අන්තර් අභිජනනයෙන් බිහිවන
සරු ජනිතයෙකි ඔහු
විද්‍යාත්මකව
අන්තර්ජාතිකව පලදායි වූ
ශ්‍රම ඒකකයකි ඔහු
ආර්ථිකව
අන්තර් සබඳතා ජාලයක මත
කේන්ද්‍ර නියමුවෙකි ඔහු
සමාජීයව
එහෙත් අන්තරා වූ එකෙක්දැයි
මට සිතේ ඔහු
~මිනිසෙකුව~
නිරීක්ෂකයෙකි ඔහු
ප්‍රෝටෝන් නියුට්‍රෝන වල සිට
චක්‍රාවාට පුරාවට
තම දැක්මෙන් නියමයන් පතුරන
එහි වර්ධනීය අවස්ථාවයි එසැමගේම
ඕපා අපා මවාපා විකාශනය
සන්නිවේදකයෙකි,
වචනාර්ථය භාවමය නිරුපනය
කොතෙක් දුර වීද
මවයි සජීවමය හා රුපමයව
එහි එහි ඉදිරි දැක්මේ කලාවේ
ලෙයට කිරටද වෙළඳ අගයන්
අසුරන
සිරිත් විරිත් වෙනුවට
සිරිතට විරිත්තමින්
ශිෂ්ට ආචාරය
විචාරය කරමින්
සංස්කෘතියට ශරීරකෘත කරමින්
ඉදීරියට ඇදෙන ඔහු
නුදුරේම ජය කනුව
පසුකරනු ඇත
එදිනට යෙදෙන සුබ මොහොතින්
හිස දං ගෙඩියටද
පය දඬුකඳටද
මනාව පිහිටන සේ
මාරු සිටින දිසාව බලා
නිර්වස්ත්රභාරණයෙන් සැරසි
හොඳින් ආයුර්වෙදියව මුසුකරගත්
විරේකයක් පානය කොට
"me" වෙනුවෙන්ම කැපවූ මිනිසුන්ට
දිර්ගායුෂ පතමුද???
ලක්ශාන්ත බ්‍රයන් ද සිල්වා
ලක්ශාන්ත බ්‍රයන් ද සිල්වා
ප.ලි- සුබ උපන්දිනයක් ලක්ෂාන් අය්යා.....
හෆොයි එපා
ReplyDeleteනිරිවස්තර අන්දවා
බඩ විරේක දෙන්නට
මොලේ ඇත්තේ මුන්ගේ
මහා බඩවැල කොනෙහි
අදොමුකයට ඉහලින් බැවින්
එය පහවේවි පළමුව !!
ඔලුවෙන් හිටවා
පු**ට පුනීලයක් දා
කටට ඇබයක් ගසා
විරේකය දමනුය
මස්තිෂ්කය හරිතැනට
බස්සන්නට නම්..
හේ හේ හේ ඇත්ත කතාව...
Deleteඑහෙනං මැලේසියාවට වීස හදල දෙන්නකො . . . අපි එන්නං පුනීල අරං
Deleteමේ කවිය සිරාය!
ReplyDeleteසෑහෙන බැරෑරුම් කවියක්.. නියමයි... කවුද මාල්යා මේ " ලක්ශාන්ත බ්‍රයන් ද සිල්වා"
ReplyDeleteහ්ම්ම්....මගේ ගුරුවරයෙක් සහ යාලුවෙක්....:)
Deleteකවිය සිරාමය
ReplyDeleteදවස් දෙකක් තිස්සේ තිස් අට වතාවක් කියවලා
යාන්තමි තේරුමි ගත්තා.
ඔයිං ගියා මදැයි..හේ හේ හේ....වෙල් කම් කිව්වා ඔන්න...
Deleteමට නං මොකුත් තේරුනේ නැත
ReplyDeleteගනන් ගන්න එපා ඔබා මාමේ.සමහර වෙලාවට එහෙම වෙනවා...;)
Deleteසිංහල ප්ලීස්.......
ReplyDelete(කවිය ලස්සනයි අක්කේ...)
:P
Delete