සැලසුම් කරන විට ඔබ ඉතාකාවට යන ගමන
පතන්න දිගු මාවත්
වික්‍රමයන් ගෙන පිරි
දැනුමෙන් සපිරි
ලෙස්ට්‍රොගොනියානුවන්ට
එකැස් යෝධයා සයික්ලොප්ස් ට
සමුදුරු අදිපති පොසේයිද්රෝන් ට
බිය නොවන්න
හමු නොවේවි කිසිදා ,
ඔබ සිතිවිල්ලෙන් උසස් නම්
කදිම හැගීමෙන් ඔබේ ආත්මය වෙලාගෙන නම්
ලෙස්ට්‍රොගොනියානුවන්, සයික්ලොප්ස්, පොසේයිද්රෝන්
හමුනොවේවි ඔබට කිසිදා,
ඔබේ ආත්මය තුල ඔවුන් රැගෙන නොයන්නේ නම්
ඔබේ හදවත ඔවුන් බලාපොරොත්තු නොවන්නේ නම්
පතන්න දිගු මාවත්
ගිම්හාන උදෑසනයෙන් සපිරි,
සොම්නසින් ප්‍රීතියෙන්
එළඹෙවී
පළමු වර දකින විට තොටුපොළ,
නවතින්න ෆිනිශියන් කඩමණ්ඩිය අසල
මිලදී ගන්න මුතු, කොරල් ,කළුවර ලී
නොයෙක සලෙලු විලවුන්
හැකි තරම්,
සැරිසරන්න පුරාන ඊජිප්ප්තු පුර පුරා
හදාරන්න සහ හදාරන්න විද්වතුන්ගෙන්
නමුත්
අමතක නොකරන්න ඉතාකාව කිසිවිටක
ලඟාවීම ඉතාකාවට අභිප්‍රායයි ඔබේ අවසන
ඉවසන්න, නැත කිසිම තදියමක්
කාලය ගතවිය යුතුය
නිමා කරන්න ඔබගේ ගමන
නැංගුරම් ලන්න ඉතාකාව අසල
ඔබ මහලු විට
පොහොසත්ව එකතු කල දෙයින්
මගදිගට
බලාපොරොත්තු නොවන්න
ඉතාකාව ඔබට පිරිනමයි යැයි
පොහොසත් බව
කිමද
අමතකද ඉතාකාව පිරි නැමූ බව
මේ සුන්දර චාරිකාව
නොවන්නට ඇය ඔබ නොයේවි
මේ මාවත්වල
ඇයට තවත් ඉතිරි නැත යමක්
ඔබ වෙනුවෙන්...
ඉතින් ඔබට දිළිඳු යැයි හැගුනොත් ඉතාකාව, ඇය ඔබ මුලා කර නොමැත. විදුර බව ඔබ ලැබූ, පරිචය ලඟා කරගත් ඔබ අවබෝධ විය යුතුයි, ඉතිකාවේ තේරුම, අභිප්‍රාය....
Constantine Cavafy (1863-1933)
Translated by meeeeeeeeeeeeeeeee (Malya Cruise)
ඉතාකාව - ග්‍රීසිය අසල ලෝනියන් මුහුදේ ඇති සුන්දර දිවයිනක්
ලෙස්ට්‍රොගොනියානුවන් - ග්‍රීක මිත්‍යා කතාවල එන දැවැන්ත මිනිමස් කන ගෝත්‍රයක්.ඔඩිසි එයාගේ නිවාස බලා ඉතාකාවට එන ගමනේදී ලෙස්ට්‍රොගොනියානුවන් මුණගැසෙනවා.ඔවුන් ඔඩිසිගේ මිනිසුන් විශාල ප්‍රමාණයක් ගොදුරු කරගන්නවා.ඔඩිසිගේ නැව් දොළහෙන් එකොළහක් ඔවුන් ගොදුරු කරගන්න අතර ගල්කුලක් අසල සැඟවී තිබෙන එක නැවක් සහ එම නැවේ සිටිය අය බේරෙනවා.
පොසේයිද්රෝන් - ග්‍රීක මිත්යාකතාවල ඔලිම්පියානුවන් දොළොස්දෙනාගෙන් කෙනෙකි.මුහුදට අධිපති දෙවියා ලෙස සැලකේ.අර්ත් ෂෙකර් කියලත් හදුන්වනවා.භුමිකම්පා සිදුකරන්නේ මොහු නිසා.
මේ අමුතු වචන ටිකේ තේරුම් ටික අන්තිමට දැම්මා නම් හොඳයි
ReplyDeleteඔන්න දැම්මා.ස්තුතියි.
Deleteඒක හොඳයි. දැන් මම මේක ආයි කියවලා බලන්නම් :)
Deleteමට නිකන් Clash Of The Titans බැලුවා වගේ...
ReplyDeleteඇයි අනේ මාව අඤ්ඤකොරොස් වෙලා ගියේ...
හැබැයි අන්තිම ටික කියෙව්වාම වැඩේ තේරුනා...එළ ඈ...නියමයි..
ඕනනේ එයාට අමතක වෙච්ච හරිය මම පුරවනවා.
ReplyDeleteයන්න ඉතාකාවට
හැබැයි ලනු කඹ අරන් ඔක්කොම ගස් බැඳගත්තට පස්සේ
මගදී හම්බවෙන රුසිරු ලලනාවෝ
අතවනාවී නැවතී සුව විඳින්නට
නවතුනොත්නම් කම්මුතුයි
ඉතාකාවට යනතුරු බැඳ දමනු අත් පා සිත්..
රුසිරු ලලනාවන්
Deleteහමුවේවි මගදිගට
කෙනෙක් තේරුම් ගත නොහැකි නම්
ගන්න පරිචය
සොයන්න තෝරා ගත හැකි තෙක්
නමුත් අමතක නොකරන්න
නැවතුම ඉතිකාවයි.
හරිම ලස්සනයි.....
ReplyDeleteකරකෝලා අතැරිය පාරට වැටුනා......තාම බම්ප් වෙනවා වගේ... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හොද වෙලාවට අර වචන වල තේරුම් දැම්මේ.. නැත්නම් තාම අප්සට්.. ලස්සනයි කවි ටික...
ReplyDeleteස්තුතියි දිනේෂ්
Delete