Sunday, May 19, 2019

ආදරණීය ජීවිතය

මේක ටිකක් වෙනස් කතාවක්. මීට අවුරුදු දෙක තුනකට කලින් ගෞරි ශින්දේ මේ කතාව කියලා තිබුනත්, ඒ කතාවත් එක්ක තිබුනු අනිත් කතා හින්දා මේ කතාව ටිකක් මොලේට වැටෙන්න පරක්කු වුනා.

අපි ජිවිත කාලයම හොයන ඒ එක විශේෂ පුද්ගලයෙක් ඇත්තටම ඉන්නවද? ඒ එක සර්ව සම්පුර්ණ සම්භන්ධතාවයක් අපිට ගොඩනගාගන්න පුලුවන්ද? ඒත් ඇයි අපිට එකම එක සම්භන්දතාවයක් හොයන්නේ? ගෞරි ශින්දේ කියන විදියට අපිට ජිවිතේ සම්භන්දතා ගොඩක් තියාගන්න ඕනේ. විවිධාකරයේ සම්භන්දතා. විවිධාකර අද්දැකීම් එක්ක.

සංගීතය රස වින්දින්න සංගීත සගයෙක්
කෝපි බොන්න කෝපි සගයෙක්
ඕපදූප කතාකරන්න ඕපදූප සගයෙක්
රොමාන්තික වෙන්න රොමාන්තික සගයෙක්
පොතක් ගැන කතා කරන්න හරබර සංවාද සගයෙක්

එහෙම නැති වුනොත් එක්කෙනෙක්ගෙන් ඔක්කොම දේවල් බලාපොරොත්තු වුනාම තියන එකත් නැති වෙනවා. ඒත් ඉතින් අපේ දූපත් මානසිකත්වයත් එක්ක තමන්ගේ සගයන්ට අනිත් සගයන් එක්ක සම්භන්ධතා පවත්වන්න කොච්චර දුරට ඉඩ තියනවද කියන එක ප්‍රශ්නයක්.

එක පුටුවක් ගන්න පුටු දහයක් ට්‍රයි කරන අපිට ජීවන සහකරුවෝ ට්‍රයි නොකර තෝරගන්න එපා කියලයි ශින්දේ කියන්නෙ.

ඒත් එක්කම මේ ජිවිතේ තියන කෙටි කාලේ ගැලපෙන්නෙ නැති දෙවල් එක්ක ඔට්ටු වෙන්න වැය කරන්නේ නැතුව ඉන්න, වෙනස් අද්දැකීම් ලබාගන්න ට්‍රයි කරනවනම් සතුට හම්බවෙන්න තියන සම්භාවිතාවය ටිකක් වැඩිවෙනවා.

Tuesday, January 15, 2019

මේ ලෝකෙට තවත් ළමයි

ෆේස් බුක් එකේ වීඩියෝ එකක් ශෙයා වෙනවා අම්මා කෙනෙක්ව දුවෙක් ගෙයින් එලියට දාපු එකක්. ඒ පොස්ට් එකේ කමෙන්ට් තමයි බලන්න ඕනේ. කතාව එක පැත්තකින් විතරක් අහලා මිනිස්සු ඒ දුවට අම්මම්මෝ නැතුව බනිනවා.

අනිත් කතාව අර නුවර ගින්නෙන් ළමයි බේරගත්ත තාත්තා කියනවා ළමයි හින්දලු දුක් විඳින්නේ. අහවල් මගුලකට ළමයි හැදුවද දුක් විඳින්න??

මට තාමත් තේරුම් ගන්න බැරි දෙයක් තමයි ලංකාවේ දෙමාපිය දුදරු සම්භන්ධතාවය.

අවස්තාව එක
හිතන්න ඔන්න දෙන්නෙක් කසාද බඳිනවා. ඊට පස්සේ හිතනවා අපිට ළමයෙක් ඕනේ කියලා. කාගේද අවශ්‍යතාවය?? දෙමව්පියන්ගේ. ඇයි ?? ළමයි නැති වුනොත් සමාජයෙන් බේරුමක් නැති වෙනවා. කවද්ද ළමයෙක් හදන්නේ, කවද්ද ළමයෙක් හදන්නේ කියලා. ඔන්න ඉතින් ආඩම්බරේට ළමයෙක් හදනවා. ඊට පස්සේ කිරි දෙනවා. ඊට පස්සේ කියනවා අර ළමයා කිරි වලට ණයයිලු. තමන්ගේ අවශ්‍යතාවයට ළමයෙක් හදලා තමන්ට ඕනේ හින්ද කන්න බොන්න දීපුවට අර ළමයා දැන් ඉල්ලපු නැති ණයක් ගෙවන්න ඕනේ.

අවස්තාව දෙක.
හිතන්න ඔන්න දෙන්නෙක් කසාද බඳිනවා. ඊට පස්සේ හිතනවා අපිට ළමයෙක් ඕනේ කියලා. කාගේද අවශ්‍යතාවය?? දෙමව්පියන්ගේ. ඇයි ??  වයසට යද්දී කවුද සලකන්නේ? මේ මොකද්ද? ආයෝජන සැලසුමක්. ඉතින් ආයෝජන සැලසුම් කියන ඒවා බොහොම අවදානමක් තියන දේවල්. හරියන්නත් පුළුවන්. වරදින්නත් පුළුවන්. වැරදුනොත් ඉතින් එකට ළමයට බැනලා වැඩක් නැනේ. මොකද අවදානමක් අරගෙනනේ තීරණය අරන් තියෙන්නේ.

ඉහත අවස්ථා දෙකේදීම ළමයා ලොකුවෙනකොට මුනදෙන්න වෙන දේවල් එක්ක තමයි අවසානෙදි ළමයි ප්‍රතිචාර දක්වන්නේ. ගෙවල්වල අඩදබර, ආර්ථික අපහසුතා, මානසිකව බලපාන භීෂණ තත්ව එක්ක අවසාන ප්‍රතිපලය වෙනස් වෙනවා. එකට ළමයින්ට දොස් කියන්න පුලුවන්ද?

ළමයෙක්ව මේ ලෝකෙට ගෙනල්ලා කන්න බොන්න දීලා උගන්නලා කසාද බන්දලා දෙන ගමන් තමන්ගේ අවසාන කාලේ ජිවත් වෙන්නත් ක්‍රමයක් හදාගන්න බැරි නං හොඳම වැඩේ මේ ලෝකෙට තවත් ළමයි නොගේන එක.

තමන්ට පුළුවන් නං තවත් ජිවිතයක් මේ ලෝකෙට ගෙනල්ලා ඒ ජිවිතේ ලස්සන කරලා ඒ ජීවිතේට උදව්වක් වෙන පරම පරාර්ථකාමී චේතනාවෙන් නං ළමයි හදන්නේ අන්න එතකොට ළමයෙක් හැදුවට කමක් නෑ.

එහෙම නැතුව තමන්ගේ මහන්තත්තකමට එහෙම නැත්තන් ආයෝජනයක් විදිහට නැත්තන් තමන්ගේ ආශාවල් පාලනය කරගන්න බැරුව මේ ලෝකෙට එන ළමයින්ට, ඒ ළමයි සාර්ථක ප්‍රතිපල නොදෙන එකට ඒ  ළමයින්ට මොනවත් කියන්න පුලුවන්ද?

හැබැයි මොන චේතනාවෙන් ළමයි හැදුවත් ලාංකික දෙමව්පියෝ හිතන් ඉන්නේ ඒගොල්ලෝ මාර දෙයක් කරා කියලා ඒ ළමයි වෙනුවෙන්....

Thursday, September 17, 2015

සහීර් - පළමු ප්‍රසුතිය

‘මේක හරියන්නේ නැහැ.’
‘ඒත් ඔයා මටත්, මං ඔයාටත් ආදරෙයි. එහෙම නේද?’
‘මං දන්නේ නැහැ. නමුත් ඔයා අහන්නේ මං ඔයාව ආශ‍්‍රය කරන්න කැමැතිද කියලා නම්, උත්තරේ ඔව්. අනික් අතට ඔයා අහන්නේ මට ඔයා නැතුව ජීවත් වෙන්න පුළුවන්ද කියලා නම්,
ඒකටත් උත්තරේ ඔව්.’

මගේ පනටත් වැඩිය මං ඔයාට ආදරෙයි කියලා කිව්වත්, ඔයා නැතුව මට ජිවත් වෙන්න බෑ කියලා කිව්වත් ඔය උඩින් තියෙන්නේ අපි හැමෝගෙම ජීවිතවල ඇත්ත. වාක්‍යක් වාක්‍යක් ගානේ කියනවාගෙන යනකොට හැමදාම පොලෝ කොය්යෝගේ පොත් වලින් දැනෙන ඇත්ත නේද කියන හැගීම දනවන සහීර් පොතේ දෙබසක්. හෙට ඒ කියන්නේ සැප්තැම්බර් 18 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වෙන සහීර් පොතේ පරිවර්තනයේ කොටසක්. එළිදැක්වීමේ උත්සවයක් පැවැත්වෙන්නේ නැහැ.එත් පොත් ප්‍රදර්ශනයට එන හැමෝටම පොත ගන්න පුළුවන්.

පොත පරිවර්තනය කරන්න හේතු වුනු දේවල් කිහිපයක් තියෙනවා.පලවෙනි කාරණාව අපේ අම්මා මේ පොත කවදාවත් ඉංග්‍රීසියෙන් කියවන්නේ නැති එක. දෙවැනි එක මේ පොතේ මනුස්සයා සැබෑ ලෝකෙදි මට හමුවීම. මුලින් පටන් ගන්නකොට මං හිතුවේ නැහැ මේක මං ඉවර කරයි කියලා. ඒ හින්දා පොත ඉවර වෙනකල්ම කාටවත් කිව්වෙත් නෑ. එත් චැප්ටර් එකෙන් චැප්ටර් එක කියවලා, මට ඊළඟ කොටස කියවන්න ඕනේ, ඉක්මනට ඉවර කරපිය කියලා දවස ගානේ කිව්වේ අපේ සාතන්. සාතන් හිටියේ නැත්තන් සමහර විට මං මේක අතැරලා දාලා කම්මැලිකමට. පොතේ ආරම්බයේ තියෙන ඉතාකාව කවි පන්තිය මම අතින් පරිවර්තනය වුනේ මීට අවුරුදු ගානකට කලින්. ඒ පොතේ මට දැනුනු විශේෂත්වය හින්දම. පොත පරිවර්තනය කරපු පලවෙනි චැප්ටර් එකේ ඉඳන් ඊයේ පොත ප්‍රින්ට් කරලා ඉවරද කියලා බලන තැනට එනකල් උදව් කරපු සාතන්ට විශේෂ ස්තුතිය.

පොතේ චැප්ටර් එකෙන් චැප්ටර් එකෙට ට්‍රාන්ස්ලේට් කරනකොට ඒවා කියවන්න දෙන්න ඕනේ වුනත් තාමත් කියවපු නැති ඔබතුමාටත් බොහොම ස්තුතියි. ඒ කියවන්න දෙන්න ඕනේ වුනු අවශ්‍යතාවය වැඩේ ඉවර කරන්න ලොකු උදව්වක් වුනා.

මීට මාස 5කට විතර කලින් මාරයා මොකද කරන්නේ අහලා පොත ගැන කිව්වම ඉවර කරන කම් ඉන්නවා කිව්වා කැත විචාරයක් ලියන්න.දැන් එකට අවස්තාව තියෙනවා..

සදීපා ප්‍රකාශන ආයතනය කිසිම ප්‍රශ්නයක් නැතුව පොත ප්‍රකාශය කරන්න බාර ගත්තේ නැත්තන් මේක මගේ හාර්ඩ් එකේ පල වෙන්න තිබුනා. 

කරන කියන කිසිම දෙකට එපා කියන්නේ නැති, අයන්න ආයන්න උගන්නපු අම්මටයි අප්පච්චිටයි පින්..


”ඔයා කවද්ද යන්නේ?”

”මම මෙහෙන් උදේ හතහමාරට යන්න  ඕනේ. ඔයත් බර්ලින් යන නිසා අපිට එකම ටැක්සියේ යන්න පුළුවන්.”

”ඔයා කොහෙද යන්නේ?”

”ඔයා දන්නවා මම කොහෙද යන්නේ කියලා. ඔයා මගෙන් ඇහුවේ නැහැ. ඒත් ඔයා දන්නවා”

”ඔව්, මම දන්නවා.”

”අපි මේ මොහොතේ සමු ගන්නවා කියලා ඔයා දන්නවා වගේම”

”අපි හමු වුණු දවසට අපිට ආපහු යන්න පුළුවන් නම්: 

ඔහු හැර ගිය කෙනෙකු නිසා හැඟීම්බරව බිඳවැටුණු මිනිසෙක්, සහ

තමන්ගේ අසල්වැසියත් සමග  උමතු ආදරෙන් සිටි ගැහැනියක්.

මට පුළුවන් වාරයක් මං ඔයාට කිව්ව දේ නැවත කියන්න: ”මම

අප‍්‍රසන්න අවසානය දක්වාම සටන් කරන්නයි යන්නේ. මම සටන්

කළා. මම පැරදුණා, දැන් මම මගේ තුවාල ලෙවකකා යන්නයි යන්නේ.”

”මමත් සටන් කරලා පැරදුණා. මම හදන්නේ කැඩිලා බිඳීලා

ගියපු දේ මහන්න නෙවෙයි. ඔයා වගේ, මටත්  ඕනේ අප‍්‍රසන්න

අවසානය දක්වාම සටන් කරන්න.”

”මම හැමදාම දුක් වින්දා, ඔයා ඒක දන්නවද? මම දැන් මාස

ගානක් තිස්සේ දුක් විඳිනවා, ඔයාට මං කොච්චර ආදරේද කියලා

පෙන්නන්න. ඔයා මගේ ළඟ ඉන්නකොට විතරක් දේවල් වැදගත්

වෙන හැටි පෙන්නන්න. නමුත් දැන්, මම විදෙව්වත් නැතත්,

ඇති කියන්නේ ඇති කියලා මම තීරණය කළා. ඒක ඉවරයි. මට

මහන්සියි. එදා සග්‍රෙබ්වල රැයෙන් පස්සේ මම මගේ රැකවල්

අඩු කරලා මටම කියාගත්තා. කුණාටුව එනවා නම් එනවා. ඒක

මාව කැන්වසයක අලවාවි, සීතලකට ඇද දමයි. නමුත් දවසක

මම සුව වේවි.”

