සුන්ගෙන්ම බවය.

තවද 1505 පෘතුගීසි පැමිනිමෙන් පසු ඔවුන් හා අවාහ විවහ වී ඔවුන්ගෙ නම් ආදිය ගත්තේ ද ඔය දකුණේ දෙශප්‍රේමි ජනතවමය.ලන්දෙසින් හා ඉන්ග්‍රීසින් පැමිනිමේදි ද එසේමය.ඔච්චර විර වික්‍රම දකුණේ වැසියන්ට බැරි උනාද පරදෙසක්කාරයෝ උඩරට ට එනකම්ම ඉන්නෙ නැතුව නවත්ත ගන්ඩ?

උඩරැටියන්ට කරන විශලම චොදනවක් තම‍යි පවාදීම.එවිට උඩරට රජකම් කර ඇත්තේ ද්‍රවිඩ රජ කෙනෙක් වන අතර ඔහු උඩරැටියෙක් නොවේ.ඒ පැහැදිලි කිරීම පවාදුන්නා නම් ය.එහෙත් උඩරට ගිවිසුම වංචාවක් බව මේ ලින්ක් එකට ගොස් සැක හැර දැනගන්න
http://si.wikipedia.org/wiki/%E0%B6%8B%E0%B6%A9%E0%B6%BB%E0%B6%A7_%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8#.E0.B6.B4.E0.B7.92.E0.B6.A7.E0.B6.B4.E0.B6.AD.E0.B7.8A_.E0.B6.AF.E0.B7.99.E0.B6.9A.E0.B6.9A.E0.B7.8A එවිට ද්‍රවිඩයෙක් වත් රට පවාදීම සිදු කර නැති බව දැනගත හැක..

මෙසේ විමසිල්ලෙන් බැලු කල දකුණේ උදවිය පාරම් බාන්නේ අනුන්ගෙ දෙයක් පිලිබඳවයි.මෙම ලිපිය ලිවීමට හේතු වුයේ අහේතුකව උඩරැටියන්ට කරන අවමන් සහ ඔවුන්ගේ පාරම් බෑමය.

ජාතියක් වශයෙන් අක්‍රමණයකට ලක්වු කල උඩරට පහතරට බේදයකින් තොරව විවිධ හේතු මත විවිධ සිදුවීම් සිදුවන බව සියලු දෙනා තෙරුම් ගත යුතුය.

Sunday, May 29, 2011

මහින්දාගමනය මගේ දෑසින්.....

WANING : මේ ෆිල්ම් එක පිලිබඳ මගේ අදහස පමනි.ෆිල්ම් එක බලා ඇත්ත නැත්ත තීරනය කිරීම ඔබ සතුය.

කොතනින් පටන් ගන්නද………….පටන් ගත්ත තැනින්ම පටන් ගමු.නාමාවලිය දැක්ක ගමන් හිතුනා මෙච්චර දියුනු ලොකේ වියදම් කරලා හදන ෆිල්ම් එකකට මීට වඩා හොඳ animation එකක් දාන්ඩ තිබ්බා කියල.අපේ රටේ ඉස්කොලේ යන ලමයෙකුට වුනත් මීට වඩා හොඳ animation එකක් කරන්ඩ පුලුවන්.නිසල රලක් මත පැද්දෙන නැවක් කියන්නෙ හරිම අභව්‍ය animation එකක්.

ෆිල්ම් එකට script එකක් තිබ්බද කියල නං sure නැ.මහින්දාගමනය ෆිල්ම් එකෙ පෙන්නපු කරුනුත් එක්ක පැය 2 ½ පෙන්නන්ඩ කරුනු නැති හින්දද මන්ද මුලදි ෆිල්ම් එකේ plot එක වෙනස්.මහින්දාගමනයත් එක්ක අපේ රටට ලැබුනු ශිල්ප 18 සහ තවත් වදගත් දේවල් ග්‍රහනය කරගත්තා නම් පැය 2 ½ මදි වෙන්ඩත් තිබුනා.කොහොමින් කොහොම හරි ෆ්ල්ම් එකෙ plots 2ක් තිනුනා.එකක් මහානගව රජ බිසව මරන්න හදන එක ,ඒක මහින්දාගමනයට කොහොම අදලද කියන එක තේරුම් ගන්න අමාරුයි.දෙක මහින්දාගමනය.