”ඔයාට වෙන කෙනෙක් හමුවෙයි.”

”අනිවාර්යයෙන්ම: මම තරුණයි, ලස්සනයි, බුද්ධිමත්,

හැමෝම කැමති කෙනෙක්, නමුත් මම ඔයත් එක්ක විඳි අත්දැකීම්

ඒ අයත් එක්ක අද්දකීවිද?”

”ඔයා වෙනස් හැගීම් අද්දකීවි. සහ ඔයා දන්නවද, ඔයා

විස්වාස කළේ නැතත්, අපි එකට ඉන්නකොට මම ඔයාට ආදරය කළා.”

සහීර්
පාවුලෝ කොය්යෝ
සදීපා ප්‍රකාශන
මිල රු.400.00

Wednesday, April 1, 2015

සාමාන්‍යයෙකු ලෙස පැවතීමට ගැහැණියට ඇති අයිතිය තහවුරු කරමු. - ලිපිය ලියවෙන්නේ ඇයි??

සාමාන්‍යයෙකු ලෙස පැවතීමට ගැහැණියට ඇති අයිතිය තහවුරු කරමු. 
ඉහත ලිපිය හා සම්භන්ධව කෙරුණු කතාබහවල බොහෝ අවස්ථාවලදී නිමිත්ත ප්‍රධාන මාතෘකාව වී ඇති නිසා, ලිපියක් ලිවීමකින් බලාපොරොත්තු වන දේ වසන් වී නිමිත්ත (මෙහිදී නං ලිඳ ළඟ ඕපාදුපයක් වන තරමට) යට යාමෙන් වලක්වා ගැනීම සඳහා ලියමි.

මෙය ලෝකයේ ඕනෑම රටක කාන්තාවන් ලෙස ඉපදෙන සියලු දෙනා අඩුවැඩි වශයෙන් මුහුණ දෙන, අප වැනි තුන්වන ලෝකයේ රටවල් වල සමාජ සම්මුතීන් ලෙස පවතින විවිධ මත නිසා බහුලව මුහුණ දීමට සිදුවන සිදුවීමක්. මේ ලිපිය කියවීමන් පසු මිතුරෙකුට සබැඳිය යැවූ විට ඔහු ඇසුවේ "මේ ලිපිය ලිව්වා කියලා මොකද්ද වෙන්නේ?" "මෙහෙම ලිව්වා කියලා මේක නවත්වන්න පුලුවන්ද" කියන එකයි.  ඇත්ත! මේ ලිපිය ලිවීමෙන් අනතුරුව පළවූ අදහස් බැලුවම මේක නවත්තන්න බැහැ කියන එක සහ ඕවර් රිඇක්ට් කිරීමක් ලෙස බොහෝ දෙනා දකින බව පෙනෙනවා. නමුත් දවසකට හෝ කාන්තාවක් වී බැලිය නොහැකි පුරුෂයන්ගෙන් එම අවස්ථාවල දැනෙන මානසික පීඩනය තේරුම් ගැනීම බලාපොරොත්තු වෙන්න බැහැ. අපි කාන්තාව ඉල්ලන්නේ තමන්ටත් සාමාන්‍ය පුරුෂයෙකුට ජිවත් වෙන විදියට ජිවත් වෙන්න ඉඩ දෙන්න කියලා. මේක සම තැන ඉල්ලීමක් නෙවේ. (සමතැන පිලිබඳ මගේ මතය වෙනමම කතාවක්)

නමුත් මේ ලිපියෙන් වෙන්නේ මොකද්ද? එක තේරුම් ගන්න දැනට අවුරුදු පනහකට විතර පස්සට යන්න වෙනවා. දැනට අවුරුදු පනහකට විතර කලින් කාන්තාවන් රැකියාවකට යාම අතිශය විරල දෙයක් වුනා වගේම ඒ කාලයේ පියවරු මව්වරු එක නුසුදුසු දෙයක් විදියට හිතුවා. නමුත් කාන්තාවන් ක්‍රමයෙන් අධ්‍යාපන අයිතිය දිනා ගැනීම වැනි කඩයිම් කිහිපයකින් පසු ඒ අවස්ථාවට ලඟා වූවාසේම ලඟා කරගත යුතු අත්කර ගතයුතු අයිතියක්. {මේ ලිපියේ නිමිත්ත හරහා ශ්‍රී ලාංකීය සමාජයේ ඒ අවස්තාව උදා කරගැනීමට කාන්තාවනුත් විරුද්ධ වීමට හේතුව තමයි නිමිත්තේ කාන්තාව බාර් එකකට යාම. නමුත් බීම හල නොසලකා හැරීයත් මුහුඳු වෙරලක් සංගීත සංදර්ශනයක් හෝ එවැනි බොහෝ අවස්ථාවලට සහභාගී වීමට කාන්තාවන්ට බාධක ඇති බව අපි සියලු දෙනා දන්නා දෙයක්. බාධාවක් ඇතිය යනුවෙන් අදහස් කරන්නේ පිරිමියෙකුගේ අතේ එල්ලීමෙන් තොරව යා නොහැකි බව මිස තමන්ගේ බිරිඳ හෝ පෙම්වතිය අතේ එල්ලාගෙන මම නං එක්කන් යනවා කියන එක නොවේ.} අවුරුදු පනහකට කලින් දුවරු රස්සාවක් කරනවාට විරුද්ද වුනු දෙමව්පියන්ගේ, දුවරුන්ගේ දරුවෝ අද රස්සාවක් කරනවාට ඒ දෙමව්පියෝ විරුද්ධ නොවනවා මෙන්ම වියයුතු විකාසනයක්.

ඊළඟ ප්‍රශ්නේ "හරි එහෙම සමාජ මතයක් ගෙනාවා කියමුකෝ. එහෙම මතයක් තියන සමාජයක කෙනෙක්ට අනතුරක් වුනොත් ඒ සාමාන්‍ය කෙනෙකු විදියට හැසිරෙන්න අයිතියක් තියනවද කියපු අය එකට වග කියනවද?" එකත් හරියටම රස්සාවක් කරනවා වගේම තමයි. අද රස්සාවට යන කාන්තාවන්ට කාන්තාවක් වීම නිසා රස්සාව කරගෙන යාමට බාධා තියෙනවා. නමුත් එහෙමයි කියලා බහුතර කාන්තාවෝ රස්සා නොකර ඉන්නවද? කෙනෙක්ට තමන්ට ගැටළුවක් තියෙනවා නම් එකට පෞද්ගලිකව ක්‍රියා කිරීම හෝ රස්සාවකට නොයා ඉඳීම පෞද්ගලික කාරනාවක්. නමුත් සමාජයෙන්, ගැටළුවක් ඇති වුනාම වරද කාරයාට ඇඟිල්ල දිගු නොවී ඇයට අවැඩක් වීමට හේතුව රස්සාවට යාම කියලා එක සමාජීයමය ගැටළුවක්. අද සමාජය කියන්නේ නැනේ රස්සා කරන්න එපා කියලා. ඒ වගේම මෙතනදීත් ඇය යන තැන් නොයන තැන් තීරණය කරන එක ඇගේ තීරණයක් මිස සමාජයේ තීරණයක් නෙවෙයි. සමාජයේ තීරණයක් නොවන තැනට තාම ඇවිත් නැහැ. තාම හැමෝම හිතන්නේ ඇය ආරක්ෂාකාරීව ඉන්න නම් ඒ වගේ තැන් වලට නොයා යුතුයි කියලා.

 නමුත් රස්සාවක් කරන්න අවධානම  එකක් ගන්න අය වගේම  ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ඕනෑම තැනකට ගොස් ආරක්ෂා සහිතව ඉඳීමේ අයිතිය පිළිගන්නා, එහෙම යන්න අවධානමක් ගන්න අය ඒ සමාජයට බය නොවී තමන් නිවැරදි බව විස්වාස කරන්න, ධෛර්ය නැති කරගන්න නොදී හැමෝම ඒ අයිතිය විස්වාස කරන සමාජයක් ගොඩ නගන්න නම්, අවධානමක් ගන්න අයව ආරක්ෂා කිරීම, සාමන්යෙකු ලෙස හැසිරීමේ අයිතිය පිළිගන්නා අපි හැමෝගෙම යුතුකමක්. ඒ අයිතිය තවත් පරපුරකින් පසුව හරි උදා කර ගැනීම රස්සාවක් කිරීමට අයිතිය දිනා ගත්තා මෙන්ම කාන්තාවට තවත් පියවරක් ඉදිරියට යන්න කරන උදව්වක්.

මේ ලිපියට "ඕක ඔච්චර කෑ ගහන්න දෙයක්ද" කියලා අද අහන අය වැඩියි. ඒ අය ක්‍රමිකව අඩු වෙන්න, සාමාන්‍යයෙකු ලෙස හැසිරීමේ අයිතිය විස්වාස කරන අය ඒ ගැන කතා කිරීම අවශ්‍යයි. සමාජ මතයක් ගොඩ නගන්න ඒ ගැන විස්වාස කරන අය බහුතරය විය යුතුයි. මේ ලිපිය ලියවෙන්නේ ඒ නිසයි.

ඔබත් කාන්තාවටත් සාමාන්‍යයෙකු ලෙස හැසිරෙමේ අයිතිය ඇතැයි විස්වාස කරනවාද? එහෙනම් හඬ නගන්න...එක්වෙන්න....



Tuesday, February 17, 2015

ඉතින් සමාවෙන්න

තව අවුරුදු  විස්සකින් විතර සුනේත්‍රාගේ ප්‍රේම පුරාණයේ දෙවැනි කොටස මං අතින් ලියැවේවි. ඒ වෙද්දී තවත් ප්‍රේම පරිච්චේද දහයක්වත් තෝරාගන්න ඉඩ ලැබුනොත් වාසනාවක්. එක රැයකින් යෝගිනියක් බිහි වෙන්නේ නෑ කියන එක දැන් ජිවිතේ මොටෝ එක වෙලා. ඊළඟ අවුරුදු විස්ස ඇතුලත හමුවෙන හැම කෙනාම හිතේ සටහන් තියන එකක් නැති වෙන්නේ බොහෝ වෙලාවට පරම මෛත්‍රිය (ප්‍රේමය) අපේ හිත් කොනිත්තන්නේ නැති නිසා. අපිට ආදරය කරන අයට අපි ආදරය කරන්නේවත් අපි ආදරය කරන අය අපිට ආදරය කරන්නේවත් නැති නිසා. සමහර මිනිස්සු ඉපදෙන්නෙම චාරිකා කරන්න. එහෙම මිනිස්සුන්ට එක තැනක නවතින්න බෑ. එහෙම මිනිස්සුන්ට කේන්දර ගැලපුණු පලියට බඳින්න බෑ.

ඉතින් තව අවුරුදු විස්සකින් ලියවෙන මගේ පොතේ සටහන් දැන්ම එකතු කරන්න වෙනවා. නැත්තන් ඒ වෙද්දී සමහර මිනිස්සු මට අමතක වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්තන් පොතට ඇතුල් කරන්න ඊට වඩා හොඳ පරිච්චේද තියෙන්න පුළුවන්. ඕවා මේවා තෝරාගන්න දැන්ම සටහන් කරලා තියෙන එක හොඳයි. එත් ඒ පරිච්චේද දැන් මෙතන ලියන්න අවසර නෑ.

දිය රකුසෙකුට වුනත් ප්‍රේම කරන්න ගැහැනියකට පුළුවන් කියලා පොතේ සටහනක් තියන්න ඕනේ. වැද්දට කඩුව දුන්නු මනමේ කුමරියට වුනෙත් ඒකයි. එත් ඒ ආදරය පවත්වාගෙන යන එක ඒ තරම් සරල කාරනාවක් නොවෙයි. දෙවැනි පරිච්චේදේ පටන් ගන්න ශෝබා ඩි ගේ සොල්ට්‍රි ඩේස්වල ගෝඩ් ගේ හැඳින්වීම කියවලා එනවද නැත්නම් මගේම එකක් අලුතින් නිර්මාණය කරනවද කියලා හිතලා බලන්න ඕනේ. ඒක කිසිසේත්ම ප්‍රශංසාවක් නොවේ.

එක පරිච්චේදයක නැති දෙයක් තවත් පරිච්චේදයකින් ඉගෙන ගන්න හින්දම කවදාවත් තෘප්තිමත් වෙන්න බෑ. එ හින්දයි එක රැයකින් යෝගිනියක් බිහිවෙන්නේ නැත්තේ. බරණැස් වලට යන රාත්‍රී දුම්රියකදී නන්නාදුනන බටහිර ජාතිකයෙක්ව සිපගත්තට පස්සෙත් ඒ ගැන කය්ය ගහන්න රාධා කෙනෙක් ජිවිතේ සැන්දෑ සමයේත් ඉන්නවා (හදිසියේ මරුනේ නැත්තන්) කියලා විතරක් කියන්න පුළුවන්.

යම් විදියකින් ඔබ ඒ පොතේ නැත්නම් ඔබේ ප්‍රේමය අහිංසක වැඩියි නැත්නම් පිවිතුරු වැඩියි. ඉතින් සමාවෙන්න!!

Tuesday, December 2, 2014

හැඩතල වෙනස් වෙන නිමේෂයක..

මේ ලෝකෙට ඇවිල්ලා අවුරුදු විසිපහකුත් වෙන්න එනවා. ඒ අවුරුදු විසිපහ පුරාම මොහොතින් මොහොතට හැම හැඩතලයක්ම වෙනස් වෙලා. ජීවත්වෙන්න තියෙනවා නම් ඉදිරි කාලේ ඒ හැඩතල මොන විදියට වෙනස් වෙයිද කියන්න දන්නේ නැහැ. එත් මේ අවුරුදු විසිපහ ඇතුලේ ඉගෙන ගත්ත එකම දේ සදාතනික සතුටක් නැහැ කියන එක. සදාතනික දුකක් නැහැ කියලා කියන්න බැරි ඉපදීමම දුකක් හින්දා. අපි එකිනෙකා දිහා බලාගෙන එයා නම් සතුටෙන් ඉන්නේ කියලා හිතුවට හැමෝගෙම ජිවිත වල මොකක්ම හරි පසුතැවීමක් අඩුවක් තියෙනවා කියලා දැම්මම මට උගන්නපු ජීවිතේට ස්තුතිවන්ත වෙනවා.

ඕනවට වඩා හිතන මිනිස්සුන්ට කවදාවත් සතුටක් ලඟා කරගන්න බැහැ, අවාසනාවට මමත් එයින් එක්කෙනෙක්. පහු ගිය අවුරුදු පහ පුරාවට හිත ඇතුලේ බිත්ති වල එක එක්කෙනාගේ පින්තුර එල්ලිලා තියෙනවා. සමහර පින්තුර බලෙන් එල්ලපුවා, තවත් සමහර ඒවා දකින්න අකමැති උනත් ගලවන්නත් අකමැති ඒවා. ඒවා මල ගෙදර වගේ අනිත් පැත්ත හරවලා තියෙනවා. මේ ඔක්කොම පින්තුර අයින් කරලා බිත්ති ඔක්කොම සුද්ධ කරලා දාන්න ඕනේ වුනත් එක කරන්නත් ආය මැරිලා ඉපදෙන්න වෙනවා වගේ. ඒ හැම පින්තුරයක්ම නිදි යහනට නින්ද ගෙන නැලවිලි සිතුවිලි වෙලා. ඒ ඒ පින්තුර වල තියෙන්නේ එක එක විශේෂතා. ඒ පුංචි පුංචි විශේෂතා වලින් සදාතනික සතුටක් ලැබෙයි කියලා  කණාමැදිරි එලියට රැවටෙනවා වගේ රැවටුනාට එකේ වැරැද්ද කණාමැදිරියාගේ නෙවෙයි. රැවටෙන අපේ බොළඳ හිතෙයි. පුංචි පුංචි විශේෂතා වලින් පහුවෙනකොට අපිට සතුටක් නොලැබෙනවා නෙවෙයි, එත් එතකොට අපි ඊට වඩා දේවල් බලාපොරොත්තු වෙනවා. ඈත්ම වෙලා ගියාම පුංචි පුංචි දේවලුත් වටින්න ගන්නවා, පේන්න ගන්නවා. ඒක තමයි ජිවිතේ හැටි.

ජිවිතේ බොහොම උද්වේගයෙන් ගෙවිලා යනකොට වේගෙන් අපිව පහුකරගෙන යන්නේ මොනවද කියලවත් අපිට පෙන්නේ නැහැ. ඒ හින්දා කාලෙකට සැරයක් ස්ලෝ වෙන එකත් හොඳයි. එතකොට නැවතිලා බලන්න අවස්තාවක් උදාවෙනවා. සිද්ධ වුනු දේවල් පේන්න ගන්නවා. නැති දේම හිත හොයන හින්දා උණුසුමක් හෙව්වට එකෙනුත් සතුටක් ලැබෙන්නේ නැහැ කියලා යටි හිත දන්නවා. ඒ හින්දා ජිවිතේ ගැන හිතන්න ඉස්පාසුවක් හරි තියන මේ ජිවිතේ හොඳයි. මුකුත්ම වෙන්නේ නැහැ කියලා හිතුවට ජීවිතේට හිමින් හිමින් දේවල් එකතු වෙනවා. ඒ හැම දෙයක්ම මාව ඩිෆයින් කරන දේවල් මිසක් මගේ සැමියා දරුවෝ මගින් මාව ඩිෆයින් නොවෙන නිසා සතුටුයි. ඒ උනාට සමහර වෙලාවට සැමියා දරුවෝ නැහැ කියන එක  නරියා මිදී තිත්තයි කියනවා වගේ කතාවක්. ඒ සේරම එහෙම උනත් ගලවගන්න බැරි චුයින්ගම් එකක් ඇඟේ ගා ගන්න එක මහා වදයක්. දිනුම් කණුවට ලං වෙන්න හදිසියක් නැහැ වගකීමක් නැති උනාම. දිනුම් කනුව ජිවිතේ අවසාන කාලයේදී ලඟා වෙනකොට වටපිට බල බල මග දිගට රසවිඳින්න පුළුවන් වෙන එක වැඩිය වටිනවා. ඉතාකාවට ගියපු උලිසස් ට වගේ. මගදිගට එක එක්කෙනා හම්බ වෙනකොට ටොක්කක් ඇනගෙන මතක් කරගන්න තියෙන්නේ - සිඳ බිඳ ගතහොත් හිමිකම්
                                       ඉඳ හිට හමුවන පිය පුරුෂ දන
                                       දුක නුපදවත්.... කියලා විතරයි. ඒක කරන්න බැරිනම් එක රැයකින් යෝගිනියක් බිහි වෙන්නේ නැහැ කියලා ඇඳට උඩින් ලොකුවට ගහගන්න ඕනේ.

සත් චිත් ආනන්දයට
ජෙට් යානා යාත්‍රිකයෙකු වීමේ කලබලයක් නැත.
ගිමන් හරිමින්
නැවතෙමින්
හෙමින් යන ඉවසුමද සුවයකි...

Wednesday, May 21, 2014

ප්‍රේමයෙන්..

සොයා ගව් දහසකුත් ගෙවා පැමිණියත්
හමුවෙයිද  කිසිම දා නොතිබූ යමක්
ගොදුරුවෙමි තනිකමට නිතිපතා යලි යලිත් 
නිම නොවන ජිවිතේ කොහේ ඇති  නිමාවක් 
ඔබේ ඔය කළු මුණ මගනෑර හැම දවස
සොයන්නේ මාවමද නුඹේ පෙම මට වේද 
කලකට ඉහත පෙමින් බැඳී සුදු මුණ 
කලු වුනේ කෙලෙසකද ජිවිතේ කියන මට 
ඉතින් පවසන්න වෙහෙසයි හුඟක් මට
ජිවිතේ, අප දීගේ නවතින්න කාලයයි 
වෙන්වෙන්න උවමනයි මා ප්‍රේමේ නිමාවයි 
මා ප්‍රේමි මරණයයි, ඉතින් මට අවසරයි 
නුඹට හැකිද ගෙනියන්න මරණයව හමුවන්න?
දැන් ඉතින් වයසයි වෙහෙස එයි ඉක්මනින්
මා ප්‍රේමි මරණේ මෘදුව මා සිපගන්න
ආසයි දොඩමලු වෙන්න එක්ව වෙලී මියැදෙන්න
ප්‍රේමයෙන් මුසපත්ව මරණය හා එක්වන්න 
දෑත් පටලා නික්මෙන්න,
සභාවෙන් අවසරයි..

Sunday, March 17, 2013

සරුංගල් කෙල්ල


 පරිසරයේ ඇත්තේ මුස්පේන්තු වැහි අඳුරකි. හරියටම ඇගේ සිත පරිසරයට දැනුනා වැනිය.හිමින් හිමින් තද කරගෙන එන වැස්සේ මුල් වැහි බිඳු වලට තෙමිගෙනම වේගයෙන් ටොරින්ටන් සංකීර්ණය පසුකරගෙන විත් පැනිදෙනිය බසයට නැගී ඈ, කවුළුව අසල අසුනේ වාඩි ගත්තේ ලංකා බැංකුවෙන් එපිටට පෙනෙන අහසේ අනන්තය සොයන්නට මෙනි.වසර දහයක එපිට අතීතය නැවතත් ඇගේ දෑස් මානයේ මැවෙන්නට විය.

 අවුරුදු එකොළහක නැතිනම් දොළහක කොලු ගැටයෙකුව සිටියදී කළු පාට සපත්තුද මේස් ද ලා දෙමාපියන් සමග ඔහු අසල නිවසට පදිංචියට ආවේය. නාවර පෙරාගෙන අසල පාරේ කොලු රෑනත් සමග දඟලමින් සිටි ඇයට ඔහු අමුතු ජීවියෙකු මෙන් විය.මෙතෙක් කල් ඔවුන්ගේ සාදමින් තිබුණු නිවස රස්තියාදුකාර කොලු රැලගේ සහ එකම කෙලිච්චියෙකුගේ තිප්පල විය.එබැවින්ම ඔහුගේ පැමිණීමෙන් තමන්ගේ මහානර්ග තිප්පොල අහිමිවීමට වරදකරුවා ඔහුම විය.

 පසුකාලයේදී ඔහුත් ඔවුන්ගේ මිතුරු සමාගමයට එක්වුවත් ඒ ඔවුන් මෙන් උදේ සිට නාවර දාඩිය පෙරාගත් කොලුගැටයෙකු ලෙස නොව, සබන් පුයර හොඳ හැටි උලා සැන්ඩ්ල්ස් දමා කකුල් වල ක්‍රීම් ද ගා ගත් කොලුගැටයෙකු ලෙසය. නිවසක් තැනීමට ගෙනා අසල තිබු ගඩොල් ගොඩ මතින් ලෑල්ලක් දමා ඒ මතින් වේගයෙන් බයිසිකල් පැද යන මේ අන්ඩපාලයින් දැක ඔහු බියෙන් ඇලලී ගියේය.කොල්ලන් පමණක් නොව බියට පත් ඔහුට, කෙල්ලෙකුද සිනහ විය.

දෙසැම්බරයේ කඳු මුදුනේ තිබු නිවසේ කොන්ක්‍රීට් ස්ලැබ් එක මෙම කොලු රෑනගේ සරුංගල් ඇරීමේ තිප්පොල විය. පාසල් නිවාඩු කාලය පුරාම ස්ලැබ් එක මත කොල්ලන්ද කෙල්ලද සරුංගල් යවන අයුරු ඔහු අසල තිබු ගල්ගොඩ මතට වී බලා සිටියේය.

අන්ඩපාල වැඩ අතින් කෙතරම් පිටුපසින් සිටියත් ඔහු ඉගෙනීමේ ලා සමර්තයෙක් විය.රස්තියාදුකාර කොලු රැලගේ සියලු දස්කම් අබිබවා ඔහු අධ්‍යාපනයේ සමර්තයෙක් විය.

ඇයට වඩා සිව් වසරකින් වැඩිමහලු ඔහු සාමාන්‍ය පෙළ "ඒ" සමාර්ථ දහයක් සමග සමත් වීමත් සමග කොලු රෑනට ඔහු පොරක් විය.ඉන්පසුව එළඹී වසර දෙක ඔහු වැඩි බජනයකට නාවේ උසස්පෙළ නිසාමය. එහෙත් ඉඩක් ලද සැනෙන් "පිසාවක්‌" නැතහොත් වෙනත් කෑමට යමක් සඳහා ඔහු ඔවුන්ට නිවසට ආරාධනා කළේය.වසර දෙක අවසාන ඇයද ගැහැණු ළමයෙකු ලෙස තැන්පත් විය.තවදුරටත් කොලු රෑනත් සමග රංචුවේ වැටි බයිසිකල් පැදීමට හෝ සරුංගල් යැවීමට ඇයට කාලයක් නොවිය.ඉන්පසු ඇය ඔහු දුටුවේ ඉඳහිට කාරයේ එහාමෙහා යනවාය.

 සියලු සැපසම්පත් මෙන්ම බුද්ධියෙන්ද සපිරි ඔහු ඉතාමත් නිහතමානි තරුණයෙකු විය. බඩු මලු උස්සාගෙන නිවසට එන ඇගේ මවට ඔහු ඒවා ගෙන ආවේ කිසිම පැකිලීමකින් තොරවය.පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක වූ ඔහු උසස්පෙළ විශිෂ්ට අයුරින් සමත් විය. ඔහුගේ පාසලේ ශ්‍රවනාගාරයේ පවතී "සිංහබාහු" නාට්‍ය බලන්නට ගිය දින කොළ රෝලක් වනමින් සිටියා ඇයට තවමත් චිත්‍රයක් මෙන් මතකය.

 පාසලේදී ඇය කොතරම් ඔහු ගැන දෙඩවිද යත් සතියකට වරක් වත් " දැක්කේ නැද්ද _____ අය්යව ?" යි ඇසීමට යෙහෙළියෝ පුරුද්දක් කරගත්හ.වාචාල කටවල් ඇති යෙහෙළියෝ ඔහු ඇයට කැමති බවට පිසාවක්‌ ඔට්ටු ඇල්ලුහ. කරණියමෙත්ත සුත්‍රය පාඩම් කිරීමට තිබු දිනවල ඔවුන් ඔහුව උදාහරණයට ගත්තෝය. ඔවුන්ට එය විනොදයක් ම විය. "සෘජු බව " , "මුදු බව" ලෙස ගෙන ඔහුව එයට ආදේශ කරමින් පාඩම් කිරීම ඔවුන්ට අහ්ලදයක්ම විය.

 ඔහු ගැන ඇසි සියලුම අය ඔහුගේ ගුණම වැයුහ.විශ්ව විද්‍යාලයේ රැග් වූ අය මෙන්ම අල කණ්ඩායමද ඔහුට අසිමිත ගෞරවයක් දැක්විය.

මේ සියලු කරුණු සමග ඇගේ සිතේ ඔහු වෙනුවෙන් බියමුසු ගෞරවයක් ගොඩනැගී තිබිණ.ප්‍රදේශයේ අවුරුදු උත්සවය දා යකඩ බට වැටක් උඩට වී ඔහුත් සමග කතා කරමින් සිටියදී පවා, ඉතාලියේ දේවස්ථානවල ඇති චිත්‍ර බැලීමට යාමට ඔහුගේ ඇති කැමැත්ත පවසද්දී පවා, ඇයට වැඩි යමක් කියාගත නොහැකි වුයේ මේ හැගීම නිසාය.තවත් වරක ඇයට ලිෆ්ට් එකක් දීමට තැත් කරද්දී පසු බැස්සේද මේ හැගීම නිසාමය. " මං ඔයාව කන්නේ නැ " ඔහු සිනා මුසුව කිවා ඇයට අමතක නැත.