දෙක වසරේ ලමයින්ට  බුද්ධාගම පොතේ මහින්දාගමනය විස්තර කරනවට වඩා එක අඩියක් වත් script එකේ ඉදිරියට තියලා තිබුනේ නම් නැ.ඓතිහාසික සිද්ධියක් නිසා මීට වඩා ටිකක් හරි කරුනු සෙව්වා නම් ෆිල්ම් එක හරවත් කරන්ඩ තිබුනා.
ෆිල්ම් එක පටන් ගන්නෙම අදාලම නැති scene එකකින්.scene එකකට වියදමක් කරද්දි අඩුම තරමේ ඒscene එකෙන් ෆිල්ම් එකට කොතරම් ආලොකයක් ලැබෙනවද ,කතාවට කොච්චර අදාලද කියල හිතන්නේ නැතුව,කරන්නන් වලේ කරල තිබුන විදිහට තමා පේන්නේ.අන්තඃපුරයට කාන්තාවක් බලෙන් රැගෙනයන සහ ඒ කාන්තව පිලිබඳ අන්ශුමාත්‍රයක තරම් වත් සඳහනක් පසුව නොමැති වීම තුල ෆිල්ම් එකට ලැබෙන අලොකය මොකද්ද කියල හිතාගන්නවත් බැ.
ඉසිකිලි දැකිමෙන් රාජ පුරුෂයෝ පොකුණට වැටෙන එකත් කිසිම තේරුමක් නැ. මොකද ඉසිකිලි ඒ වගේ ආකර්ශනීය චරිතයක් බව කීම කතාවට අදාල නැති නිසා.
රට තුල සිදුවන වැදගත් පාලන කටයුතු දැක්වීම සඳහා රජතුමත් යුව රජතුමත් අතර වැව් පිලිබඳව කතා වුනත් ෆිල්ම් එක පුරාම එකදු වැවක් වත් පෙන්නන්නේ නැ.
කිසියම් දුරක් පෙන්නන කොට රූප රාමුවේ 2/3 ක වත් ඉඩක් ඉදිරියට පෙන්විය යුතු බව අමතක කරමින් මහානාග වැවේ මයිම් ගැන කතා කරන විට රූප රාමුව තුල සිටින්නේ මහානග පමණයි.
කතාවට අදාලව මහානාග මැරිමට උත්සාහ කරනේ කවුද යන්න සෙවිමට ගන්න එක උත්සාහයක් වත් පේන්න නැ.

ආරම්භයේදි ම අශෝක රජතුමාගේ රූප රාමු පෙලත් සමඟ අශෝක් ෆිල්ම් එකේ තෙරුවන් සරණ යාමේ රූප රාමු ටික අහසට පොලොව වගේ.දැක්කම ඇඬෙනවා.අශෝක් ෆිල්ම් එකේ අන්‍යගමිකයන් විසින් බුද්ධාගමට ලබාදි තිබු හරවත් බවවත් (weight එක ) මේ ෆිල්ම් එකේ දක්නට නැත.ඒ ඉන්නේ අශොක් කියල තේරුනෙත් අන්තිමට.
ෆිල්ම් එක පුරාම සංඥා භාෂාවෙන් ලොකු දෙයක් කරන්ඩ පුලුවන් වුනත් ඒ සඳහා කිසිම උත්සාහයක් දරා නැත.තිස්ස රජතුමගේ පුතාගේ දක්ෂතා පෙන්වීමත් අදාල නැ.පෙන්නුවත් ඒ තිබුන කඩු හරඹ වල කිසිම කලාත්මක බවක් නැ.(කොහොමද අශෝක් එකේ කඩු fight?) කුමාරයාගේ මරණයෙන් පසුව රජ බිසව කිසිවක් වටහාගත් බවක් පෙන්න්වනේද නැත.අශෝකට යවන මුතු හම්බවෙන scene එක ගොබ්බම ගොබ්බයි.හිටපු ගමන් උණ පඳුරක් යටින් පෙට්ටියක් හම්බ වෙනවා.අඩුම තරමේ වැවක් හරද්දි හම්බුනා කියලවත් කියන්ඩ තිබ්බා.:)

සේරු වෙලෙන්දෙක් වුනත්  එකම වෙලන්දාමක් වත් ෆිල්ම් එකේ නැත.