 ඇය විශ්වවිද්‍යාලයට ඇතුලත් වන විට ඔහු එයින් පිටවී ගොස්ය. ඒ නුදුරේම පෙර කි කොලු රැල  " අන්න කෙල්ලෝ " ලෙස හඳුන්වන ජාතියේ කෙල්ලක් සමග ඔහු විවාහ වුයේ ජිවිතයේ ප්‍රථම ඒක පාර්ශවීය ප්‍රේමයේ සුන්දර මතක සටහන් ගොන්නක් ඈ සිත තුල ඉතිරි කරමිනි. දැන් ඔහු නොරටය.

එහෙත් මේ අද සිදුවුයේ කුමක්ද??? උදෑසනම "සිටි සෙන්ටරය" වෙත පැමිණියේ බඩු වගයක් ගැනීමටයි.එහිදී ඇයට ඇගේ විශ්වවිද්‍යාල මිතුරෙකු සමග තවත් තරුණයෙකු හමුවිය.ආ-ගිය තොරතුරු විමසීමේදී තරුණයා ඔහුගේ පාසල් සගයෙක් බව කීවිට , ඔහු ඇගේ නිවස අසල බව කීවිට...

" ආ නංගි, ඒ දවස වල ඕකාට හෙන ලව් එකක් තිබුනනේ ගෙවල් ළඟ සරුංගල් ඇරපු කෙල්ලෙකුට"
..............................................................................................................................................................................................................................................................................................



                              ජීවිතය!!
 කවුළුවෙන් මෙපිටට දෑස් ගෙන බසයේ සීනුව හඬවමින් ඈ සිතුවාය.

Wednesday, October 3, 2012

ආලය...

ආලය. ආලය යනු පුදුමාකාරදෙයකි. ආලය විවිධාකාර මුහුණුවර ඇත. එහෙත් සත්‍යවශයෙන් ම ආලය යනු දෙයක් පවතීද යන්න සැක සහිතය. දෙමාපියන් දරුවන්ට ආලය කරන බව පවසයි. එහෙත් අම්මලා දරුවන්ට තලති. ඒ කේන්ති ගියවිටය. එවිට ආලය අතුරුදහන් වේ. නැවත කේන්ති නිවී ගියවිට ආලය මතුවේ. ලොව වැඩියෙන්ම ගීත ලියවී ඇත්තේ ආලය වෙනුවෙන්ය. ආලය ඇතිවීම පිළිබඳවය.ආලය නැතිවීම පිළිබඳවය.වෙළෙඳපොලේ මේ තරම් විකිනෙන වෙනත් දෙයක් තිබේදැයි සැක සහිතය.දිනපතා සීග්‍රතාවය අඩු නොවෙමින් ඉහල යයි.

 මේ ලඟදි මම මිතුරෙකුට කතා කරමින් සිටියෙමි. එවිට ඔහුගේ අනිත් දුරකතනයට ඇමතුමක් ලැබිණි.

ආ කෑවද?? ඇයි කෑවේ නැත්තේ?? ඔහු ප්‍රේමනීය හඬකින් විමසයි. මම චුටි වැඩක මිනිත්තු පහකින් කතා කරන්නම් යැයි පවසා ඔහු නැවතත් කතාව පටන් ගත්තේය. පැණි ඉතිරෙනවා නේදැයි මා ඇසුවෙමි.

එහෙම තමා මුල මාසේ නලවලා තියාගන්න ඕනේ.ඔහු පැවසුවේය.ඇය ගැන මට දුකක් නැත.ඔහු හදන්නට නොයන්නෙමි.ඇයට හොඳ නම් ඔහුට හොඳ නම් මට පාන්ද?? ඔහු ඇය නලවනු ඇත.ටිකදිනකින් ඇයට කතාකිරීම පුරුද්දක් වනු ඇත. ඒවිට ඔවුන් එයට ආලය යැයි පවසනු ඇත.එහෙත් බැරිවෙලාවත් කටින් වචනයක් පිටවුවහොත් ආලය අතුරුදහන් වේ.නැති දේ අතුරුදහන් වීම අරුමයක්මය.නැවත පුරුද්ද මතුවී ආලය ඇතිවනු ඇත.

ඔහු මා දුකින් ඉන්නා විට කුමක් හෝ අලුගුත්තේරු කතාවක් කියා මා සිනා ගන්වයි.නැතහොත් සින්දුවක් හෝ කියයි.ඉතින් ඔහු මට වටිනේ ය.උපදෙස් දීමට ගොස් යාලුවා නැති කර ගැනීමට මට නොහැක.මම ඉතාම හොඳ පුද්ගලයෙකු නොවෙමි.එබැවින් උපදෙස් දියයුතු බව නොපවසන්න.

මා කාන්තා විමුක්තිදාරිනියක්ද නොවෙමි.සිරි ලංකාවේ කාන්තාවන්ට විමුක්තිය ලබා දිය නොහැක. කාන්තාවක්  වෙනුවෙන් පිරිමියෙකුට  යමක් පැවසුවහොත් අවසානයේ නරක මිනිසුන් වන්නේ අපිය.ඒ නිසා ඕනි කුදයක් ගසාගන්නට කියා මා මගේ පාඩුවේ සිටිමි. 2008 සිටි මා දැන් මා නොවේය. 2008 සිටි මාගෙන් දැන් මා මනින අය ගැන සෝරිය. ලීවාට පලක්ද නැත.ඔවුන් මෙය නොකියවයි.

මාතෘකාවෙන් පිට පැන්නෙමි.

ආලය.ආලය බිඩියකි, බිඩි සතපහට දෙකකි. අපේ අප්පච්චිගේ සමරු පොතක එසේ තිබුනා ය.කෙනෙක් මා ගැන අනුකම්පාවෙන්ම මට ආලය නොකරයි.අපේ අම්මා නම් පවසන්නේ නියම ආලය නම් එය බවයි.මා දන්නා මලදානයක් නැත.

ආලය යනු පුරුද්දද?? පුරුද්ද ආලය යනුවෙන් හඳුන්වන්නේමුද?? ආලය පුරුද්ද නොවුවත් ආලය යනු තන්හාවමය.තන්හාවට සිනි ටිකක් තවරා රැස්කරන ලද ආහාරයක්මය.එකිනෙකා ගැන තන්හාවෙන් සිටින්නෙමු.

ආලය මැවි ඇති විටෙක මම ඔහුට මෙසේ සලකන්නම් යැයි සිහිනා මවයි.එහෙත් කේන්තියට ආලය නැති කිරීමට තප්පර ගණනක සෑහේ.

මා දන්නා ජෝඩුවක්‌ සිටියහ. අක්කි අනාත දැරියක් ය.ඇයට දැඩි ලෙස ආලය කල අය්යා කරන්ට් වයරයක්වත් නිවසේ ගැසීමට ඇයට ඉඩ නොදුන්නේය.ඒ අය අහිමි වීමට බියේය.තමන් තනි වනවාට බියේය. එහෙත් සුනාමි දා අවුරුදු 6 ක දරුවාද බිරිඳද දමා මාස තුනක් වයසැති දරුවාද සමග පියා රැල්ලට ගසාගෙන ගියේය.මල ගෙදර ඇය විලාප තැබුවාය. එදින මා තීරණය කලේ කවදාවත් ආලය නොකරන බවටය. නමුත් අවුලක් නැත. මා නොකරන බවට දිව්රා ඇති බොහෝ දේ මා කර ඇත.මා සිතාගෙන සිටි කිසිවක් මෙතෙක් සිදුවී නැත.

කෙසේ වුවද ආලයේ අවසාන ත්‍යාගය කඳුලයි.නැති දෙයක් ඇති දෙයක් උපදවා යන්නට යයි.එය අද වුවද මිය යන දින වුවද පොදුය. එකෙක් නැති වූ විට අනිකා ආලයෙන් දුක විඳි. අවුරුදු සියයකින් මියගියද ජිවත් වන එකාට දුකය.



Saturday, September 22, 2012

අධ්‍යාපන වෙළඳපොල

දෙක තුනේ කැලෑසියේ 
පහ පාස් අට පාස්
එස්. එස්. සි, එච්. එස්. සි 
ඩිප්ලෝමා කැම්පාස්
එන්ට එන්ට වාඩි වෙන්ට
මෙන්න අලුත් කෝස්
දොස්තර පට්ටමේ ඉඳං
පාන් හදන රෝස්
සේල් සේල් පැයෙන් දෙකෙන්
ඉංගිරිසි පාස්
වටිනාකම් ඉහලට ඔබේ 
වගේ කඩේ ගෑස්

හෝඩියේ දරුවෙකු ඉදිරියේ මවන්නේ
හුණු කෑල්ලකින් ඇඳිය යුතු
කුරුටු චිත්රයක් නොව
විසිපස් වසරකට පසුව
ඇඳිය යුතු ව්‍යාපෘති සැලැස්මකි.

තනපුඩුව වෙනුවට පොඩි එකා
උරව්වේ සුප්පුවක්
ලොකු වෙද්දී අම්මා නොව
ඌට ඔනේ වුනේ සේප්පුවක්
ඇට මස් ලේ නහර නැ
මුළු ඇඟම ප්ලාස්ටික් සාප්පුවක්
ගුණදම් සොයන්නට ඇවිදවමු
කනප්පුවක්

අවකාශයට සාපේක්ෂව ඔබ සුදානම් නම් පහත දෑ අනුගමනය කරන්න

ළමුන්ට නම් තබද්දී දැනුවත් වෙන්න
මුලකුරු ගලපද්දී අවබෝදෙන් ඉන්න
එම්.ඒ , ඇල්. ඇල් . බි , පි. එච්.ඩි. දෙන්න
එතකොට ඕනේ නැ වාසිටියේ කටු කන්න

මොකද,

නැහැදුනු ලොකුවුන්ට නොමිලේ 
ආචාර්ය පට්ටම් දීමට වඩා
හැදෙන පොඩි වුන්ට
නොමිලේ ඒවා තෑගී කිරීමෙන්
රටේ අනාගතය වෙනුවෙන් සාපේක්ෂව වැදගත් යමක්
ලබාගත හැකි නිසා..

ලක්ශාන්ත බ්‍රයන් ද සිල්වා
උපුටාගැනීම- අවකාශයට සාපේක්ෂව කෘතියෙනි.










Thursday, September 20, 2012

කලර් (colour) බැලුවෙමි..

ඉස්සෙල්ලාම කියන්න ඕනේ.මේක මගේ බ්ලොග් එක.ඒ හින්දා ලියන්නේ මට හිතෙන මම දකින විදිහ.වෙන කෙනෙකුට එකම දේ දිහා වෙනස් විදිහකට බලලා වෙනස් කමෙන්ට් එකක් දෙන්න පුළුවන්. ඒත් මේ මම දකින විදිහ.මේ දක්වා මේ ෆිල්ම් එක පිලිබඳ කිසිම රිවිව් එකක් කියවන්න ලැබුනේ නැ.ඉතින් තනිකරම මගේ අදහස පමණයි.

කුස පබා බැලුවට පස්සේ බලපු එකම සිංහල චිත්‍රපටිය. වෙන සිංහල චිත්‍රපටි ආවෙත් නැද්ද මන්දා. කොහොම හරි ඕනෙම දෙයක් ගැන විචාරයක් දෙනකොට හොඳ ටික කියලා ඉන්න එපැයි.

මහින්දාගමනය , කුසපබා වගේ කඩේ යන ෆිල්ම්ස් වලට වඩා හුඟාක් හොඳයි. තරුණ අධ්‍යක්ෂකවරයෙකුගේ හොඳ උත්සාහයක්. චිත්‍රපටියේ සංගීතය ලස්සනයි. ඒගොල්ලොන්ට මියුසික් ඇල්බම් එක කලින් රිලීස් කරන්න තිබුනා. එහෙම වුනා නම් තවත් මිනිස්සු අද්දගන්න තිබුනා බලන්න. ලස්සන සින්දු 3ක් තියනවා. උදයන්ති කුලතුංග, සඳනි සුලක්කනා දෙදෙනාටම හොඳින් රඟපෑමේ හැකියාව තියනවා කියලා පේනවා. කමල් අද්දරාරච්චිට රඟපාන්න පුළුවන් කියලා හැමෝම දන්නවනේ. රූපගත කරන්න අරගෙන තිබුණු තැන් (ගෙවල් සහ ආර්ට් ගැලරි එක ) උසස් තේරීමක් තියනවා.

ෆිල්ම් එක මුල ටික බලාගෙන යනකොට ෂෝර්ට් ෆිල්ම් එකක ගතියක් දැනුනා.කමල් අද්දරාරච්චිට අතීතය මතක් වෙන්න පටන් ගන්න තැන දක්වා තියන කාලය ටිකක් වැඩියි කියලා හිතුනා. ඒ ටික ටිකක් කම්මැලියි.ඒ මුල ටිකේ විතරක් සින්දු 2ක් තියනවා. අනිත් එක ඒ එක සින්දුවක් රූපගත කරලා තිබුන කොන්සේප්ට් එක මට තේරුනේ නැ මම හිතන්නේ. පෝසත් කොල්ලෙක්, ඩෙට් එකකට ගෑනු ළමයෙක්ව කුණු ඇලක් උඩින් තියන පාලමකට අරන් යයි කියලා මම හිතන්නේ නැ.කන්න සයිවර් කඩේකටත්. සමහර විට එතන මට නොතේරෙන මොකක් හරි කොන්සේප්ට් එකක් ඇති.  කොහොම උනත් උදයන්තිගේ පෙම්වතාට වැඩ උදයන්තිගේ රඟපෑම නම් ඉතාම උසස්.