මහින්දාගමනයේන් රටේ පිබිදිමක් ඇති වුනා කියන්ඩ කිසිම කරුණක් ෆිල්ම් එකේ අන්තර්ගත වෙලා නැ.රජ බිසවගේ පරිවර්තනය හුවා දැක්වීමෙන් මහින්දාගමනයේ සාර්ථක බව කියන්ඩ තිබුනත් director ට ඒක මතක් වෙලා නැ.මහානාග නැවත ඇවිල්ල තෙරුවන් සරණ යෑමවත් ෆිල්ම් එකේ නැ.
*ආ ෆිල්ම් එකේ නාග ගොත්‍රිකයෝ යක්ෂයෝ වඳින්වත් තිබුනා.

කතාවේ අවසානයේ ධාතු වැඩමවීම ප්‍රඥා ගොචර නොවන අතර බුද්ධාගම මායාකාරි ෆැන්ටසියක සිර කර යථාර්තවාදි දර්ශනයක් යන්න බැහැර කර ඇත.ශ්‍රි මහා බෝධින් වහන්සේ වැඩමවන කොට, රජතුමා අලියා පිටේ යනකොට රහතන් වහන්සේලා බිමින් වැඩම කරනවා,රජතුමා තියා අරිට්ට කුමාරයත්.lol

ෆිල්ම් සෙට් එක ගැන කියනවනං කතාව පුරාම ලංකදීපය තුල එකල රාජ්‍යක් තිබුනු බවක් පෙන්නලා නැත.මාලිගාවේ දුරස්ථ දර්ශනයක් අරන් තිබුනේ කැලයක් මැදින්.රාජ්‍යක සලකුණක් වත් නැ.අබා හි මීට වඩා සර්ථකව  රාජ්‍ය ගොඩ නගල තිබුනා.මාලිගාව ඇතුලත දර්ශන වල ඉඩ ඇහිරුනු විදිහට තමයි පේන්නේ.මාලිගාවක තිබිය යුතු ඉඩකඩ සහිත විශාල ප්‍රෞඩ පෙනුම පේන්ඩ නැ. interior 2 වසරෙදි බලපු රාමායණයේ වගේ.
එලිමහන් දර්ශන වල තිබුනු ගල් කණු වල පාට ඒවා හිටවල තිබුනු ගලේ පාට ට වඩා වෙනස්.සෘජුෆෝම් වලින් පසුතල හදපු වේදිකා නාට්‍යක් වගේ.රජවාසලක ප්‍රෞඩ බව මතු වෙල තිබුනේ නැ.
*රජතුමාගේ සිංහාසනය සෘජුෆෝම් වලින් හදලා වගේ.
*රජතුමාගේ ඇඳ ප්‍රවීනාගේ ඇඳ වගේ.
*ඇතුලේ interior පිටත දේශගුණයට ගැලපෙන්නේ නැත.
*රාජ සභාව දකින්න දුකය.(Jodha akbaar වත් බලල නැද්ද මන්දා )

Costumes-රාජකීය සියලු දෙනාට සෙටින් වැනි කෘතීම රෙදි වලින් ඇඳුම් අන්දවා ඇත.ඒ කාලේ අතින් වියපු ඇඳුම් ඇන්දා කියලා නිකමටවත් හිතුනේ නැද්ද දන්නේ නැ.වේදිකා නාට්‍ය වල overact කරන්ඩ මහපු ඇඳුම් වගේ.

Dialogs-දුර්වල භාෂා භාවිතය හොඳට පේනවා.රොෂාන් රණවන ගේ පලවෙනි dialog එකම හුස්ම ගන්න break කරන තැන වැරදියි.(ෆිල්ම් එකට director කෙනෙක් ඉන්නවද??????????)ඉස්කොලේ සමිතියේ නාට්‍ය වල වගේ “අපි ‍යමු” කිව්වම “හා එහෙනං අපි යමු” වගේ වැඩකට නැති dialog වලින් පිරිලා.

Camera Angles-Camera angles  ගැන ඉගෙන ගෙන නැති වුනත් king Arthur බලපු ඕන එකෙක්ට තේරෙනවා අශ්වයෙක් දුවන කොට කොයි අන්ග්ලෙ එකෙන් ගත්තොත්ද ලස්සන කියලා.

ෆිල්ම් එකේ සාධාරණව රඟපැවා කියන්ඩ පුලුවන්,රොෂානුයි ඕශදියි.

ලියනවනං තව කෝටියක් දේවල් ලියන්ඩ පුලුවන්.ඒත් දැනට මේ ඇති.
රුපියල් 200 ගැන දුක නැ,මේකෙ වැරදිවත් බලන්ඩ පුලුවන් වුනානේ.

Sunday, May 22, 2011

ආදරය අපේක්ෂා නොකරන තරමට වින්දනය කිරීම පහසුයි!

  ලියන්ඩ යන්නේ දැනට මාස දෙකකට විතර කලින් පත්තරේ කියවපු article එකක් ගැන.ගොඩක් දෙනෙක්ට මේක කියවන්න දෙන්ඩ ඕන උනත් දෙන්ඩ බැරි වුනා.මේ article එක කියවපු දවස් වල බඳින්ඩ හිටපු අක්කි කෙනෙක්ට කියවන්ඩ දුන්නා.අන්තීමේදි හිතුනා කියවන්ඩ දීපු මෝඩකම කියලා.දැන්නං එයා බැඳලා,අදට මාසයයි.මගුල එපා වෙලා ඉන්නේ.අපිටත් එපා කරවනවා.(මන් නං කොහොමත් ඕවට නෑ.)කියවලා ඉවර වෙලා ඇහුවා මොකද්ද ඒ කියලා.මට ඉතින් ./;’;!@#$%^…………..එතකොට හිතෙනවා ලංකාවේ මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම කොහෙද තියෙන්නේ කියලා…මෙහෙම මිනිස්සුන්ටද තවත් කට්ටියක්  ෆිල්ම්ස්,පත්තර,programmes කරන්නේ කියලා.මේ මිනිස්සු (ගෑනු ) හොඳයි උදේ 8 ඉඳන් උයන පිහන රෙදි අන්දන ඒව බලන්ඩයි,රෑ 8 ඉඳන් tele drama බලන්ඩයි….

එක්කෙනෙක් හරි මේක කියවල මොනව හරි තේරුන් ගන්නවනං ලොකු දෙයක්….