ෆිල්ම් එකේ මුල බලන කොට අග තේරෙන නිසා එතනින් එහාට බලාගෙන ඉන්න කම්මැලියි. ඉවරවෙන්නේ කීයටද වගේ නොසන්සුන් ගතියක් දැනුනා. මුලයි අගයී සම්බන්ධතාවය දුරස් වගේ දැනුනා.

කමල්ව අරගෙන තියෙන්නේ ෆිල්ම් එක විකුනගන්නද දන්නෑ කියලා හිතුනා. මොකද කමල්ට වඩා තරුණ නළුවෝ ඉන්න නිසා. බිමල් හරි ධනංජය හරි ගත්තත් අවුලක් නැ.කොහොම වුනත් මුළු ෆිල්ම් එකම බලලා ඉවර වුනාම හොඳයි කියලා හිතුනා. බලන්න ගියේ අපරාදේ කියලා හිතුනේ නැ. වෙනසකට තිබුනේ මම බලන්න බලාපොරොත්තුවෙන් ගිය තරම් බාවාත්මක එකක් නොවුන එකයි.

ෆිල්ම් එකේ වර්ණ ලස්සනට පෙනුනේ නැත්තේ මම බලපු ෆිල්ම් හෝල් එකේ අවුලක් කියලා හිතනවා. මොකද පෝස්ටර්ස් වල පාට මාර ලස්සනයි.




Monday, September 17, 2012

පත්තරකාරයොන්ගේ විලාසිතා සංදර්ශන කෙරුවාවල්...

පහුගිය සති එකහමාරේම ඔන්ලයින් එන්න ලැබුනේ නැනේ.එකට හොඳ හේතුවක් තිබුනා.එක ගැන විස්තරයක් ලියන එක හොඳයි කියලා හිතුනා මිනිස්සුන්ට දැනගන්නත් එක්ක. මම සාමාන්‍යෙන් බ්ලොග් එක ලියන්න මම වෙනුවෙන්. එත් මේ පොස්ට් එක නම් ලියන්නේ කියවන අය වෙනුවෙන්.

මගේ හොඳම යාළුවා ලංකාවේ ප්‍රරසිද්ධම රජයේ ඉංග්‍රීසි පත්තරේකින් සංවිධානය කරපු ඩිසයිනර්ස්ලගේ කම්පෙටිෂන් එකකට ඇප්ලයි කරලා තිබුනා. ඉතින් මමත් එයත් එක්ක කම්පෙටිෂන් එකට ඇඳුම් හැදුවා. එක තමයි පහුගිය දවස වල බිසී වෙන්න හේතුව. එක බ්ලොග් පොස්ට් එකක් දාන්න තරම් හේතුවක් නෙවෙයි.එත එතනට ගියාම වුනු දේවල් නම් බ්ලොග් පොස්ට් එකක් නෙවෙයි පත්තරේකට ලියන්න වටිනවා.

මගේ යාළුවා දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ ඩිසයිනින් ඉගෙන ගන්නවා. ඉතින් කොහොම හරි ඇප්ලයි කරලා අවසන් අර්ධ පුරවා තරඟය සැප්තැම්බර් දහසය වෙනිදා කියලා එකට තමයි ඇඳුම් තුනක් ඩිසයින් කරන්න කියලා තිබුනේ. ඊට කලින් ඇඳුම් වල ස්කෙචස් එහෙම විනිශ්ය මණ්ඩලයක් බලලා තෝරලා තමයි අර්ධ පුරවා තරග වලට හදන්න අවසර දුන්නේ.ඉතින් මාසයක් විතරම මහන්සි වෙලා කඩවල් ගානේ ගිහින් ගැලපෙන රෙදි, පාටවල් හොයලා අනිත් බඩුත් හොයාගෙන තමයි ඇඳුම් තුනම හැදුවේ. අන්තිම සති එකහමාරේ රෑ වෙනකම් බ්ලොක් හදලා, මහලා ඇඟිලි තුවාල කරගෙන ඇඳුම් හැදුවා. හිතාගෙන හිටපු ඒවා ප්‍රැක්ටිකල් නෑ කියලා තේරුනාම ඒවා වෙනස් කරලා ඒවාට පිළියම් යොදලා කොහොම හරි සාරි කැටගරි එකෙනුයි, ඊවිනිග් වේයා එකක් සහ කැෂුවල් වෙයා කියන කැටගරි තුනෙන් හැදුවේ.

අර්ධ  පුර්ව තරංග වලට ඩිසයිනර්ස් ලා 18 ක් ඉන්නවා කියලා තමයි පත්තරේ දාලා එගොල්ලොන්ව හඳුන්වලා දීලා තිබුනේ.ඉතින් ඉරිදා අපි ගියා ඇඳුම් තුනත් අරගෙන.ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හොටෙල් එකේ තමයි තරඟ තිබුනේ. ස්කෙචස් බාරදෙන්න ගියපු දවසේ එතනට මොඩල්ස්ලා ඇවිල්ලා හිටියා වැඩක් හොයාගන්න. "මම ඔයාගේ ඇඳුම් අන්දින්නද" කියා කියා මගේ යාලුවාගේ පස්සෙන් ඇවිත් තිබුනා . එත් ඒ වෙනකොට අපිට වෙන නංගි කෙනෙක් හිටපු  නිසා අපි එතන හිටපු අයව ගත්තේ නැ.

ඉරිදා උදේ අපි එතනට ගියාම පත්තරේ මීඩියා කෝඩිනේටර් කියලා ගෑනු කෙනෙක් හිටියා.අපි ලේසියට එයාට නදීෂා කියමුකෝ. එයා අපිව දැක්ක ගමන් "ආ ඔයගොල්ලෝ මෙතන අන්දන්න" කියලා බලෙන්ම උපදෙස් දුන්නා.එයා නිකන් එතන ලොක්කා වගේ තමයි හිටියේ. එයාගෙන් ඇහුවාම මොකද්ද ඉස්සෙල්ලාම අන්දන්න ඕනේ ඇඳුම කියලා නදීෂා දැනගෙන හිටියේ නැ. පත්තරෙයි ඩිසයිනර්ස් ලයි කෝඩිනේට් කල අසේල (අන්වර්ථ නමකි.) කියන එක්කෙනාගෙන් ගිහින් අහලා ඇවිල්ලා අපිට කිව්වා කැමති එකක් අන්දන්න එහෙම පිළිවෙලක් නැ කියලා. ඉතින් ඔන්න අපි මේකප් එක එහෙම දාලා අන්දන්න ගත්තා. බාගයක් විතර කරගෙන යනකොට අසේල ආයමත් ඇවිල්ලා කිව්වා සාරි තමයි ඉස්සෙල්ලාම අන්දන්න ඕනේ කියලා. අයම මේකප් එක අයින් කරලා මුල ඉඳං ඇන්දුවා. කොහොම හරි කිසිම පිළිවෙලක් නැතුවම කම්පෙටිෂන් එක ඉවර වුනා. නිවේදනය කලේ හිරු ටීවී එකේ ගෑනු කෙනෙකුයි වයි එෆ්.එම් එකේ මනුස්සයෙකුයි. ඊට වඩා හොඳට අපේ ඉස්කෝලේ මොනින්ග් ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා කතා වේවි අපි හිටියා.

දැන් තමයි හොඳම හරිය

අන්තිමට ඩිසයිනර්ස්ලා 18 ක් කිව්වට 30 ක් විතර පාර්ටිසිපෙට් කරා.ඒ කියන්නේ අර ස්කෙචස් බාරගත්ත දවසේ හිටපු විනිශ්ය මණ්ඩලයෙන් තොරව බර ගානක් ඇතුල් වෙලා හිටියා. මේ කම්පෙටිෂන් එකට රෙජිස්ටර් වෙන්න රු.2500 .00 . තව රු 3500 සහ 1000 ටිකට් පොත් ඩිසයිනර්ස්ලට දීලා තිබුනා විකුනන්න කියලා.

තරන්ගේ ඉවර වෙලා ඩිසයිනර්ස්ලා ගොඩක් අය ගියාට පස්සේ අසේල කියන මනුස්සයා ද්‍රසින්ග් රූම් එකට ඇවිත් ඇහුවා කවුද ඉන්න ඩිසයිනර්ස්ලා කියලා.එතකොට හිටියේ අපියි, තව දෙන්නෙකුයි විතරයි.අනිත් අය ඔක්කොම ගිහින්. ඒ පාර , එන්න ඔයගොල්ලොට නිකන් සපත්තු අරගෙන දෙන්නන් කියලා ඩිසයිනර්ස්ලා ටික එකතු කරගෙන කොටුවට ගියා. ඒ යනකොට අර නිවේදනය කරපු පිරිමි ළමයයි , ඕගනයිසින් කමිටි එකේ ගෑනු ටිකකුයි ඩිසයිනර්ස්ලා තුන්දෙනෙකුයි තමයි එක්කගෙන ගියේ. කඩේට ගිහින් කඩේ හිටපු අහිංසක මනුස්සයාට අර ඕගනයිසින් කමිටි එකේ නාකි ගෑනු ටිකව ඩිසයිනර්ස්ලා කියලා අඳුන්වලා දීලා උන්ට සපත්තු අරගෙන. ඊට පස්සේ හිටපු ඩිසයිනර්ස්ලා තුන්දෙනාට සපත්තු දෙනවා වගේ ෆොටෝ එකකුත් අරගෙන අර ගෑනුන්ට සපත්තු නිකන් අරගෙන දීලා ආපාහු හොටලේට එක්කගෙන ආවා.

ඒගොල්ලෝ එනකන් මගේ යාලුවාගේ අම්මයි මමයි හොටෙල් ලොබි එකට වෙලා හිටියේ.ඒ ඉන්නකොට  පත්තරේ ෆොටෝග්‍රෆර් කතාවට සෙට් වුනා. ඊළඟට තියෙන්නේ ඒ කොල්ලාගෙන් දැනගත්ත විස්තරේ.

මේ කම්පෙටිෂන් එක ගිය අවුරුද්දේ දිනපු මනුස්සයා දිනලා තියෙන්නේ පත්තරේට ලක්ෂ පහක අල්ලසක් දීලා. ඒ අල්ලස දීලා  ට්‍රෝෆි ඔක්කොමයි ප්ලේසස් එක්කොමයි ඒ මිනිහා අරගෙන. අපි එතන ඉන්නකොට අර මීඩියා කොඩිනේටර් නදීෂාට අන්දපු ළමයාගේ අම්මත් හිටියා. ෆොටෝග්‍රෆර් ඇහුවාම කවුද මොඩ්ලර් කියලා අර අම්මා කිව්වා නදීෂා කියලා. ඒ පාර පල් හිනාවක්‌ දාපු ෆොටෝග්‍රෆර් කියනවා, නදීෂා මොඩ්ල් කළා නම් ඉතින් ප්ලේස් එකක් තියෙයි,මිස්ටර් අසේල දෙන ලකුණු දහය කපාගන්නේ නැතුව තියාගන්න පුළුවන් කියලා.නදීෂා ලඟින් තියාගෙන ඉන්න එක හොඳයි කියලත් කිව්වා.එකේ තේරුම හදපු ඩිසයින් එක මොකක් වුනත් මොඩ්ලර් අසේලත් එක්ක ෆිට් නම් වැඩේ ගොඩ බවයි.

නදීෂට අන්දපු ළමයාගේ අම්මා ඇහුවා පත්තරේ ෆොටෝ යයිද කියලා.එතකොට කියනවා නදීශාගේ ෆොටෝ නම් අනිවාර්යෙන් යනවලු. ඒ කියන්නේ ඩිසයින් එක මොනවා වුනත් නදීශාව ගත්ත නං හරි. මේ කම්පෙටිෂන් එකේ ෆොටෝ ඔක්කොම දාලා ඩිසයිනර්ස්ලාගේ පේපර් කටින්ග්ස් දාලා ස්ටෝරි බුක් එකක් හදන්න පහළොස්දාහක් ගන්නවලු.එත් ඒ මනුස්සයාට විකුනන්න තහනම් ෆොටෝස් ඕනේ නම් සිඩි එකක දාලා දෙන්නම් කියලා අර අම්මට කියනවා. වෙන ඉන්ටර්විව් එකකට යනකොට හරි වැදගත් වෙයිනෙ කියලා මම ෆොටෝග්‍රෆර්ගෙන් ෆොන් නම්බර් එක ඉල්ලගත්තා සිඩි එක ගන්න. ඒ මනුස්සයා මට කියනවා ඌට මිස් කෝල් එකක් දෙන්නලු. ඒ මනුස්සයා වෙන අදහසක් තියාගෙන එහෙම කිව්ව නිසා මාත් බොරුවට "හා" කියලා නම්බර් එක ඉල්ලගෙන ඇවිල්ලා මගේ යාලුවට දුන්නා ඕනේ නම් පස්සේ කතා කරන්න කියලා.

අර ළමයාගේ අම්මට තේරෙන්නේ නැ එතන වෙන්නේ මොකද්ද කියලා.එච්චර වයස ගිහිල්ලත් මිනිස්සු මොකාටද එන්නේ කියලා ඒ මනුස්සයාට තේරෙන්නේ නැ. ඒ ළමයා කොටුවට ගියපු වෙලාවේ මගේ යාළුවාට කියලා - අනේ අර අසේල කියන්නේ මහා ජරා මිනිහෙක්,වෙන තැනකදී හම්බෙන්න පුලුවන්ද කියල ඇහුව- කියලා. ඒ ළමයා හුරතල් වේවි ඒ මිනිස්සුත් එක්ක කතා කරනවා, තමන් වෙනුවෙන් පෙනී ඉඳලා කොන්ද කෙලින් තියාගෙන වැඩක කරගන්න පුළුවන් විදිහට අම්මලා ලමයව හදලා නැ. අම්මට තේරෙන්නේ නැති එකේ දුවට තේරෙන්නේ නැති එක කියන්න දේකුත් නෙවෙයි.ඒ මනුස්සයාට ඕනේ මොනවා වෙලා හරි ඒ ළමයට ප්ලේස් එකක් තියෙන්න. තමන්ගේ දුවට නරකක් වුනු දවසට අම්මට තේරෙයි!