මේකයි කතාව……

     ආදරේ ගැන කිසිම විශ්වසයක් නැති මිනිහෙක් හිටියා.ආදරයක් ලබාගන්න ඔහු හැම උත්සාහයක්ම දැරුවා.ඒත් ආදරයක් ලැබුනේ නැති හින්දා ඔහු තිරණය කලා ආදරේ කියල දෙයක් නැ කියල.ආදරේ කියන එකෙන් හිතට මහා වේදනාවක් මිසක් සතුටක් නැ කියලා ඔහු හැම තැනම කිය කියා ගියා.
   ආදරේ කියන්නේ මත්පැන් වගේ අබ්බැහි කරගෙන වද දෙන දෙයක් බව ඔහු කිව්වා.මත්පැන් තවකාලික සතුටක් ගෙන දුන්නත් තමන්ව විනාශ කරන හැටිත් දවස ගානෙම තමන්ට ඒක අවශ්‍ය වෙන බවත් ඔහු කිව්ව.
    ආදරේ කරන කෙනෙක් බොහෝ විට අනිත් කෙනා එක්ක තියෙන්නේ මත්පැනට අබ්බැහි වුන කෙනෙක්ගෙයි තැබැරුම්කාරයෙක්කුගෙයි අතරේ තියන සම්බන්ධය වගේ බැඳිමක් කියලයි ඔහු කිව්වෙ.තදබල ආසාවක් ඕනැකමක් තියෙන්නෙ අබ්බැහි වුනු කෙනාට,එච්චර ගානක් නැත්තෙ තැබැරුම් කාරයාට.මේ දෙන්නගෙන් අනිත් කෙනාව පාලනය කරන්නේ,අසරණ කරන්නේ,ලෙඩෙක් කරන්නේ තැබැරුම් කාරයයි.
  ආදර සම්බන්ධතාවයක් තුලදීත් වැඩියෙන් දුක් විඳින්නේ ගොඩාක් ආදරය කරන එක්කෙනා.වැඩිය ආදරේ නොකරන එක්කෙනාට එතරම් ගානක් නැ,තැබැරුම් කාරයාට ගානක් නැ වගේ.මත්පැන් නොලැබුනොත් කලකිරෙන්නේ උමතු වෙන්නේ විඳවන්නේ ඇබ්බැහි වුනු කෙනා විතරයි.ආදරේ කියල දෙයක් නැ කියල ඔය විදිහට අර පුද්ගලයා හැමෝටම විස්තර කලා.
  ආදරේ වෙනුවට තියෙන්නෙ ආත්මර්තකාමි ඕනැ එපාකම් ඉටුකර ගැනීමක් විතරයි කියලා එක එල්ලේ කියා සිටියා.ඒත් තමන්ට ආදරයක් නොලැබීම ගැන ඔහු හිටියේ තදබල හිත් වේදනාවකින්.
  දවසක් මේ පුද්ගලයා පර්ක් එකේ ඇවිදින කොට ලස්සන කාන්තාවක් බංකුවක් උඩට වෙලා අඬ අඬා හිටියා.දෙතුන් පාරක් එතනින් එහාට මෙහාට ගිය ඔහු දෙස ඇය වරින් වර කඳුලු අතරින් බැලුව.කොහොම හරි ඔහු ලංවෙලා අහුවා ඇයි අඬන්නේ කියලා.
   ඇය පිලිතුරු දුන්නේ තමන්ට ආදරෙයි කියපු කෙනෙක් තමන්ව අතහැරිය බවයි.ඇයත් කිව්වෙ ආදරේ කියලා දෙයක් නෑ,තියෙන්නේ ආත්මර්තකාමිත්වය විතරයි ,ආදරේ කියන්නෙ බොරු,මං නං විශ්වාස කරන්නෑ ආදරේ ගැන...
     තමන්ගේ අදහස් අර කාන්තාව තුල තිබීම ගැන ඔහුට ඇතිවුනේ ලොකු සතුටක්.ආදරේ ගැන විශ්වාස නොකරන එක්කෙනෙක් හරි ඉන්නවනේ කියල අර පුද්ගලයා සතුටු වුනා.පස්සේ දෙන්නම ටික ටික කුලුපග වුනා.දෙන්නම ආදරේ ගැන දැරුවේ එකම අදහස්.
   අපි මුලු හදින්ම ආදරේ කරනවා,හදවත දෙනවා,පරිත්‍යග කරගෙන ආදරේ කරනවා ,ඒත් මිනිස්සු අපි හොයන ආදරේ අපිට දෙන්නේ නැ.ආදරේ අරගෙන අපිව තනි කරලා හඬවල  යනවා මිසක්.
   මේ වගේ ආදරේ කියලා දෙයක් නැ කියන අදහසේ එල්බ ගෙන දෙන්නම කතා කලා.ඔවුන් නිතර නිතර හමුවුනා.සුහද වුනා.ආදරේ කියල දෙයක් නැති බව දිගින් දිගටම කතා කලා.ඒත් ඒ දෙන්නම එකිනෙකට මහා ගෞරවයක් තිබුනා.දෙන්නට දෙන්න දකින එක ලොකු සතුටක් වුනා.දෙන්නගෙන් එක්කෙනෙක්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වුනෙ නෑ.දොස් කිව්වෙත් නෑ. කිසිම දෙයක් demand කරෙත් නෑ.
  මේ විදිහට දෙන්න හොඳ යාලුවො වුනා.ඊර්ශ්‍යවක් දෙන්න අතරේ තිබුනේ නෑ.ආත්මර්තකාමීව කිසිම දෙයක් ලබාගන්න හැදුවෙත් නෑ.නිතර නිතර මුන ගැහෙන්න දෙන්නටම ආස හිතුනා.ඒ ලෙන්ගතු ආත්මර්තකමීත්වයෙන් තොර හැඟීමට දෙන්නම ප්‍රිය කලා.