නදීෂා වගේ ගෑනු නිසා ඩිසයිනින් ෆීල්ඩ් එකේ ගරුත්වයත් නැති වෙලා තියෙන්නේ.වෙන මිනිහෙකුටවත් ගරුත්වයක් තියාගෙන වැඩක් කරන්න බැරි විදිහට උන් එක කාලා.

අපිට වැඩක් කරගන්න මිනිස්සුත් එක්ක යන්න වෙන්නේ නැති එක ගැන සතුටින් , මම අවට සමාජය කොච්චර ආරක්ශාකාරිද කියන හැගීමෙන්, ඒ මිනිස්සු ගැන ලේ කුපිත කරගෙන ගෙදර ආවා. මම ඉන්න සමාජයේ බස් එකක යනකොට අපහසුතාවයක්  වුනොත් ඇරෙන්න ආත්මය පාවාදෙන්න, බ්ලක්මෙල් වෙන්න වෙන්නේ නැ. එක කොච්චර වටිනවද නිදහස්ද කියලා හිතුනා.

දැන් මේකේ ෆයිනල්ස් තිස්වෙනිදා තියනවා. ප්ලේස් එකක් තියෙයිද දන්නේ නැ. තිබුනත් දැන් එකේ වටිනාකමක් නැ. මොකද එතන තියන නිර්දය සමාජය නිසා. ඩිසයිනර්ස්ලාගේ සල්ලි වලින් ෂෝ එකක් තියලා දිසයිනර්ස්ලාට එක බලන්න ටිකට් ගන්න කියනවා. තිස්වෙනිදට යන්නත් මට දැන් අප්‍රසන්නයි. දන්නා කියන කෙනෙක්ටවත් අය නම් ඕකට ඇප්ලයි කරන්න දෙන්නේ නැ.තව  ගොඩක් විස්තර තිබුනත් එකින් එක කියන්න බැ,පොස්ට් එක දිග වැඩි වෙන නිසා.ඔන්න ඕකයි ඉතින් පහුගිය සතියේ වුනේ...



Wednesday, August 29, 2012

වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි - ගාමිණී වියන්ගොඩ veronika decides to die- Paulo Coelho


තාරුණ්‍ය ගත වූ සැනින් දිගටම එන්නේ පල්ලම් බැසීමයි.මහලු විය විසින් ඉතිරි කෙරෙන නොමැකිය හැකි සලකුණු, වැල නොකැඩී එන රෝගාබාධ, මිතුරන්ගේ වියෝව ආදිය සිතට මහා වධයකි.ඉන් පසු, අලුතෙන් අත්කරගත හැකි කිසිවක් තව දුරටත් ජිවත් වීම මගින් නොසැපයේ. ඇත්තේ , තව තවත් විදවීමේ ශක්‍යතාවය ම පමණි.(පි අංක 15)

එතෙත් ජිවිත කාලය තිස්සේ ඇ අනුගමනය කල ක්‍රියාකලාපයට මේ ක්‍රියාව වෙනස් නොවේ.හැම විටකම පහසු තේරීම, අත ළඟ ඇති තේරීම සොයා යාම..(පි අංක 10)

මේ ඒකාකාරී කන්කරච්චලයෙන් තෙහෙට්ටුවට පත්වෙලා දවසක මං තීරණය කරාවි, අම්මගේ හිත සනසන්න ම මිනිහෙක් බැඳගන්න.ඒ මිනිහට එතකොට මං ආදරේ කරන්නත් ඕනේ.අපි දෙන්නා එතකොට මොකද කරන්නේ?/ අනාගතය ගැන එකට එකතු වෙලා හීනයක් මවාගන්න එක.ගම පලාතක ගෙයක්.ලමයි. ඒ ළමයින්ගේ අනාගතේ. මුල් අවුරුද්දේ අපි නිතරම වාගේ කාම සේවනය කරයි.දෙවි අවුරුද්දේ එක ටිකක් අඩු වෙනවා.අවුරුදු තුන වෙනකොට මිනිස්සු කාමේ ගැන හිතන්නේ සමහර විට සති දෙකකට විතර සැරයක්.එහෙම හිතන එකත ක්‍රියාවට නගන්නේ මාසෙකට විතර සැරයක්.ඊටත් හපන්, කතා බහත් දැන් එන්න එන්නම අඩුවෙනවා.මේ තත්වය කොහොමහරි පිළිගන්න හිතහදාගන්න බලනකොට  මට හිතෙයි මාගේ මොකක් හරි වැරද්දක් තියනවා කියලා...(පි අංක 30)

මේ විදිහට මගුල කැඩෙන්න ඔන්න මෙන්න තියන කොට මාගේ බඩට ළමයෙක එනවා.ඉතින් අපිට ළමයි ඉන්නවා.එක නිසා අපි දෙන්නත් ඉස්සරට වැඩිය ලං වෙනවා.හැබැයි මේක වැඩිකල් තියෙන්නේ නැ.අර පරණ තිබුණු තත්වයටම අපි ආපහු යනවා.

"මුළු රාජධානියක් විනාශ කරලා දාන්න හිතපු බලගතු මන්ත්‍ර කාරයෙක්, රටවැසියෝ බොන වතුරට දැම්මා විජ්ජා දියරයක්.මේක බොන කාට වුනත් පිස්සු හැදෙනවා.
පහුවදා උදේ රටේ මිනිස්සු ඔක්කොම මේකෙන් වතුර බීලා පිස්සෝ උනා.රජ්ජුරුවොයි,රජ පවුලේ උදවියයි ඇර.මෙගොල්ලොන්ට තිබුනා වෙනම ලිඳක්.මන්ත්‍රකාරයාට පුළුවන් වුනේ නැ මේ ලිඳට ඇර පිස්සු වතුර දාන්න.දැන් රජ්ජුරුවොන්ට හරි ප්‍රශ්නයක්.රටේ පිස්සෝ පාලනය කරන්න ,රජ්ජුරුවෝ මහජන සෞඛය සහ ආරක්ෂාව පිලිබඳ අණ පාත් මාලාවක් ම පැනෙව්වා. මේවා ක්‍රියාත්මක කරන්න හිටපු පොලිසියත් අර ලිඳෙන් වතුර බිලයි හිටියේ.ඒ නිසා උන්ට මෙනුනේ මේ නියෝග මහා විකාරයක විදිහට.ඉතින් නීති ක්‍රියාත්මක වුනේ නැ.
රටේ මිනිස්සුන්ට මේ අණ පනත් ගැන අහන්න ලැබුනාම මේ මිනිස්සු හිතුවේ කොහොමද?? මේ වගේ නීති දන්නා නැ ඇත්තටම රජ්ජුරුවන්ට පිස්සු වෙන්න ඕනේ කියලයි.ඉතින් මිනිස්සු මහා පෙළපාලියක් ගියා රජ්ජුරුවන්ගේ බලකොටුවට,ගිහිල්ලා ඉල්ලා සිටියා සින්හාසනෙන් බහින්න කියලා.
කරකියාගන්න දෙයක් නැති තැන රජ්ජුරුවෝ බැලුවා සිංහාසනේ අතහරින්න.එත් රජ දේවිය කතා කරලා රජ්ජුරුවන්ට යෝජනා කළා" අපිත් ගිහිල්ලා මහජන ලිඳෙන් වතුර බොමු.එතකොට අපිත් මේ මිනිස්සු වගේම වෙයි." කියලා .එක තමයි ඒගොල්ලෝ අන්තිමට කලේ.රජ්ජුරුවොයි රැජිනයි අර පිස්සු ලිඳෙන් වතුර බීලා පටන් ගත්තා පිස්සු කතා කියන්න.එදා ඉඳං රට සාමෙන් පාලනය වුනා."

එය නම් අමනකමකි.තරුණ වියේ අහිමි ආලයක පැටලී (වෙනත් ඕනෑම තරුණියකට සේ සෙඩ්කා ටද 'නොකෙරෙන මගුල' රස බලන්නට අවශ්‍ය විය.) එහෙත් ඉන්පසු කිසි ආ-ගිය තොරතුරක් නොදන්නා පිරිමියෙකු මත්තේ නහෙන්නට, ඒ ගැන මනෝ භංගත්වයට පත්වීම මොනතරම් අමනාකමක්ද??(පි අංක 63)

'මං හිත පාලනේ කරගන්න ඕනේ.මෙච්චරකල් ගත්ත හැම තිරනේකම බය නැතුව එල්ලිලා හිටපු ගැනියෙක් මං.ඒ වගේම හැම දෙයක්ම විනිවිද දකින්න පුළුවන් ගැනියෙක් මං'(පි අංක 74)

චිත්ත ශක්තියෙන්ද, නොනැමෙන සුළු දැඩි අදිටනින්ද සෙස්සන් තුල තමා පිලිබඳ ගෞරවයක් ඈ ජනිත කළා විය හැක. එහෙත් එයින් ඈ අද නතර වී ඇත්තේ කොතනකද? හිස්කමක. කාලකන්නි තනිකමක. පිස්සන් කොටුවක.මරණයේ දොරකඩ.

'මට තව ටිකක් පිස්සු තිබුනා නම් තමා හොඳ ' ඈට සිතිනි.එහෙත් බොහෝ මිනිසුන් සම්භන්ධයෙන් වන්නා සේ ඈ සම්භාන්ධයෙන්ද ඒ අවබෝධය ආවේ පමා වී ය.(පි අංක 101)

'පිස්සෙක් කරපු විහිළුවකින් ඔයාව හෙල්ලුනා, ඇයි ඔයාට බැරි ඔයාගේ මතයේ ම ඉන්න?? ඒකෙන ඔයාට මොනවද නැති වෙන්නේ??'   'මගේ අභිමානය.මාව නො පිළිගන්න තැනක ඉඳීමෙන් නැති වන මගේ අභිමානය.'(පි අංක 105)

ඇයි  මේ දේ මං මීට ඉස්සර කලේ නැත්තේ?? නිදහස් මනුස්සයෙක් නං,මං කැමති දෙයක් හිතන්න පුළුවන් නං, ඇයි මං හැමවෙලාවෙම තහනම් කියලා යම් යම් දේවල් මගේ හිතෙන කොන් කලේ??(පි අංක 143)

'එතකොට මට පුළුවනි, පල්ලියට ගිහිල්ලා අර රුප දිහා බලන ඉන්න.කිසි දවසක මට ඒවායේ තේරුමක් තිබිලා නැ. දැන් වත් ඒකෙන් මොකක් හරි කියවෙනවද කියලා මට බලන්න ඕනේ.ඇහැට කනට පෙන මිනිහෙක් සමාජ ශාලාවකට මට කතා කලොත්, ඒ මිනිහත් එක්ක ගිහිල්ලා පාන්දර වෙනකල්, පන නැතුව බිම ඇදගෙන වැටෙනකල් ඒ මිනිහත් එක්ක නටන්න මට පුළුවන්.ඊට පස්සේ මං යනවා ඒ මිනිහත් එක්ක ඇඳට.හැබැයි ඒ, ඉස්සර මං මිනිස්සුත් එක්ක ගිය විදිහට නෙවෙයි.මාවම පාලනේ කරගෙන, මට ඇත්තටම දැනෙන්නේ නැති දේවල් පවා බොරුවට පෙන්නගෙන  තමයි මං ඉස්සර ගියේ.දැන් මට එහෙම කරන්න ඕනේ නැ. මට ඕනේ පිරිමියෙකුට මාව පුජා කරන්න.මේ නුවරට, මේ ජීවිතේට මාව පුජා කරන්න.අන්තිමේදී මරණෙට බාරවෙන්න.'(පි අංක 147)

අපි හැමෝම ජිවත් වෙන්නේ අපේ ලෝක වල. ඒ වුනාට අර තරු පිරිවරාගත්ත අහස දිහා බැලුවොත් පෙනෙයි, ඒ කෝටි ගණන වෙනස් ලෝක ඔක්කොම එකතු වෙලායි විශ්වය හැදෙන්නේ කියලා.ඒ එකකට එකක් වෙනස්.එත ඒ හැම එකක් ම එකතු වෙලයි මන්දාකිනි හැදෙන්නේ.(පි අංක 171)

'ඔයාට නැති වෙන්න දෙයක් නැ.හුඟක් මිනිස්සු තමන්ගේ හිත වලට ඉඩ දෙන්නේ නැහැ ආදරේ කරන්න.මොකද, ඒගොල්ලෝ බයයි අවදානම් ගන්න.හුඟාක් දේවල් නැති වෙයි කියලා බයයි.අනාගතේ හුඟාක් දේවල් ගැන.ඇතිතේ හුඟාක් දේවල් ගැන ඒගොල්ලෝ හිතනවා.එත් ඔයාට තියෙන්නේ වර්තමානයක් විතරයි.' (පි අංක 173)

"මං මේ ලෝකෙට ආපු එකම හේතුව අන්න එකයි.ඔයාව පිටමන් වෙච්ච පාරට ඔයාව තල්ලු කරන්න.ඒ නිසා මගේ ජීවිතෙන් වැඩක නැති වුනා කියන හැංගීම මට දෙන්න එපා."(පි අංක 214)


 ~මරණය පිලිබඳ දැනීමක්, වඩාත් සංවේදීව ජිවත් වෙන්නට අපට   අනුබල දෙනු ඇත ~(පි අංක 217)


ප.ලි - ඉහත සඳහන් පොතේ මගේ හිත වඩාත්ම තදින් ඇදගත්, මට වඩාත්ම සමීප, මාව නිර්වචනය වන  වාක්‍ය කිහිපයක් උපුටා දක්වලා තියේන්නේ.සැලකිල්ලෙන් කියව්වොත් ඒවගේ මොනතරන් ඇත්තක් තියෙනවද කියල තේරෙයි.මෑත කාලයේ මං වැඩියෙන්ම කියවලා තියෙන්නේ පවුලෝ කොය්යෝ ගේ පොත්. මං ආසම ලේකකයා පවුලෝ කය්යෝ වෙයි වගේ.එළඹෙන සාහිත්‍ය මාසේ කැමති නං අරන් කියවලා බලන්න.


Thursday, August 9, 2012

නීති රීති..



                  "නංගි, ඔයා මට පොරොන්දු වුනා ඔයා ආය fb එන්නේ නැ කියලා.ඔයාට 
                   රකින්න බැරි පොරොන්දු ආය දෙන්න එපා.මං අවසාන වතාවටයි මේ 
                   කියන්නේ.ඔයා මාගේ හිත ගොඩාක් රිද්දුවා.ඇයි මට මෙහෙම කරන්නේ??"


මේ තියෙන්නේ මාගේ යෙහෙළියකට ලැබුණු කෙටි පණිවිඩයක්.ඇත්තටම ප්‍රේමවන්තියන්ට ෆේස්බුක් තහනම්ද?? ෆේස්බුක්, ප්‍රේමයට තර්ජනයක්ද???  මේක ගැන අදහස් දැනගන්න මම යාළුවො දෙන්නෙක්ට කතා කරලා ඇහුවා.ඒගොල්ලෝ මාගේ කොල්ලා නම් මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක ගැන මොකද කියන්නේ කියලා. එක්කෙනෙක් නං එයා මාගේ කොල්ලා නොවන නිසා උත්තර දීම ප්‍රතික්ෂේප කරා. අනිත් එක්කෙනා නං කිව්වා එයාට ප්‍රශ්නයක් නැ කියලා. හැබැයි වැඩි දුරටත් කිව්වේ කෙනෙක් මට ෆේස්බුක් එක ගැන නීති රීති පනවනවා නං ඒ මට තියන ආදරේට, මාව නැති වෙයි කියන බයට කියලා.

මෙන්න මාගේ අදහස -  දකින දකින කෙනාව එකතු නොකර ගන්න තාක් කල්, ලැබෙන ලැබෙන ඉල්ලීම්
අනුමත නොකරන තාක් කල් සහ තමන්ගේ ප්‍රොෆයිල් එකේ ඉන්න අය ගැන තමන්ට අවබෝධයක් තියන තාක් කල් එක ප්‍රශ්නයක් නොවන බවයි. උදාහරණයක් හැටියට අවුරුදු දහතුනක් එකම ඉස්කෝලේ එකම පන්ති වල ඉඳලත් මුනට කතා නොකරපු යාලුවෙක් නොවුන කෙනෙක්ව එකම ඉස්කෝලේ පලියට  මම ෆේස්බුක් එකේ ඇඩ් කරගන්නේ නැ. අවුරුදු දහතුනක් තිබිලත් ගොඩ නොනගුනු යාලු කමක් ෆේස්බුක් ඒකෙන් ආය ඇතිවෙයි කියලා මම හිතන්නේ නැති නිසා. එහෙම රික්වෙස්ට් එකක් එවලා තියනවා නං මට හිතෙන්නේ මොකක් හරි ඕපාදුපයක් දැනගන්න ඕනේ වෙලා කියලා තමයි.

අනිත් එක ඉන්න යාළුවො උනත් තමන්ගේ පින්තුර දකින්න නුසුදුසුයි කියලා හිතන අය ඉන්නවා නං හංගන්න පුළුවන්නේ. ඉතින් මෙච්චර හොඳට ෆේස්බුක් පාවිච්චි කරන්න පුළුවන් කම තියෙද්දී තමන්ගේ ප්‍රේමවන්තිය අහිමි වෙයි කියලා හෝ වෙන මොකක් හරි හේතුවකට ෆේස්බුක් අතහරින්න කියන එක ඒ මනුස්සයාව අනවශ්‍ය පීඩනයකට ලක්කිරීමක් විදිහටයි මට පෙන්නේ.

පුම්බපු බැලුමක් අතින් තදකරගෙන වතුර යට තියන ඉන්නවා වගේ තමන්ගේ ගැනු ලමයව නීති රීති දාලා කොටු කරගෙන ඉන්න ඒකෙන් වෙන්නේ ඒ අත ලිහිල් උන දවසක බැලුම උඩට එන එක. ඊට වඩා හොඳයි බැලුමට පාවෙන්න දීලා එයා ආරක්ශිතද ඒ ගැන අවබෝධයක් තියනවද කියන එක ගැන සෙවිල්ලෙන් ඉන්න එක. තමනගේ සීමා මායිම් තමන්ම හදාගත්තොත් ඇරෙන්න වෙන කෙනෙකුගේ සීමා මායිම් කොච්චර කරත් වේලාවකදී බිඳෙනවා. එක තේරුම් අරගෙන තමන්ගේ ගැනු ලමයව විස්වාස කරන්න කියලා කියන්න කැමතියි. එයාට අවබෝධයක් නැත්නම් එක ලබාදෙන්න.

කව්රුහරි තමන්ගේ ගැනු ළමයට සිමා මායිම් දාලා හැමෝම එහෙමයි කියලා කියනවා නං එකත් කරන්න එපා. තමුන්ගේ තත්වෙට අනිත් මිනිස්සු ඇදලා ගන්න එපා.මොකද එහෙම නොකරන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා.මේ වෙලාවේ එහෙම කෙනෙක්වත් ගෞරවයෙන් සිහිපත් කරනවා...




Wednesday, August 8, 2012

බැංකොක්....

ඒකමත් එක කාලයක ආසියාවේ නගරයකට බොහොම දිග නමක් තිබුනලු. මේ නමේ දිග නිසාම කොතරම් සුන්දර නගරයක් උනත් සංචාරකයෝ එන්න කැමැත්තක් තිබිලා නැ. පසු කාලයකදී නගරයේ නම කෙටි කල පසු සංචාරක පුරවරයක් බවට පත වුනු නගරයක් ගැනයි මේ කියන්න හදන්නේ.

තායිලන්තයේ ප්‍රධාන නගරය මෙන්ම විශාලම නාගරික ප්‍රදේශය වන මේ නගරය බැංකොක්. බැංකොක් නගරයේ ඉතිහාසය පහළොස්වන සියවසේ Ayutthaya පාලන සමය දක්වා දිවෙන්නක්. නගරයේ පිහිටීම යුධමය අතින් වැදගත් ස්ථානයක පිහිටීම නිසා අතීතයේ සිටම අවධානයට ලක්වූ බැංකොක් Ayutthaya පාලන සමය බිඳවැටීමෙන් පසු බර්මිස් රාජධානියේ (1767 දී ) ටක්ෂින් රජු සිය ප්‍රධාන නගරය ලෙස පිහිටුවාගෙන තිබෙනවා.

බැංකොක් යන පදයේ තේරුම අවිනිශ්චිත වුවත් ගං ඉවුරේ ඇති නගරය "බැන්ග්" ලෙසත් "කෝ" යන පදයේ තේරුම දුපත ලෙසත් එක්වී මේ වචනය හැදුනු බව පිලිගැනෙනවා.තවත් මතයක කියවෙන්නේ "බැන්ග් මොකක්" යන  පදය කෙටි විමෙන් බැංකොක් යන්න නිර්මාණය වූ බවයි. "මොකක්" යනු ඔලිව් වැනි පලතුරකි."වට් අරුන්" නමැති මෙම ප්‍රදේශයේ පවතින පන්සලක පෙර බාවිතා වූ නම "වට් මොකක්" ලෙස පැවතීම මෙම අදහසට රුකුල් දෙනවා.

කෙසේ වෙතත් අයුත්තය වංශකතා වලට අනුව මෙම නගරයේ නිල නම "තොන්බුරි සි මහසමුත්" වේ. පාලි හා සංස්කෘත සාහිත්‍යට අනුව මෙහි තේරුම සමුදුරු අලංකාරයෙන් පොහොසත් නගරය යන්නයි.

අයුත්තය පාලන සමයෙන් පසු "Buddha Yudfa Chulaloke " රජු සම්මානයක් ලෙස ලබාදුන් නමේ කෙටි අනුවාදයක් වන "ක්රුන්ග් තෙප් මහා නකොන්" යන්න අද මෙම නගරයේ තායි නමයි.එහි සම්පුර්ණ නම

Krung Thep Mahanakhon Amon Rattanakosin Mahintharayutthaya Mahadilok Phop Noppharat Ratchathani Burirom Udomratchaniwet Mahasathan Amon Phiman Awatan Sathit Sakkathattiya Witsanukam Prasit (Thai: กรุงเทพมหานคร อมรรัตนโกสินทร์ มหินทรายุทธยา มหาดิลกภพ นพรัตนราชธานีบุรีรมย์ อุดมราชนิเวศน์มหาสถาน อมรพิมานอวตารสถิต สักกะทัตติยะวิษณุกรรมประสิทธิ์)

වේ. මෙය කිසියම් ප්‍රදේශයක් හැඳින්වීමට ඇති දිර්ගතම නම ලෙස ගිනිස් වාර්තා පොතේ සඳහන් වෙනවා.
මෙහි තේරුම සුරන්ගනාවන්ගේ දේශය, මහා නගරය, සදාකාලික මැණික්‌ නගරය, ඉන්ද්‍ර දෙවියාගේ නොබිඳෙන දේශය, සන්තෝෂයේ නගරය, ලෝකයට ඉස්තරම් මැණික්‌ නමයක් ලබාදුන් දේශය වැනි තේරුම් වලින් යුක්තයි.


බැංකොක් පාලන ගොඩනැගිල්ල ඉදිරිපිට බැංකොක් නගරයේ මුළු නම ලියා ඇති අයුරු


ජනාකීර්ණ නගරයක් මධ්‍යයේ පිහිටා ඇති ලුම්බිණි උද්‍යානය

බැංකොක් නගරය ගැන තවත් බොහෝ දේවල් ලිවීමට ඇතත් ලිපිය දිග වැඩි නිසා මෙතනින් නවත්තනවා.බැංකොක් ප්‍රසිද්ධ නගරයක් වුනත් එහි නමේ ඉතිහාසය ප්‍රසිද්ධ නැති නිසයි නම ගැන ලියවුනේ..



Friday, June 29, 2012

"X"

                                       Sending mails
                                                            to gain my sympathy
                                               Walking snails
                                                            would caught to his filthy
                                               Pretending fails
                                                            cause I have telepathy
                                               Breezing gales 
                                                            would show his stealthy




                                              It's not flirting
                                                            you call "Love"
                                              I'm so believing
                                                            It's fast wow!!
                                              Whatever you calling
                                                           don't care now
                                              I'm so smiling
                                                           you mad cow




                                            I saw your face
                                                            removed your mask
                                             I'm glad in any case
                                                            I passed my task
                                            I tied my lace
                                                            you live with that cask
                                            I need my space
                                                            why?? don't ask


                                                 by Malya Cruise




Wednesday, June 20, 2012

ඉතාකාව


සැලසුම් කරන විට ඔබ ඉතාකාවට යන ගමන
පතන්න දිගු මාවත්
වික්‍රමයන් ගෙන පිරි
දැනුමෙන් සපිරි
ලෙස්ට්‍රොගොනියානුවන්ට
එකැස් යෝධයා සයික්ලොප්ස් ට
සමුදුරු අදිපති පොසේයිද්රෝන් ට
බිය නොවන්න
හමු නොවේවි කිසිදා ,
ඔබ සිතිවිල්ලෙන් උසස් නම්
කදිම හැගීමෙන් ඔබේ ආත්මය වෙලාගෙන නම්
ලෙස්ට්‍රොගොනියානුවන්, සයික්ලොප්ස්, පොසේයිද්රෝන් 
හමුනොවේවි ඔබට කිසිදා,
ඔබේ ආත්මය තුල ඔවුන් රැගෙන නොයන්නේ නම්
ඔබේ හදවත ඔවුන් බලාපොරොත්තු නොවන්නේ නම්


පතන්න දිගු මාවත්
ගිම්හාන උදෑසනයෙන් සපිරි,
සොම්නසින් ප්‍රීතියෙන්
එළඹෙවී
පළමු වර දකින විට තොටුපොළ,
නවතින්න ෆිනිශියන් කඩමණ්ඩිය අසල
මිලදී ගන්න මුතු, කොරල් ,කළුවර ලී
නොයෙක සලෙලු විලවුන්
හැකි තරම්,
සැරිසරන්න පුරාන ඊජිප්ප්තු පුර පුරා
හදාරන්න සහ හදාරන්න විද්වතුන්ගෙන්


නමුත්
අමතක නොකරන්න ඉතාකාව කිසිවිටක
ලඟාවීම ඉතාකාවට අභිප්‍රායයි ඔබේ අවසන
ඉවසන්න, නැත කිසිම තදියමක්
කාලය ගතවිය යුතුය
නිමා කරන්න ඔබගේ ගමන

නැංගුරම් ලන්න ඉතාකාව අසල 
ඔබ මහලු විට
පොහොසත්ව එකතු කල දෙයින් 
මගදිගට
බලාපොරොත්තු නොවන්න 
ඉතාකාව ඔබට පිරිනමයි යැයි
පොහොසත් බව

කිමද 
අමතකද ඉතාකාව පිරි නැමූ බව
මේ සුන්දර චාරිකාව
නොවන්නට ඇය ඔබ නොයේවි 
මේ මාවත්වල
ඇයට තවත් ඉතිරි නැත යමක්
ඔබ වෙනුවෙන්...

ඉතින් ඔබට දිළිඳු යැයි හැගුනොත් ඉතාකාව, ඇය  ඔබ මුලා කර නොමැත. විදුර බව ඔබ ලැබූ, පරිචය ලඟා කරගත් ඔබ අවබෝධ විය යුතුයි, ඉතිකාවේ තේරුම, අභිප්‍රාය....



Constantine Cavafy (1863-1933)
Translated by meeeeeeeeeeeeeeeee (Malya Cruise)




ඉතාකාව - ග්‍රීසිය අසල ලෝනියන් මුහුදේ ඇති සුන්දර දිවයිනක්

ලෙස්ට්‍රොගොනියානුවන් - ග්‍රීක මිත්‍යා කතාවල එන දැවැන්ත මිනිමස් කන ගෝත්‍රයක්.ඔඩිසි එයාගේ නිවාස බලා ඉතාකාවට එන ගමනේදී ලෙස්ට්‍රොගොනියානුවන් මුණගැසෙනවා.ඔවුන් ඔඩිසිගේ මිනිසුන් විශාල ප්‍රමාණයක් ගොදුරු කරගන්නවා.ඔඩිසිගේ නැව් දොළහෙන් එකොළහක් ඔවුන් ගොදුරු කරගන්න අතර ගල්කුලක් අසල සැඟවී තිබෙන එක නැවක් සහ එම නැවේ සිටිය අය බේරෙනවා.