   ඒත් ආදරේ කියලා දෙයක් නැති බව දෙන්නම තදින්ම විශ්වස කල නිසා මේ දෙන්නා අතරේ ලියලා වැඩෙන ලෙන්ගතුකම ආදරේ නම් නෙමෙයි කියලා දෙන්නම තීරණය කරලා පිලිඅරගෙන තිබුනේ.ඒත් මොකද්දෝ අමුත්තක් අර පුද්ගලයාට දනුනා.
   මට මීට කලින් මෙහෙම සතුටක් දැනිලා නැ.ඒක මිනිස්සු කියන ආදරයත් නෙමෙයි,ආගමෙන් උගන්වන පරිත්‍යගශිලි දෙයකුත් නෙවෙයි.මට එයගෙන් කිසිම දෙයක් අවශ්‍යත් නෑ.මා ගැන බලන්ඩ කියලා මට ඇයට කියන්ඩ උවමනවකුත් නෑ.මට සතුටක් දෙන එක එයාගේ වගකීමක් කියල මම මොහොතකටවත් හිතන්නෙත් නෑ.මගේ ප්‍රශ්න ගැටලු නිසා මං ඇයට දොස් කියන්නෙත් නෑ.අපි දෙන්න හමු වුනාම ගොඩාක් සතුටු වෙනවා,නැති වෙලාවට දෙන්න ගැනම දෙන්නටම මතක් වෙනවා.එය වෙන අය එක්ක කතා කරද්දි මට සැක කරන්න හේතුවකුත් නැ, ඇය හිතන නිදහස් දෙවල් ඇති.මං අහන්නෙත් නෑ,දැනගන්න ඕනෙත් නැ, මේක ආදරේ වෙන්න විදිහක් නෑ,එහෙම දෙයක් නැනේ…මේ කාන්තාව මගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ,මං බලාපොරොත්තු වෙන්නෙත් නැ,ඒත් අපේ ඇසුර නිසා අපි ඉන්නේ කොයි තරම් සතුටෙන්ද?

මේ සිතුවිලි හිතේ තියගෙන හිටියේ නෑ,ඔහු ඇයටත් කිව්ව,ඇය හිටියෙත් ඒ ස්ථාවරේමයි.

  ඔව්.අපි දෙන්න ගොඩක් සමීපයි.ඒත් ඔය මට සතුට දෙන්න බැඳිලා නැ,මම ඔයාට සතුට දෙන්න බැඳිලත් නෑ,ඔය මගේ වගකීම නෙවෙයි,ඒත් අපි දෙන්නම එකිනෙකා ගැන සලකිලිමත් වෙනවා.එගොල්ලෝ  තවදුරටත් කතා කලා.
  මේක ආදරේ වෙන්න බෑ.ආදරේ කියල දෙයක් නැති බව අපි දෙන්නම අද්දැකිමෙන් දන්නවනේ.ඒත් ඉතින් අපි සතුටෙන් නේද? අපි බඳිමු.
   දෙන්නම ඒ විදිහට හිතපු නිසා දෙන්න බඳින්න තීරණය කලා.අපි දන්නෙ නැති උනාට ආදරේ කියන්නේ මේකට වෙන්ඩ ඇති.ආදරේ බලපොරොත්තු නොවන දෙන්නෙක් එකිනෙකාට නිදහස දීලා ඒ සතුට දිහා බලගෙන සතුටු වෙන එක වෙන්න ඇති ආදරේ කියන්නේ කියලා දෙන්නා කතා වුනා.

ඒ කතාව නං ඉවර නෑ. ඒත් අවශ්‍ය දේ තෙරුම් ගන්න ඒ ටික ඇති.

නිදහසේ සතුටෙන් ඉන්න පුලුවන් කෙනෙක් තවත් කෙනෙකුට නිදහසේ සතුටෙන් ඉන්න සැලස්වීම‍යි ආදරේ කියන්නේ…………….