සයික්ලොප්ස්- ග්‍රීක මිත්ය කතාවලත් පසුව රෝම මිතාකතාවලත් එන මුලාකෘතික ජාතියක්.ඔවුන්ගේ නළල මැද ඇසක්‌ තියනවා.ආවේගාත්මක කොට්ටාශයක් ලෙස හැඳින්වෙනවා.


 පොසේයිද්රෝන් - ග්‍රීක මිත්යාකතාවල ඔලිම්පියානුවන් දොළොස්දෙනාගෙන් කෙනෙකි.මුහුදට අධිපති දෙවියා ලෙස සැලකේ.අර්ත් ෂෙකර් කියලත් හදුන්වනවා.භුමිකම්පා සිදුකරන්නේ මොහු නිසා.






Tuesday, June 19, 2012

කියවලා තියනවද??


මුළු ජිවිත කාලය පුරාවටම තමන් සමගම තිබුන ජිවත් වුනු දෙයක් අප නොදැන සිටිය බව  අපට හදිස්සියේ දැනගන්න ලැබුනොත් මොනවා වේවිද??  එහෙම දෙයක් අපේ බුද්ධි සීමාවට ලං වෙනකොට හරියටම ජනේලයකින් උදැසන හිරු කිරණ ගෙතුටල වැටෙනවා වගේ... තමන් තුල වුනු ආලෝකයක් අලුතෙන් පෙනෙන්න ගන්නවා.මේ හැගීම දැනිලා නැත්තන් පාවුලෝ කොය්යෝ (පොලෝ කොය්යෝ / Paulo Coelho) නමැති විශිෂ්ට ලේඛකයාගේ පොතක් කියවලා බලන්න. ඇත්තටම එහෙම දැනෙනවා.


පුරාවිද්‍යාඥයෙක් කරන කැණීමක් වගේ.ස්ථරයෙන් ස්තරය ඉවත් වන විට ලැබෙන දෙයින් තමන්ම විශ්මයට පත් වෙනවා.


කියවන්න කැමති අයට ...


The Alchemist - අල්කෙමිස්ට් කියන්නේ ඕනෑම මුලද්‍රව්‍යක් රත්රන් බවට පත කල හැකි පුද්ගලයාටයි.



මිනිහෙක් තමන්ගේ අරමුණු කරා, කොහෙත්ම සිදුවිය නොහැකි දෙයක් සේ පෙනෙන දෙයක් පසුපස  බාධක මැද ඉවසීමෙන් අවසාන අරමුණම හිත තබාගෙන යන ගමනක කතාවක්. සැන්ටියාගෝ නමැති පිරිමි ළමයා සෙමිනරිවරයෙකු වන තම පියාගේ අඩිපාරෙන් මිදී ගොපල්ලෙකු බවට පරිවර්තනය වී තම ජීව්තයේ කතාව සොයාගෙන යනවා. ඔහු දකින සිහිනයක් පෙරටු කොටගෙන ගමන කරන ඔහු අවසානයේ තම ජිවිතයේ අරුත වටහා ගන්නවා.


මෙහි පිටපත් මිලියන 65 ක් පමණ විකිණිලා තියනවා. රචකයා ජීවත්ව සිටියදී ලෝකයේ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වී ඇති පොතත් මෙයයි.

 අමාරු ඉංග්‍රීසි නෙවෙයි තියෙන්නේ. පිටුවක් කියව්වාම අනිත් පිටුව කියවන්න හිතෙන නිසා කොහොම හරි කියවන්න හිතෙනවා. 




Eleven minitues - ජිවිතයේ සියලු වින්දනීය තෘප්තිය මිනිත්තු එකොළහකින් කෙළවරද??? මාරියා නමැති බ්‍රසීලියානු ගැමි තරුණියක් තම ආලය සොයා යන ගමනේදී ස්විස්ටර්ලන්තේ ජිනීවා නුවර නතරවෙනවා.කොපකබානා නම් සමාජ ශාලාවේදී තම සිරුර විකුණමින් ජිවිතයේ නොදුටු ඉම් කරා ගමන්ගන්නා ඇය එහිදී ලැබෙන අද්දැකීම් වලින් විස්මයට පත්වන අයුරු, ලිංගික ආශ්වාදය පුජනීය වන අයුරු මෙහි විස්තර වෙනවා. 


පොත කිව්වම දැනෙන හැගීම වචන වලින් විස්තර කරන්න බැ . එකට කියවලාම බලන්න වෙනවා. මේ පොත් සිංහලට පරිවර්තනය වෙලා තියනවා. රුවිනි තල්පාවිත මහත්මිය පරිවර්තනය කර ඇති මේ පොත කියවලා බලන්න.




The Zahir - zahir කියන්නේ අරාබි භාෂාවෙන් පැහැදිලි කියන අදහස. එක දවසක් උදේ රචකයා දැනගන්නවා ඔහුගේ බිරිඳ අතුරුදහන් වී ඇති බව. පැහැර ගෙන ගොස්ද නැති නම් විවාහ ජීවිතය එපාවී හැර ගොස්ද යන්න නොදන්නා ඔහු ඇය සොයා යන ගමනේදී තමාවම හමුවන ආකාරය පොතේ පැහැදිලි වෙනවා. දකුණු ඇමරිකාව, සපාඥය, ප්‍රංශය පුරා ඇය සොයන ඔහු මධ්‍යම ආසියාවේදී ආදරයේ අලුත් පැතිකඩක් විවර කරගන්නවා.


he asks still more delicately if she suspected that i was having an affair with her friend.i tell him that it was the first - and last- time that her friend and i had slept together.it was not an affair; it came about simply because we had nothing else to do.it had been a bit dull day, neither of us had any pressing engagements after luch,and the game of seduction always adds a little zest to life,which is why we ended up in bed together.~ The Zahir by Paulo Coelho 




කියවලා බලන්න.ඉතුරු පොත් ගැන ලියන්න මට කම්මැලියි.කොහොම වුනත් 1947 දී උපන් බ්‍රසිලියානු ජාතික රචකයා මිනිසාගේ හෙළි නොවුණු පැති සොයා විවරණය කරන අග්‍රගන්‍ය ලේඛකයෙක්!!







Sunday, June 17, 2012

අමරණීයත්වය


වීර්  සාරා ලංකාවේ ප්‍රසිද්ධ වූ ඉන්දියානු චිත්‍රපටයක්.2004 වර්ෂයේදී තිරගත වුනු මේ චිත්‍රපටයේ විශේෂත්වය තමා 1975 වර්ෂයේදී ලෝකෙන් සමුගත්ත සංගීතඥයෙක් වූ මදන් මෝහන් මහතාගේ තනු වලට සැකසුනු ගීත ඇතුලත් වීම.ඒ කියන්නේ චිත්‍රපටයේ සංගීතය සකස් කර තියෙන්නේ චිත්‍රපටය නිෂ්පාදනය වීමට අවුරුදු 30 කටත් කලින්. නව සංගීතය මුසු කර තියෙන්නේ ඔහුගේ පුත් සංජීව් කෝලි.



1924 ජුනි 25 වන දින බෑග්දෑගයේ උපත ලද ඔහු 1950,1960,1970 දශක තුනක් පුරාවට සංගීත අධ්‍යක්ෂණයේ දී තිබෙනවා. ඔහුගේ ඇවෑමෙන් අවුරුදු විසිනමයකට පසු ජාවෙඩ් අක්තාර් ගේ ගී පද වලට ලතා මන්ගේෂ්කර්, උදිත් නාරායන්,සෝනු නිගම්,රූප් කුමාර් රතොඩ් ඇතුළු නමදෙනෙක් ඔහුගේ ගී තනු වලට ගී ගයනවා.

 පුද්ගලයෙක් ලෝකෙන් සමු අරන් අවුරුදු 30 කට පස්සෙත් ඔහුගේ තනු වලට ගීත නිර්මාණය වීම එම පුද්ගල‍ගේ අමරණීයත්වය ප්‍රකට කරන සාධකයක් වගේ.

පරණ ගී තනු වලට නව ජීවයක් ලැබුණු හැටි අහන්න කැමති නං පහල තියන වීඩියෝව අහන්න.මේකේ පරණ තනුවයි අලුත් තනුවයි දෙකම තියනවා.











Sunday, April 1, 2012

පර්වතය, හුළඟ සහ මම

හුළඟ ගහගෙන යන්න තරම්..මගේ අත අතරුනොත් අයම මට මේලෝකේ දකින්න වෙන්නේ නැ.අනේ මගේ අත අතරුනොත් ... එල්ලිලා ඉන්න මහා පර්වතයෙන් මාව පල්ලෙහාට වැටෙනවා.ඇඳගෙන ඉන්න කමිසේ කොයි වෙලේ ගැලවිලා ගහගෙන යයිද දන්නේ නැ. මහ දවල් කට්ට අව්වේ මේ පර්වතෙන් පල්ලෙහාට මං කොහොම වැටුනද කියල අදහසක් නැ.දැන් තියන ලොකුම උවමනාව මේකෙන් උඩට එන එක.පෙන තෙක් මානෙක මිනිස් පුළුටක් නැ..අනේ...අනේ....මාව බේරගන්න...මේ හුළඟට මාව පල්ලෙහාට වැටෙයි....අය්යෝ...

අයෙත්...අයෙත්   ඇහරුන තිගැස්සිලා...හුස්ම වැටෙන්නෙත් නැ..ඇඟ පුරාම දාඩිය.පහුගිය අවුරුදු දෙක පුරාවටම මේ හීනේ දැක්කේ කීවෙනි පාරද කියලා කියන්න දන්නේ නැ. ඇද ළඟ තියන පහන දල්වලා වතුර වීදුරුව බීගෙන බීගෙන ගියේ මොකද්ද මේකේ තේරුම කියල හිතාගන්න බැරුව.

ගණන් හදලා හදලා හෙම්බත් වෙලා රැ දෙකත් පහුවෙලා නිදාගන්නකොට.ඒ ටිකෙත් නිදා ගන්න නැති හැටි හැබෑටම.හෙට සෙනසුරාදා , උදේම ගණන් ක්ලාස්, ෆිසික්ස් වලට මොනවා කරන්නද මන්දා.. තාම ටියුෂන් එකකට හරි යන සර් කෙනෙක් හම්බුනේ නැ.විභාගෙට තව මාස කීයද??

කාලකන්නි සද්දෙන් රුං රුං කියාගෙන ආපු මදුරුවා වෙනුවට මටම කන රත්වෙන්න එකක් දීගෙන අනිත් පැත්තට හැරුනා අයම ටිකක් නිදාගන්න.




මාල්යා .. 

හ්ම්ම්...

තාපය ගණන් ටික හැදුවද???

ඔව් ලාල් සර් ට පින් සිද්ධ වෙන්න ගණන් ටික හැදුවා. එත මට හිතාගන්න බැ ටියුෂන් එකක් නැතුව ෆිසික්ස් වලට මොනවා කරන්නද කියලා...

අතුලගේ ක්ලාස් ඒක හරි යන්නේ නැද්ද??

ඔයා දන්නවනේ ..අතුල සර් කන්සෙප්ට් ඒක උගන්නන්නේ නැනේ..

ගාන හදන්න නිකන් උගන්නනවා.කටපාඩම් කරගෙන ගිහින් හදන්න වෙන්නේ..ඒක හරි යන්නේ නැ..


හ්ම්ම්..අනේ මන්දා..එත් ක්ලාස් එකක් බලන්න කෝකටත්..

හ්ම්ම්..




පර්වතය, මම, හුළඟ ආයමත්..... මොන මගුල් හීනයක්ද මන්දා...එක්කෝ මේ කෙහෙල්මලෙන් පහලට වැටෙන්න ඕනේ..නැත්තන් නිදාගන්න ටිකේ මට නිදාගන්න දෙන්න ඕනේ..හිත ගැස්සෙනවා හැමදාම..ලබන සතියේ විභාගේ...


හුළඟ...මාව කොයි වෙලේ හරි වැටෙනවා..දැන් නම් මට බෑ මේකේ එල්ලිලා ඉන්න.මාව හෙම්බත් වෙලා..අව්වට හැම පිච්චෙනවා..අය්යෝ....මම අතාරිනවා..අතාරිනවා...අනේ....

අනේ..කලු කලිසමක්, සුදු ෂර්ට් එකක්,  ලාල් සර්...

බොහොම අමාරුවෙන් ලාල් සර්ගේ අතේ එල්ලිලා උඩට ආවා.අම්මෝ...ඇති යන්නතන්..

ලාල් සර් ...වචනයක්වත් නොකියා මාව උඩට ඇදලා අරගෙන යන්න ගියා මුකුත්ම නොකියම...



ප.ලි - මම උසස් පෙළ කරන අවුරුදු දෙක පුරාවට මේ හීනේ දැක්කා..හැමදාම මගින් නවතිනවා.ඒ මට ඇහැරෙන හින්දා.එත් විභාගෙට ටික දවසක් තියලා අන්තිම දවසේ ලාල් සර් ඇවිල්ලා මට උදව් කරනවා දැක්කට පස්සේ තාම මේ හීනෙ දැකලා නැ. මම උසස්පෙළ ෆිසික්ස් වලට C එකක් ගත්තේ ඉස්කෝලේ උගන්නපු ලාල් රණසිංහ සර් නිසා.වෙන කිසිම ටියුෂන් එකක් තිබුනේ නැ ෆිසික්ස් වලට..ලාල් සර් ඔබට බොහොම පින්. මේ ලිපිය ඔබට උපහාරයක්‌ වේවා!! සුවදායක වගේම නිරෝගී  විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරනවා.